Friday, December 16, 2011

මතු භවය Next birth

මතු භවයට විශ්වාසයෙන් යුතුව මුහුන දෙමුද?

ඔබ නිතොර ඹබගේ අනාගත භවය ගැන සැකයෙන් පසුවන්නේද? නමුත් ඔබ නිවැරදිව බොදු මගෙන් පෝෂනය ලබයි නම් ඹබට එසේ සැකයෙන් සිටිය යුතු නොවේ. 
සැරියුත් මහ රහතන් වහන්සේ අනේපිඩු සිටුතුමන් හට අවසන් වරට දේශනා කල බණවර අනුව සලකන කල්හි 
නිතොර ඔබ තමාකරන කියන ලද යහපත් දේ සිහිපත් කරමින් සතුටින් කල් හරීනම් එම යහත් කල්පනා අවසන් මොහොතේද තමා තුල මතුවීම නිසා තමන් නොවැරදීම සුගති ගාමී වනු ඇත.
තමා නිරතුරුවම මතු භවය නැවන මිනිස් ලොවැම ඉපිද ලෝවැඩ පිණිස කටයුතු කරමි යන දැඩි අධිෂ්ඨානයකින් ම සිටී නම් එයද ඉටුකරගත හැකි වනු ඇත.
නිතොර යහපතෙහිම සිත පිහිටුවන්න.

තෙරුවන් සරණයි!



Would you believe in your next birth(Mathu Bawaya)   

If you think or believe in your next birth, you have to be sure about that you will not be going to bad place or devil.   There will be few facts for you to learn in connection with this regards. 
 First of all change yourself in the way you are thinking and acting. Try hard to get yourself thinking and doing without sin. In this way you will not be suffer or let yourself down for  never.
You would be happy for ever.
Do right always and be happy always.


Triple Gem Bless You. 

Saturday, November 26, 2011

Are you a real fellower of Load Buddha ඔබ ගෞතම බුදු පියාණන් වහන්සේගේ නියම අනුගාමිකයෙක්ද?

As to the best of my knowledge a real fellower of Load Buddha should often
 think of helping others but not thinking of himself or selfish. We have much more responsibilities or sacrifices to fulfill before we come to the Nibbhana(Enlightenment) That was what our Bodhiasathwa started and carried out from Deepankara  Load Buddha and till become the Load Gauthama Buddha. 
Be a real Buddhist and become a right fellower of Load Buddha. Always help others and scarifies what ever you could till you obtain Nibbhana(Enlightenment).
May the sacred Tooth Relic bless you! 


තිලොවග බුදුපියාණන් වහණ්සේ සියළු සත්වයන් වෙත පතල මහා කරුණාවෙන් අපමණවූ මේ සසර දුක් උසුලමින් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරකට අධික කාලයක් අපමණ දුක්ගැහැට විඳි සේක.
පොඩ්ඩක් සිතන්න, ඔබ අන්අය වෙනුවෙන් දිනකට මොහොක් වත් ගතකරනවාද? වෙහෙසෙනවාද? එසේනම් අපේ බොදුනුකමේ අරුත කුමක්ද?
බොදුනුවෙක් යනු හුදෙක් තමන් පමණක්ම නිවනට යන මග හෙළිකරගැනීම උදෙසාම  වෙහෙසවන කෙනෙක් නොවිය යුතුයි.
අප මහ බෝසතාන්වහන්සේ දීපංකර බුදුහිමි හමුවෙහි රහත් පදවි ලැබ නිවනට සැපමිනිමට තරම් වාසනා ලැබ තිබියදීම ‍අප්‍රමාණවූ ලෝසතවෙත පතලාවූ මහා කරුණාව නිසාවෙන්ම ලොවුතුරා බුදුපදවි ලබමියි විවරණ ලත් සේක.
ඒ මහා බොසතුන් අනුව යන බොදුනුවෙක් නම් ඔබත් ලොවැසි සියල්ලන් වෙත කෙසේ වෙතත් හැකිපමණ අන්අය හ‍ට කරුණාවෙන් සැලකීමට සිතාගත යුතු නොවේද? එසේනම් ඔබත් මමත් අදසිටම හැකි හැමවිටකම අන් අයට පිහිටවීම අපගේ යුතුකම මෙන්ම බොදුනුවෙකුගේ වගකීම‍ ලෙසද සලකා කටයුතු කරමු.
 ඔබට දළදා සමිඳු පිහිටයි.




Friday, September 16, 2011

Are you really happy? ඔබ ඇත්තෙන්ම සතුටින්ද?

ජීවිතය විඳිමුද? විඳවමුද?



If  I ask you this question you would often say "Oh no". Because it is the real truth. I would like to propose you some important facts to keep you happy for ever.

  • FORGET YOUR PAST. 
  • DON'T WORRY ABOUT YOUR FUTURE
  • DO NOT SPOIL YOUR PRESENT IN ANY PRESSURE OF OUT SIDE.   
  • DO PRACTICE A SIMPLE LIFE
  • BE HAPPY WITH WHAT YOU HAVE AT PRESENT
  • DO NOT EXPECT MORE WHAT YOU COULD  HARDLY GET 
  • SIMPLE LIFE IS THE HAPPIEST LIFE .

මෙය අද බොහෝ දෙනා බොහෝ තැන්හි කථාවෙන ප්‍රබල කථා බහකි. අප කවරෙකු වුවත් ජීවිය විඳීමට කැමැති වන නමුත් විඳවීමට කැමැත්තෝ නොවෙමු.

ජීවිතය සැබැවින්ම විඳිය හැකි සරල ක්‍රම වේදයක් මා බොදුසිසිල තුලින් හඳුනා ගතිමි. එය ඔබටද ජීවිතය සැබැවින්ම විඳීම සඳහා උපයෝගී කරගත හැකිවනු ඇති බවට මම විශ්වාස කරමි.

  • අතීත සිදුවීම් සියල්ල අමතක කරන්න.
  • අනාගතය ගැන අපමන ප්‍රාර්ථනා හෝ බලාපොරොත්තු ඇතිකර නොගන්න.
  • මොනම බාහිර බලපෑමක් නිසා හෝ තමාගේ වර්ථමානය අමිහිරි කර නොගන්න.
  • අද මේ මොහොත සතුටින් ගත කරන්න.
  • සතුට ඔබ වෙතින් පලවා හැරීමට මොනම බලවේගයකටවත් ඉඩ නොදෙන්න.
  • ලැබෙන තරමින් හා ලද දෙයින් සතුටු වන්න.
  • ලෙහෙසියෙන් පහසුවෙන් ලබාගතහැකි දෙය සඳහා වෙහෙසෙන්න.
  • අල්පේක්ෂතාවය ජීවිතයට හුරුකර ගන්න.
  • දැහැමි බව අගයන්න.
  • ප්‍රතිපත්ති ගරුක ජීවිතයකට පුරුදු වන්න.
  • එවිට ඔබ ජීවිතය සතුටින් විඳිනු ඇති.
  •  
  • සතුටු වන්න.
සතුටු වන්න.
සතුටු වන්න.

Sunday, July 10, 2011

අන්තරාය නිවාරන පිරිත

මෙම මහ බල ඇති ගාතා රත්නය ශ්‍රි ලංකාව ප්‍රධාන කොට බුදු දහම පවතින සියලුම දෙශයන්හි භාවිතයට ගැනෙන්නේකි. ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍රවු මෙම ගාතා රත්නය භාවිත කිරිමෙන් සතුරෝ දමනය වෙති ඇස්වහ කටවහ දුරුවෙයි. නිරෝගි බාවය හා මානසික ප්‍රිතිය උදා වෙයි.


අන්තරාය නිවාරන පිරිතේ සිංහල අනුවාදය

බුදුරජානන් වහන්සේගේ ජිවිතයට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂනයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පස යන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙම සතර අද්බුත ධර්මයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙ සත්‍යක් ක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුවේවා.
සියලු ලොවැසියන්ට ශාන්තිය උදාවෙවා


බුද්ධානං ජිවිතස්‍ස - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං චබ්බන්න රං සී නං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං ද්වත් තිංස මාහා පුරිසලක්කනානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං - නසක්කා කේනචි අන්තරායෝ කාතුං
ඉමෙසං චතුන්නං අජ්ජරියානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
එතෙන සච්ච වච්චෙන අන්තරායෝ අසේනසතෝ - මාරාදයෝ විනස්සංතු ජය සිද්දි බවංතු මේ

Thursday, June 23, 2011

Would you mind yourself? සිත හඳුනා ගනිමු.


We always think of our future and of our family, would you ever think about yourself really?



  •  I means not about your body, but of cause  about your mind. 
  • A person really means, not once body of wasting day by day and going to an end soon, but once mind for ever lasting.
  •  So if you really think of yourself concentrate on your mind how it works and how do you act after accordingly. 
  • Get your mind to work for the betterment of others as well as yours.
  • You have to practice a lot for doing this. Spend a little time early morning soon after wake up. A few minutes before you go to bed. 
  • That's how you would be a worth person as well as a right person.
  • Be a great person on the earth.
  • Wish you success. 
        Blowing out of the fires of desire,

anger and delusion,
and the state of perfect peace that follows.
The end of rebirth.
A key Buddhist term.
 ඉවතලමු.
ජීවිතය දවාලන අසීමිත බලාපොරොත්තු නම් ගිනිදැල්
තරහව,ක්‍රෝධය, වෛරය නම් ලෝදිය.
සත්‍ය වසාලන මෝහය, මුලාව සහ මායාව.
දුටුවාද ඔබ ඔබේ සිත ඔබ දැන් සිටින්නේ කොහිද? මම අහන්නෙ ඔබේ ශරීරය තිබෙන්නෙ කොහිද කියා නොවෙයි. ඔබ ඉන්නෙ කොහිද කියලයි. ඉතිං පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔබ බුද්ධිමත් විය යුතුය කියා මම කියන්නෙ නෑ. ඒ සඳහා ඔබ හොඳ සිහියෙන් යුතුව සිටීමයි අවශ්‍ය වන්නේ.
එහෙම හොඳ සිහියෙන් තමාගෙ සිත දෙස බලන විට තමයි පෙනෙන්න පටන්ගන්නෙ තමා ඉන්නෙ කොහෙද කියල. දැන් පෙනෙනවනේද, තමා ඉන්න තැන ගැන හිතාගන්නත් අමාරු බව. මොහොතින් මොහොත විදුලියටත් වඩා වේගයෙන් ඒ මේ අත දුවන ඔය දඩබ්බර සිතම තමා නියම ඔබ. නොඑසේව ඔය මොහොතින් මොහොත දිරාපත්වන ශරීරය නම් නොවෙයි ඔබ. ශරීරය කියන්නෙ වසර කීපයකට පමණක් ඔබව රඳවාගෙන ඉන්න තාවකාලික නවාතැනක් කියල තමයි හදුන්වන්න වෙන්නෙ.
දැන් බලන්න ඔබ වඩාත් වෙහෙසෙන්නෙ කුමක් සඳහාද කියා. ඒ ඔබවෙනුවෙන්ද, නැතිනම් ඔය දිරායන ශරීරය ගැනද කියල. වඩාත් රසවත් හා පෝෂ්‍යදායී ආහාර පාන, සුඛොපබෝගී යාන වාහන, මහා මන්දිර, මේ සියල්ල සොයන්න ඔබ අපමන වෙහෙස වෙන්නෙ නිවරදි අව‍බෝධය ඔබට නැති නිසාවෙන් ඇයි මම එහෙම කියන්නෙ? මේ කිසිවකින් ඔබට නිර්මල සතුට ලැබිය නොහැකි නිසා. ඔබ අපමණ වෙහෙසක් දරමින් හරි හම්බකරන ඔය සියලු වස්තු සම්බාරය ඔබට තවතවත් දුක් කරදර ඇතිකරනවා මිස කිසිම සතුටක් ස්තිරව ඔබට අත්කර නොදෙන බව මම ඔබට පවසන්නේ ඉතාමත් විස්වාසයෙන් හා අවධානයෙනුයි.
එසේනම් අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ කුමක් සඳහාද? ඒ තමාව හොඳින් තේරුම් ගැනීම සඳහායි. එසේනම් ඒ සඳහා ඔබ කලයුත්තේ කුමක්ද? වඩාත් හොඳින් ඔබේ සිතේ ස්වභාවය හා එහි ක්‍රියා කාරීත්වය තේරුම් ගැනීමයි. ඒ සඳහා ඔබට අඩුතරමින් දිනකට විනාඩි කීපයක් හෝ ගතකල හැකානම් ඒ සුලු කාලය  තමා ඔබ ඔබේ ජීවිත කාලය තුලම ඔබවෙනුවෙන් ගතකල කාලය වනුයේ.එසේ නම් ඔබ දැන් ඒ සඳහා සූදානම් නේද? එවිටයි ඔබට ජීවිතයට වඩාත් විශ්වාසයෙන් යුතුව මුහුන දිය හැකි වන්නේ. වෙහෙස නොබලා උකටලී නොවී තමා ගැන විමසිලිමත් වන්න. එයින් ඔබට ජීවිතයේ නියම අරුත වටහාගත හැකිවනු ඇති.
ඔබට ජය.




Saturday, May 14, 2011

Parth to Nibbhana නිවනට මග

D. M. Pradeep K Jayathissa said...

Blowing out of the fires of desire,
anger and delusion,
and the state of perfect peace that follows.
The end of rebirth.
A key Buddhist term.
 ඉවතලමු.
ජීවිතය දවාලන අසීමිත බලාපොරොත්තු නම් ගිනිදැල්
තරහව,ක්‍රෝධය, වෛරය නම් ලෝදිය.
සත්‍ය වසාලන මෝහය, මුලාව සහ මායාව.
එවිට.
පෙනේවි ඔබට සැනසුම ගෙනෙන සත්‍යතාව හා
ගිනිදැල් නිවාලන අමර නිවන.
එයය් බොදුමග බොදුසිසිල.

Be a worth person + දැහැමි වෙමු

Be a truthful
Be honest
Be loyalty
Never insult or do bad to others
Always helps others
Give advice when ever some one need
Help miners to get rid of bad
Never get rid of some one who really need help
Don't cheat anyone to get even millions worth things
Recognize the weakness and keep them away
Do what ever better for others and as well as for you 

දිවිමග වැඩුම උදෙසා මගේ අදහස් (බලාපොරොත්තු වෙමි ඔබෙනුත්)

මම හැම විටම සත්‍ය ගරුක වෙමි,
අවංක වෙමි,
නීති ගරුක වෙමි.

කිසිදින කිසිවෙකුට හිංසාවක්, නපුරක්, අකටයුත්තක් නොකරමි.
හැකි හැමවිටෙකම අන් අයට හැකි පමණින් උපකාර කරමි.
මගේ දැනුම හා අත්දැකීම් තුලින් අන් අයට අනුශාසනා කරමි.
මට වඩා බාලයින් විපතින් මුදවා ගැනීම මගේ වගකීම ලෙස සලකමි.
මා උගත් සියල්ල අන් අයට ද නොවලහා උගැන්වීම අගය කරමි.
කෙනෙක් විපතකට හෝ කරදරයකට පත්‍ව සිටින අවස්ථාවකදී මග හැර නොයමි.
‍වංචාවෙන් හෝ කපටිකමින් අනුන් රවටා අනුන් සතුදේ තමුන් සතුකර ගැනීම පිළිකුල් කරමි.
මා අතින් සිදුවන දුර්වල කම් මගහරවා ගැනීමට හැමවිටම වෙහෙසෙමි.
මටත් අන් අයටත් යහපත් වන ක්‍රියාවක්ම කිරීමට කැපවෙමි.

Friday, April 1, 2011

'සැරියුත් මහ තෙරුණු බණ = Have good rebirth


Would you just think about what you do for your next birth?
As  human beings we always think to fulfill our desire in one way or another.
 We must think that not only human but also every being do the same. 
 As wise beings on the earth we must be different from other beings. 
 We must not act in bad manner to fulfill our desire, in connection with seen of beauty, tasty, listening sweetly, smelling strongly, feeling thoroughly, 
These are always take us to bad path. 
These practices will put us in sin and lead us to hell. 
Often this way the beings do in their lives. 
But all these are for a moment only, not for ever never.
We must change it in the right way and wise way.
 So we could have better future as well a better birth in our next. 
Would you be one of it?     

සැරියුත් මහ රහතන් වහන්සේ අණේපිඩු සිටාණන් හට අවසන් වරට දේශනා කරනලද බණවරපසිඳුරන් මුල්කරගෙන මෙලොව උපන් සත්වයා අනේක විද අකුසල් රැස් කරගන්නා බවත් එයින් අත් මිදීම සඳහා ඉඳුරන්ගේ අනිත්‍ය ස්වභාවය හොඳින් තේරුම් ගැනීම තුලින් හැකි බවත් සැරියුත් හාමුදුරුවෝ අණේපිඩු සිටාණන් හට දේශනා කලහ.ඔබේ ඇස ගැන සිතන්න. එය ඔබේ ශරීරය සමගම අභාවයට යන මසින් සැදි අවයවයකි. ඉදින් අනිත්‍ය වූ ඒ ඇසින් දකින කිසිවක් නිත්‍ය ලෙස සැලකිය හැකිද? නැත. ඇස අනිත්‍ය වා සේම ඇසින් දකින රූප ආදි සියල්ලද අනිත්‍ය ස්වභාව කොට පවතින්නේය. එසේ අනිත්‍ය වු දෑ මුල්කරගෙන නොයෙක් අකාරයේ අකුසල් සිත් ඇතිකරගැනීම කෙතරම් අනුවණ කමක් වන්නේද? මෙසේ නුවණින් දකින ප්‍රඥාවන්තයා රූපාදී අරමුණු නිසා කිසිවිටෙකත් අකුසල් වඩා වර්ධනය කර නොගනී. (සිත නොසංසුං කර නොගනී)

එසේම හෙතෙම සවනේන්ද්‍රිය මුල්කරගෙන තමන්ට ඇසෙන නොයෙක් මිහිරි හෝ අමිහිරි ශබ්ද තම සිත නොසංසුංකරන හා අකුසලයට යොමු කරන තත්වයට පත්කර නොගනී. අයෙක් තමනට බැන අඬ ගැසූ කල්හි වුව ප්‍රශංසා කල කල්හි වුව සිත එකසේ තැන්පත්ව තබාගනී.

නාසයට දැනෙන ගඳ සුවඳ සම්බන්ධවද හෙතෙම තම සිත නොසංසුංකර නොගනී. අතිශය මිහිරි සුවඳකට සිත ඇදී නොයනවා සේම ඉතා අමිහිරි දුර්ගන්ධයකින් වුව සිතට වදයක් ඇතිකර නොගනී.

දිවට දැනෙන රස නීරස සම්බන්දවද ප්‍රඥාවන්තයා කටයුතු කරන්නේ එලෙසමය. මොනම ආකාරයේ මිහිරි රසයකට වුව හෙතෙම ගිජු බවක් නොදක්වයි. කටුක තිත්ත රසයකට වුව සිත වදයට පත්කර නොගනී.

අනිත්‍ය වු මෙ ශරීරයට දැනෙන ස්පර්ශයද එසේම සදාකාලික මිහිරි වු හෝ කටුක වුවක් නොවන බව නුවණින් අවබෝධකර ගන්නා හෙතෙම පස් කමි සැපයෙහි නොඇලී සිත සංසුංකර ගැනීමෙන් උතුම් නිර්වාණාවබොධය ලබාගනී.

මේ අකාරයෙන් නිවරැදි අවබෝදය සිත තුල වර්ධනය කරගනිමින් බවුන් වැඩීම විදශුන් වැඩීම හෙවත් ප්‍රඥාව වර්ධනය කරගැනීම පිණිස හේතුවනු ඇත

Saturday, February 26, 2011

අෂ්ඨාර්ය පුද්ගල සග ගුන

ආර්ය මහා සංඝ ගුන හැඳින ගනිමු.

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
උජුපටි පන්නො භගවතෝ සාවක සං‍ඝෝ
ඤාය පටිපන්නො භගවතෝ සාවක සංඝෝ
සාමිචි පටිපන්නෝ භග‍වතෝ සාවක සංඝෝ
යදිදං චත්තාරි පුරිස යුගානි - අට්ට පුරිස පුග්ගලා එස භග‍වතො සාවක සංඝෝ
ආහුනෙයියො පාහු නෙයියෝ - දක්ඛිනෙයියො අංජලි කර නියෝ - අනුත්තරං පුංඤඤක්කෙත්තං ලොකස්සාති.

සංඝං ජීවිත යාවනිබ්බානං සරණං ගච්ඡාමි.
යෙච සංඝා අතීතාච යෙච සංඝා අනාගතා
පච්චුප්පංනාචයේ සංඝා - අහං වංදාමි සබ්බදා
නත්තිමෙ සරණං අංඤං - සංඝොමෙ සරණං වරං
‍එතෙන සච්ච වජ්‍ජේන - හොතුමෙ ජයමංගලං
උත්තමං ගෙන වංදේහං - සංඝංච ත්‍රිවිදෝත්තමං
සංඝොයො කලිතො දොසො - සංඝො කමතුතං මමං.

සෙවක්කාතෝ දහම් ගුන හැඳින ගනිමු

සදහම් ගුන හැදින ගනිමු.

ස්වක්කාතෝ භගවතා ධම්මෝ
සංදිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ
ඔප‍නෛකෝ පච්ඡත්තං වෙදි තබ්බෝ විංඤඤූ හේති.

ධම්මං ජිවිත යාවනිබ්බානං සරණං ගච්ඡාමි.
යෙච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා
පච්චුප්පංනාචයේ ධම්මා අහං වන්දාමි සබ්බදා
නත්තිමෙ සරණං අංඤං ධම්මො මෙ සරණං වරං
එතෙන සච්ච වජ්ජේන හොතුමෙ ජයමංගලං
උත්තමං ගෙන වන්දේහං දම්මංච ත්‍රිවිධං වරං
ධම්මොයො කලිතො දොසො ධම්මො කමතුතං මමං

නව අරහාදී බුදුගුන හැඳින ගනිමු

බුදුපියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ගුන නවයකින් යුතුවූ සේක.

ඉතිපි සො භගවා - අරහං - සම්මා සම්බුද්ධෝ
ව්ජ්ජාචරන සම්‍පන්නො - සුගතෝ - ලෝකවිදූ
අනුත්තරෝ - පුරිස ධම්ම සාරථී
සත්තා දෙව මනුස්සානං බුද්ධෝ භගවාති.

නව අරහාදී බුදු ගුණ

අරහං - නිකෙලෙස් බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ යන අකුසල් මුල් සිඳ දැමූ හෙයින් ද රහසින්වත් පව් නොකරන හෙයින් ද දෙවි මිනිසුන් සියල්ලන්ගෙ පූජාවට සුදුසුවන හෙයින්ද අරහං නම් වන සේක.

සම්මා සම්බුද්ධෝ - කිසිවකුගේ උපදේශයකින් තොරවම පරම සත්‍යය අවබෝධකොට ගත් හෙයින් ද ඒ අවබෝධකරගත් ධර්මය මනාකොට දේශනා කරන ලද හෙයින් ද සම්මා සම්බුද්ධ වන සේක.


විජ්ජා චරන සම්පන්න - පුබ්බේ නිවාසානුස්සති
චුතූපපාත
ආසවක්ෂය
පරචිත්ත විජානන
දිබ්බ චක්කු
දිබ්බ සොත
ඉනද්‍රිය පරෝපරියත්ත
ඉද්ධිවිද
යන මෙ අෂ්ඨ විද්ධ්‍යා ‍වන්ගෙන් සමන්විත හෙයින් ද චරන හෙවත් ශිලයෙහි පිහිටා සිටි බැවින්ද විජ්ජා වරන සම්පන්න ව‍න සේක.

සුගත -ආර්ය අෂ්ඨාංගික මාර්ග දහම අවබෝධ කොටගත් හෙයින් සුගත නම් වන සේක.

ලෝකවිදූ - බඹ දෙව් මනිස් ප්‍රේත අපා ආදී කොට ඇති සියලු ලෝකයන් මැනවින් දත් හෙයින් ද ඒ සියලු ලෝකයන්ගෙන් ම්දුන හෙයින් ද ලෝකවිදූ නම් වන සේක.

අනුත්තර පුරිසධම්ම සාරථි - අනුශාසනා ආදේශනා සහ ඉර්ධිප්‍රාතිහාර්ය යන ත්‍රිවිධ ආකාරයෙන් සියලු ආකාරයේ පුද්ගලයින් දමනය කිරීමට සමත්වන හෙයින් පුරිසධම්ම සාරථී නම් වනසේක.

සත්තා දේව මනුස්සානං

බුද්ධෝ
- චතුරාර්්‍ය සත්‍ය ධර්මය අවබෝධකොට දේශනා කරන ලද හෙයින් බුද්ධෝ වන සේක.

භගවා - සියලු ගුණ දරාසිටින බැවින් භගවා නමි වන සේක.

ඒ තිලොවග බුදු පියාණන් වහන්සේ නිවනින් සැනසෙන තුරා මම සරණ කොට ගනිමි.
බුද්ධං ජීවිත යාව නිබ්බානං සරණං ගච්ඡාමි.
යෙච බුද්ධා අතීතාච - යෙච බුද්ධා අනාගතා
පච්චුප්පංනාචයේ බුද්ධා - අහං වංදාමි සබ්බදා
නත්තිමෙ සරණං අංඤං - බුද්ධෝමෙ සරණං වරං
එතෙන සච්ඡවජ්ජේන - හොතුමෙ ජය මංගලං
උත්තමං ගෙන වංදෙහං - පාදපං සුවරුත්තමං
බුද්දොයො කලිතො දොසො - බුද්ධො කමතුතං මමං.

Thursday, February 24, 2011

ගාථා තේරුම් ගනිමු

දැන අවබෝධයෙන් බුදුන් වඳිමු

වන්දනා ගාථා බොහෝවිට කට පාඩමින් කියන‍වා මිස ගාථාවේ තේරුම දැනගෙන හෝ අවබෝධයෙන් කියවන බවක් නොපෙනේ. මෙය විශාල අඩුවක් ලෙස දැනුන බැවින් ඒ සඳහා ‍විශේෂ ලිපි පෙලක් සකස් කිරීම මැනවැයි සිතුනි.

බුදුපියානණ් වහන්සේට නමස්කාර කරමු.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ///
ඒ භාග්‍යවත් වූ අරහත් වූ අංගීරස අමාමෑණී බුදුපියානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමස්කාර කරමි.///

බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමි. ඒමග යමි.
ධම්මං සරණං ගච්ඡාමි. මම දහම් මග අනුගමනය කරමි. ඒ උතුම් දහම අනුව දිවිමග සකස්කර ගනිමි.
සංඝං සරණං ගච්ඡාමි. මම ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරමි.
දුතියම්පි/ තතියම්පි දෙවනුවද තෙවනුවද මම ඒ ප්‍රතිඥාව දෙමි.

පාණාති පාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. පණ ඇති සත්වයකු නැසීම මම වින්දනයක් කර නොගනිමි.
අදින්නා දානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. අන්සතු වස්තුවක් හිමිකරගැනීම මම වින්දනයක් කර නොගනිමි.
කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. කම්සැප අයුතුලෙස වින්දනය නොකරමි.
මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. බොරුවෙන් අන් අය රැවටීම වින්දනයක් කර නොගනිමි.
සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. මදයට හා පමාවට හේතුවන සුරාවෙන් වලකිමි.

ඒ තිසරණ සහිත පංච ශීලය මම සමාදම්වෙමි.

Tuesday, January 11, 2011

නිවන් මග අහුරන ප්‍රධාන හේතු 5

නීවරන ධර්

කාමයට ඇති අධික කැමැත්ත (කාමච්ඡන්දය)
වෛරී චේතනා අධික බව (ව්‍යාපාදය)
කුසලයට අකමැතිබව (ථීනමිද්ධ)
නිතොර කනස්සල්ලෙන් පසුවීම (උද්දච්චකුක්කුච්ඡ)
ධර්මය පිළිබද‍ව ඇති සැකය (විචිකිච්ඡාව)
නිවන බොදුනුවාගේ ඒකායන අරමුන බව ප්‍රත්‍යක්ෂයය. එසේනම් මේ නිවන අහුරන ධර්මතාවයන් පිළිබදව නිවැරදි අවබෝධයක් නිවන් මගට පිවිසීම අරමුණුකරගත් බොදුනුවා වටහාගෙන තිබීම ඉතා වැදගත් වේ. නිවන සිත ප්‍රධාන කොට පවත්නා ධර්මතාවයකි. එසේම නිවන අහුරන නීවරන ධර්මයන් ද සිත මුල්කරගෙනම පවතී. එබැවින් සිතතුල ජනිත වන්නා වූ මෙකී නිවරන ධර්මයන් හොදින් හදුනාගත් කල්හි එයින් දුරුවී නිවනට මග සකසා ගැනුම පහසුවනවා ඇත.
මුලින්ම සිතේ ඇතිවන්නාවූ කාමච්ඡන්දය හදුනාගත යුතුයි. සිතේ නිරන්තරයෙන් ඇතිවන කාමරාගී සිතුවිලි ශුභ වශයෙන්ම ග්‍රහනයකරගැනීම මෙනයින් හැදින්විය හැක. මෙසේ කාමය ශුභවශයෙන් ගැනීමෙදි එවන් සිතුවිලි වර්ධනය වෙමින් තව තවත් කම්සැපයෙහිම ඇලීම සිදුවේ. කාමයට ඇලුනු සිත තමාව සසරටම ඇද බැඳ තබයි.
ඉන් මිදී නිවන අත්කරගැනීමට කැමති හෙතෙම කාමය ශුභ වශයෙන් ගැනීමෙන් වලකී. එහි ඇති නිස්සාරබව හා අනිත්‍යබව මෙනෙහි කර එහි නොඇලේ. එකල්හි නූපන් කාමච්ඡන්දය නූපදින්නේය. උපන් කාමච්ඡන්දය ප්‍රහින වන්නේය.
ව්‍යාපාදය හෙවත් වෛරය ඉතා දරුණු විපාක ගෙනදෙන සසර‍ අතොරක් නැති දුකට හෙලන අතිශය විපත්ති දායක සිතුවිල්ලකි. වෛරයෙන් වෙලුන සිත ඇති තැනැත්තා අන් අයටත් තමන්ටත් සිදුකරගන්නේ නපුරක්මවේ. හෙතෙම ශාරීරිකව හා මානසිකව දුරුවල තත්වයකට පත්වන අතර මෙලොව පරලොව දෙකෙහිම අප්‍රමාණ දුකකට පත්වේ. වෛරී සිතුවිලි වලින් මිදී සිත ගත සුවපත්කරගැනීම සදහා මෙත්සිත පුරුදුකරීම අත්‍යවශ්‍යවේ. එසේ මෙත් සිත වඩනකල්හි ශාරීරිකව හා මානසිකව ලබන සුවය දෙලොව වැඩ පිණිසම හේතුවේ. එකල්හි නූපන් ව්‍යාපාදය නූපදින්නේය. උපන් ව්‍යාපාදය දුරුවන්නේය. සිත නිවන මග පහසු වන්නේය.
ථිනමිද්ධ, යමෙක් කුසල් දහම් හි නොකැමැතිවේ නම් හෝ කුසලට සිත යොමු නොකරත්නම් ඔහුගේ ප්‍රඥාව නොවැඩේ. හෙතෙම පස්කම් සැපයෙහිම ගිජුව සසර ගමන දිගුකර ගනී. එසේම තමන් දුකටම පත්ව දිගුකලක් සසර දුක්විඳී. එබැවින් සසර දුක නැතිකර නිවන ලබනු කැමැත්තේ හැමවිටම කුසලට සිත යොමුකර කුසල් දහම් වඩමින් ප්‍රඥාව වර්ධනය ගනී. එවිට කුසලට ඇති නොකැමැති බව දුරුවී උපන් කුසල් වර්ධනය ‍වන අතර නූපන් කුසල් උපදවාගනී. කුසලට යොමුවීම පුථම ආරම්භක වීර්ය ලෙසද අකුසලයෙන් වෙන්වීම නෙක්ඛම්ම ධාතු ලෙසද ගැනේ.
උද්දච්ච කුක්කුච්ඡ, කුසල් දහම් වැඩීමට සිත සංසුංකර ගැනීමට අපොහොසත්වීම නිව‍න දුරස්වන තවත් සාධකයකි. එහෙයින් කුසල් වැඩීම සඳහා සිතේ ඇතිකරගන්නා සංසුංබව ඔබව නිවනට වඩාත් ලංකරනු ඇති.
බොහෝ කාර්ය බහුලබව හා අවිවේකීබව ඔබේ සිත වෙහෙසට පත් කරන අතර නොසංසුන් බව ඇතිකරයි. එවිට සිත නිවන මග ඔබෙන් බොහෝ ඈතට දිවයයි. සිත සංසුන් කරන මග භාවනාව හෙවත් සිහිය මනාව පවත්වා ගැනීමයි. ඒ සඳහා ඔබ තුල ඒ පිළිබඳ විස්වාශය අතිශය වැදගත්වන අතර ඒ සඳහා වීර්ය වැඩිය යුතුයි. නිවරැදිව වඩන ලද සිත තමාව නිවනට යොමුකරනු ඇත.
විචිකිච්ඡාව හෙවත් සැකය නිවන අහුරන අනෙක් භයානකම සතුරායි. බුද්ධ,ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි හා බුද්ධාදී අටතැන්හි ඇතිකර ගන්නා සැකය නිසා සිත නිවීම සඳහා යොමුකරන මගට යොමුනොවන හෙතෙම සසර බැඳීම් වලින් ඈත්වීමක් පිළිබඳව නොසිතයි. කම් සැපයෙහිම ඇලී ගැලී දිවි ගෙවයි. බොහෝ පාපයන් සිදුකරගන්නා අතරම අතොරක් නොපෙනෙන සසර මගට පත්‍ව දුකින් දුකටම පත්වෙයි. බුද්ධ,ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ නොමද විස්වාශයෙන් හා ශ්‍රද්ධාවෙන් යුක්තව දහමෙහි යෙදෙන සිහිය මනාව පවත්වාගැනීම තුලින් ප්‍රඥාව වඩන නුවණැති පුද්ගලයා නොමද වීර්යයෙන් කටයුතු කොට උතුම් වූ නිවනට පැමිණේ.
මෙසේ පංච නීවරන හොඳින් හඳුනාගෙන නිවන අහුරන එකී බැමි බිඳදා අද අදම නිවන් මගට පැමණීමට උත්සාහ කරමු.