Tuesday, October 9, 2012

තරහට ආශාව හා මුලාව හඳුනා ගත්තාද ඔබ ඉහතකී තරහව,ආශාව හා මුලාව වැති සසර හි ඔබ දුකට හා විපතට පත්කරන සිතුවිලි ඇතිවන්නේ හො උපදින්නෙ කොතනද? කොහේද? කියා. ඒ වෙන කොහේවත් නො‍ව ඔබගේ සිතේම ගැඹුරුම ස්ථානයකින්මයි.ඉතින් මේ තරහව,ආශාව හෝ මුලාව නිසා ඒ ඇතිවු අවස්‍ථාවේ සිටම ඔබ අසහනයට,පීඩනයට හො අපහසුතාවයට පත්වනවා මිස ඔබට සිදුවන යහපතක් නම් නොවන්නේය. එසේනම් මෙ තරහව ඇතිවූ මොහොතේම එය හඳුනා ගතතේනම් හා සිතේ එයට වෙන්වු ඉඩ ‍වහාම ඉවත් කර ගැනීමට සමත් වන්නේ නම් තරහව නිසා ඔබ පත්විය හැකි අපහසුතාවයෙන් ඔබට මිදිමට පුලුවන.එවිට තරහව නිසා ඔබට දැවීමක් නොවන්නේය. ආශාවද එසේම ඒ අවස්ථාවේම හඳුනා ගත්තේනම් හා එයින් විය හැකි විපත හා අනර්ථය වටහාගත්තේ නම් එවිටද ඔබට ලැබිය හැක්කේ සැනසීමක්මය. මොහය ඔබ සසර බැඳ තබන රැහැනක් බඳුය. හැමවිට ඔබව විපතටම පත්කරන්නේමය. එබැව්න් මුලා නොවන්න. යථාර්තය හෙවත් සත්‍ය වටහා ගන්න. සත්‍යාවබෝධය තුලින් සසර දුකින අතමිදිමට වෙර දරන්න.