Thursday, May 8, 2014

ඔබ සැබැවින්ම බෞද්ධ යෙක්ද?

ඔබ බෞද්ධයෙක් නම්?
ඔබ බෝධිසත්වයෙක් වියයුතුමය.
බොධිසත්ව වරු නම් තිදෙනෙකි.
මහා බෝධි සත්ව (ලොව්තුරා බුදු පදවි පතන උත්තමයින්)
පච්ඡෙක බොධි සත්ව (පසේ බුදු පදවි පතන අය)
ශ්‍රාවක බොධි සත්ව (මහ රහත් පදවි පතන අය)
එසේනම් ඔබත් බෞද්ධ නම් මින් එක් පදවියක් පතන අයකු විය යුතුමය.
නොඑසේනම් ඔබේ බොදුනු කමින් ඇති ඵලය කිම?
බොදුනුවකුලෙස ඔබේ මුක්ඛ්‍ය පරමාර්ථය වියයුත්තෙ නිවනටපැමිණිමයි
නිවනට පැමිණිය හැකි නොවරදින මග සොවාන් මගට පැමිණීමයි.
බොදුනුවකු ලෙස ඔබ එමගට පැමිණිය යතුමයි.
එසේනම් ඔබ නිවරැදි කරගතයුතු කරුණු 3 ඔබ සතුව ඇත.
1 සක්ඛාය දිට්ඨිය හෙවත් මමය මාගේය යන දැඩිබැඳීමෙන් ඔබ මිදිය          යතුය.
2 විචිකිච්ඡාව හෙවත් තෙරුවන් කෙරෙහි ඇති අවිශ්වාසය සහමුලින්ම        දුරු විය යුතුය.
3 ශිල වෘත පිළිබඳ තද විශ්වාසයෙන් මිදිය යුතුය.
මෙය වෙයි බොදුනුවකුගේ ඒකායන මග.
ඔබ දැන් එමගෙහි සිටිත්ද?
එමගට දැන්ම පිවිසෙන්න.
අති ඝොරම්බිර මෙ සසර මගින් මිදෙන්න.