Wednesday, May 27, 2015

හඳුනා ගනිමුද ඔබ කවුද කියා

හඳුනා ගනිමුද ඔබ කවුද කියා

දැක්කද ඔබ ඔබව හොදින්

ඔබ උත්සාහ කලාද ඔබව හදුනා ගන්න. කොහොමද හදුනා ගත්තද හොදින්? සමහරවිට ඔබ බොහෝ දෙනෙකුට චරිත සහතික නිකුත්කල අයෙක් විය හැක. ඔබට ඔබ දෙනු ලබන්නේ කුමන විදිහේ චරිත සහතිකයක්ද? පොඩ්ඩක් ඉන්න. විමසිලිමත්ව බලන්න ඔබ කුමන චරිතයක්ද කියා. මේ සදහා මම ඔබට මිණුම් දඩු තුනක් හදුන්වා දෙන්නෙමි.
රාග චරිත, ද්වේෂ චරිත හා මෝහ චරිත ඒ මිණුම් දඩු තුන වේ. හැකිද ඔබට දැන් මැනබලන්න ඔබව කුමන චරිතයක්ද කියා. කලබලවන්න එපා. බොහොම හෙමින්, සීරුවෙන්, සිහිනුවණින් මේ පිලිබදව සොයා බලන්න. එවිට ඔබට හැකිවෙයි ඔබතුල ඇති දුර්වල චරිත ලක්ෂණ හදුනාගෙන ඒවා අවම කරගනිමින් යහපත් ච්රිත ලක්ෂණ වර්ධනය කරගනිමින් ජීවිතයේ යථාර්තය අවබෝධ කරගැනීමට.
ඔබ රාග චරිතයක් නම් ඒ දුර්වලකම් මගහරවා ගැනීමට ඔබ කලයුත්තේ ශරිරය පිලිබද අනිත්‍ය ස්වභාවය හා අසුබය හොදින් මෙනෙහි කිරීමත් අවබෝධකර ගැනීමත්ය. පුරුෂයා නිතරම ස්ත්‍රියවෙතත් ස්ත්‍රිය නිතොරම පුරුෂයා වෙතත් ආකර්ෂණයවීම ප්‍රථග්ජන ස්වභාවයයි. නමුත් ශීලයෙන්දැමුනු කල්හි සමාධිගතවු සිතින් ප්‍රඥාවන්ත ලෙස ඇතිකරගත් දැක්ම (නිවැරදි දැක්ම) ඉහතකී බැමි මුදාලීම උදෙසා තමාට සරණවනු ඇත. එබැවින් ප්‍රථමකොට ශීලය ජීවිතයට ලංකරගන්න. දිවි දෙවැනිතොට ශිලය ආරක්ෂාකරන්න. අධික රාගී තත්වයෙන් අත්මිදීමට එයින් ඔබට පිහිටක් ලැබෙනු ඇති. එයින් ඔබට ලැබෙන අපමණ සිසිල අත්විදින්න. ඔබ රාගගින්නෙන් දැවී විනාශ නොවනු ඇත. අතිශය සුන්දර ජීවිතයකට ඔබ උරුමකමි කියනු ඇත.
ඔබ දෙව්ෂ සහගත චරිතයක් නම් නිතොර ඔබේ සිත තුල තරහ සිතුවිලි ඔබව අපහසුවට පත්කරත් නම් ඔබ කලයුත්තේ මෛත්‍රිය නිතොර වැඩීමයි. ප්‍රථමයෙන් තමන්ට මෛත්‍රි වඩන්න. තමන් අපහසුවට දුකට පත් කරන කාරනාවලින් අත්මිදෙන්න. දෙවනුව ලෝවැසි සයලු සත්වයන්හට මෙත්සිත පතුරුවන්න. ද්වේෂ සහිත සිතුවිලිවලින් මදී ඔබ සුවපත් වනු ඇත. එයින් ඔබ මානසිකව හා කායිකව නිරෝගි සක්තිමත් පුද්ගලයෙක් වනු ඇත.
ඔබ මොහ චරිතයක් නම් ධ්ර්මාවබෝධය වර්ධනයකරගැනීමට වැඩිපුර වෙහෙසෙන්න. යාග හෝම යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් සදහා ඔ‍බගේ කාලය ධනය නාස්තිකර නොගෙන උතුම් බුද්ධ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න. සදහම් මගට පිවිසෙන්න. බුද්ධ රත්නය,ධම්ම රත්නය,සංඝ රත්නය ඉතසිතින් සරණ කරගන්න.
මෝහාන්ධකාරය දුරුවී ඔබ සුවපත්වනු ඇත. ප්‍රඥාලොකයෙන් ඔබ බැබලෙනු ඇත.
රාග ද්වෙෂ මෝහ ඔබෙන් දුරුවූකල්හි ඔබ සත්‍යවශයෙන්ම දහමින් සිසිල ලත් උතුම් මිණිසෙක්වනු ඇති. ඔබට තෙරුවන් සරණයි.

Buddhism in brief


Get to start with Buddhism

Sunday, May 24, 2015

| Buddhism In English

Meditation



A very important Damma Deshana about MEDITATION


Wednesday, May 13, 2015

Maha Rahathun Wadi Maga Osse - Demawpiyan Wenuwen Daruwanta

k

දෙමාපියන් දරුවන් විෂයෙහි කටයුතු කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වියයුත්තේ  තමා කරන හා කියනදේ නිසා දරුවා තුල වෛරයක් හෝ තරහවක් ඇති නොවන්නට වගබලා ගැනීමටය.