Wednesday, November 9, 2016

05 - විශ්වාසවන්තයෝ සැමදා ජයගන්නෝය - Ven. Thiththagalle Anandasiri Thero

මේ අති  උතුම් නිර්වාන  දහම අසා උතුම්  නිවන දැක ගන්න.


Thursday, October 27, 2016

niwaradi budu dahama hadunaganimu

කවුරුන් විශ්වාස කළත්, කවුරුන් විශ්වාස නොකලත්, කවුරුන් පිළිගත්තත්, කවුරුන් පිළි නොගත්තත්, බුද්ධ ධර්මය ලෝකයාගේ භාවිතයේ පැවතුනත්, භාවිතයේ නොපැවතුනත් උතුම් බුද්ධ දේශනාවෙන් පෙන්වා වදාළ පරම සත්‍යයන්, ධර්මතාවයන්, නියාම ධර්මයන් ජීවත් වන හැම සත්වයෙකුටම, හැම ප්‍රාණියෙකුටම, හැම මොහොතක් පාසාම නියත වශයෙන්ම ප්‍රතිවිපාක උරුම කර දෙන්නා වූත් සදාතනික වූත් නියත ධර්මතාවයන්ය. තමන් විසින් කරන ලද හොඳ හෝ නරක හෝ දේ ඊට අනුරූපවම ඒ මොහොතේ පටන්ම තමන් කරාම ආපසු ප්‍රතිවිපාක ලෙසින් උරුම වන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු දෙයක් නොවේ. මුළු මහත් මිනිස් වර්ගයාටම පොදුවේ දේශණා කර පෙන්වා වදාළ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමෙන් තොරව නම්, මේ පරම සත්‍යයන් තෙරුම් ගත නොහැකිය.
බුද්ධ ධර්මය දේශණා කර බුදු පියාණන් ලෝකයාට පෙන්වා වදාළ විමුක්ති මාර්ගය ඉතාම සරළ, පැහැදිලි ප්‍රතිපත්ති මාර්ගයකි. සෘද්ධි ප්‍රාතිහාරයයන් මවා පා, මැජික් සංදර්ශණ පවත්වා මිනිසුන්ව මුළා කරමින් මිනිසුන්ගේ සිතේ ලෞකික බලාපොරොත්තු උත්පාදයන කරවමින්, බුද්ධ ධර්ම මාර්ගයට මිනිසුන් හරවා ගැනීමේ හෝ බඳවා ගැනීමේ ක්‍රමයක් බුදු පියාණන් කිසිවිටෙකත් අනුගමනය කළේ නැත. බොහෝ ආගම්වල නම්, මේවැනි ළාමක දේ ක්‍රියාත්මක කරනු බව අදටත් දැකගත හැකිය.
බුදු පියාණන්වහන්සේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශණා කර වදාළේ සදාකාලිකව සැප සම්පත් විඳින දෙවියන්, බ්‍රහ්මයන් සමූහයක් බිහි කරන්නට හෝ ධනවත්, බලවත්, නැණවත්, මිනිසුන් සහිත ලෝකයක් ඇති කරන්නට හෝ නොවේ. දුක් විඳින දිළිදන්ට සැප සම්පත් ලබා ගන්නට මඟ පෙන්වා ඔවුන් සනසාලන්නටද නොවේ. මේ උතුම් ධර්මය එවන් මතු ලබන සැප සම්පත් ගැන බලාපොරොත්තු ඇති කරවා රාගයෙන්, මෝහයෙන් මිනිසුන් මුළා කරවන්නට දේශණා කල එකක් නොව, මිනිසත් බව ලැබූ මේ ආතමයේදීම ලබාගත හැකි, ලබා ගතයුතු විමුක්තිය, නිදහස නිවන ලබා දීමට මග පෙන්වීම සඳහාම ඉදිරිපත් කල ධර්මයකි. ලෞකික සැප සම්පත් යනු බිලී කොක්කක ඇමුණූ ඇමක්, මිරිඟුවක් මිස නියත වශයෙන් ඇති දෙයක් නොවන බව පෙන්වා දුන් දහමකි.
මිනිසෙකු ලෙස උපත ලත් මේ ආත්මභවයේදීත් පින්කම් පමනක්ම කරමින්, මතු සැප සම්පත් පතමින්, යැදුම් යදිමින් කාලය අපතේ යෑවීම තව කල්ප කාලාන්තරයක් සංසාර දුකම උරුම වීමට පමනක් හේතු වේ. සියලුම ආගම්වල උත්සහය හොද, නිවැරදි යහපත් මිනිසුන් සමුහයක් සාමජයට බිහි කිරීමයි. අප එය අගය කල යුතුය. පරම පවිත්‍ර බුද්ධ ධර්මය ලෝකයාට ඉදිරිපත් කලේ අනන්ත දුක් කන්දරාවක් විදිමින් පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරයේ අතරමං වී, මංමුලා වී ගමන් කරන පෘතක්ජන ලෝකයාට සදහටම දුකින් මිදෙන්නට නිවැරදි මග පෙන්වා දෙනු සදහාය.

Monday, September 26, 2016

niwaradi budu bana - භාවනාව

බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ භාවනාව-භාවනා කිරීමේ ඒකායන පරමාර්ථය-

කෙළෙස්වලින් පිරුණු සිතක් සහිත අශ‍්‍රතවත් පෘථග්ජනයෙක් ලෙසින් සංසාරයි කියා ලෝකයෙන් තවත් යමක් අල්ලා උපාදානය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ම ඉන්ද්‍රියයන් පිනවා යම් ආස්වාදයක් විඳවීමේ කැමැත්තෙන් ම මෙතෙක් ලෝකයට බද්ධ වී ක‍්‍රියා කළ පුද්ගලයෙකුට මේ සංසාර පැවැත්මේ යථා ස්වභාවය එනම් අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව යථා පරිදි දැන ගත හැකි වන්නේ බුද්ධ කල්පයක් තුළදීම පමණි. භද්‍ර කල්පය යනු සසරට බැඳී, සංසාර ගමනට තව තවත් බැඳෙන්නටම ක‍්‍රියා කරන කාලයයි. බුද්ධ කල්පය යනු සසර බැමි සිඳ දමා, සසර දුකෙන් මිදී නිදහස් විය හැකි කාල පරාසයයි. මේ අනුව භද්‍ර කල්පය හා බුද්ධ කල්පය ද වෙන් කොට දැන හඳුනා තේරුම් ගත යුතුයි.
මේ අතීත භද්‍ර කල්පය තුළ අනන්ත අප‍්‍රමාණ වාරයක් අනරිය ධ්‍යානයන් ලබා, අභිඥා ලබාගෙන, ඉර්ධි ප‍්‍රතිහාර්යයන් පාමින් දෙව් මිනිස් තලයන්හි මෙන් ම බ‍්‍රහ්්ම ලෝකවල ද, චක‍්‍රවර්ති රජුන් ලෙස ද, ලෝකය තුලම ඔබ අප සැම දෙනා ම අතරමං වන්නට ඇත. සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්‍ෂාව ම සම්පූර්ණ කරගෙන අනිච්ච, දුක්ඛ, අනත්ථ යථා පරිදි අවබෝධ කරගෙන නිච්ච, සුඛ, අත්ථ සංඥා සිතින් ම ඉවත් කර දමා, පංචකාම නීවරණ ධර්මයන්ම සිතින් ප‍්‍රහාණය කර දමා, රාගක්ඛ්‍යය කිරීම, ද්වේෂක්ඛ්‍යය කිරීම, මෝහක්ඛ්‍යය කිරීම බුද්ධ කල්පයක දීම පමණක් කරගත හැකි දෙයකි. මේ අනුව බුද්ධ කල්පයක් වු මේ වර්තමාන කාල පරාසයේදීත් අනරිය ධ්‍යානයන් ලබා ගන්නට ම භාවනාවන්හි යෙදීම, බුද්ධ දේශණාවෙහි නම් කොතැනකවත් පෙන්වා දුන් නිර්දේශකර වදාළ ප‍්‍රතිපදාවක් නොවේ. එසේ ධ්‍යානයන් ලබාගෙනම මඟඵල ලැබිය යුතුයැයි ප‍්‍රකාශ කරන්නට උත්සාහ දැරීම ද වැරදි ක‍්‍රියාවකි.
සිතක මතුවන, සිතක් කිළිටි කරවන, රාග, ද්වේෂ ආදී පංචකාම නීවරණ ධර්මයන් කෙළෙස් ගති තාවකාලිකව සිතින්ම යටපත් කර, සිත සමථයට පත්කර ගැනීම සමථ භාවනාවකින් ද කර ගත හැකිය. කල්ප කාලාන්තරයක පටන් අනන්ත සංසාරයේ දිගින් දිගටම මුල්බැස ගෙන, දිගටම පවත්වා ගෙන ආ ආසව, අනුසය ධර්මයන් කෙළෙස් ගති සහමුළින්ම උදුරා දමා, නැවත නොඋපදින ලෙසින්ම කෙළෙස් අස්කර දැමීමට, කෙළෙස් මුල් සිඳ දැමීමට ක‍්‍රියා කිරීම කළ හැකි වන්නේ බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ විපස්සනා අනුපස්සනා භාවනාවන් ප‍්‍රායෝගිකවම භාවිතා කිරීමෙනි. නිතර නිතර බහුල ලෙසින්ම භාවිතා කිරීමෙනි. ආසේවිතාය, භාවිතාය, බහුලීකථාය, යානි කථාය, වත්ථු කථාය, පරිචිතාය, අනුචිතාය, සුසමා රද්ධායයනුවෙන් පෙන්වා දුන්නේ මේ ධර්මතාවයයි.
විෂ්කම්භන වශයෙන් හා තදංගම වශයෙන් කෙළෙස් තාවකාලිකව යටපත් කර දමා යම් ලෞකික සුවයක් ලබා ගැනීම මගින්ද බොහෝමයක් දෙනා තෘප්තිමත් වන්නට ක‍්‍රියාකරන්නේ එයද සංසාර ගති පුරුද්දක් නිසාය. සමුච්ෙඡ්දප්ප‍්‍රහාණයෙන්ම කෙළෙස් ප‍්‍රහාණය කර දමා පටිපස්සදී ප‍්‍රහාණයෙන් හා නිස්සරණප්ප‍්‍රහාණයෙන් කෙළෙස් යළි නූපදින ලෙසින්ම කෙළෙස් මුල් සිඳ දමා නිදහස් විය හැකි බව ඔවුන් නොදන්නා නිසාම ධ්‍යාන ලබන්නට ක‍්‍රියා කරති. මේ අනුව ධ්‍යානයන් ලැබීමේ චේතනාවක් සිතක ඇති වන්නේ ද විඤ්ඤාණයේම ගතියක් වංචක ධර්මයක් මුල්කර ගෙනය.උරුමයෙන්ම, උපතින්ම මිනිසෙකු ලෙසින් ලබා උපන් මනසේ ශක්තිය, යහපත් සේ යහපත් ආකාරයෙන්ම, සංවරව භාවිතා කරන්නට දක්ෂ වූ පුද්ගලයා ඥාණවන්තයෙකු, ප‍්‍රඥාවන්තයෙකු බවට පත් වෙයි. උරුමයෙන් ලබා උපන් මනසේ ශක්තිය අයහපත් ලෙසින් අයහපත් ආකාරයෙන් අසංවරව වැරදි ලෙසින් භාවිතා කරමින් තමන්ටත් බාහිර ලෝකයාටත්, ස්වභාව ධර්මයාටත් හානියක්, විනාශයක්, පාපයෙන් කිළිටි කිරීමක් සිද්ධ කරන්නට ක‍්‍රියා කරන්නේ අඥාණ, අශ‍්‍රැතවත් පෘථග්ජන ගතිය නිසයි. යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය යන දෙකම වෙන්කොට හඳුනාගන්නට තරම්වත් ශක්තියක් මනසේ නැති වූ විට මිනිස් බව කෙළෙසා ගන්නා එවන් පෘථග්ජනයින් මතු කල්ප කාලාන්තරයක් යළි මිනිස් බවක උපත ලබා ගැනීමේ උතුම් අවස්ථාව ද අහිමි කර ගන්නේය. භාවනා කළයුතු වන්නේ මෙම පංචස්කන්ධ ලෝකය තුළින් තව තවත් යමක් අල්ලා ගන්නට, එකතු කරගන්නට හෝ උපාදානය කරගන්නට හෝ නොවේ.

Wednesday, September 21, 2016

බුද්ධානුස්සතිය ප්‍රගුණ කර ගැනීම

බුද්ධ දේශණාවේ ආධ්‍යාත්මය හා ප්‍රායෝගික ක්‍රමවේදය-බුද්ධානුස්සතිය ප්‍රගුණ කර ගැනීම- 

රාග, ද්වේශ,මෝහ යන කෙළෙස් සහිත අරමුණු, සිතෙහි මතුවනවාත් සමඟම ඒවා මොනතරම් ප‍්‍රිය අරමුණු වුවද, ආස්වාද ජනක දේ වුවද, ඉන්ද්‍රියයන් පිනවන දේ වුවද, ඒවා නිවනට ප‍්‍රතිපක්ෂ බව දැක, ඒවා නිවනට බාධක බව දැක, ඒවා නිසා නිවන ප‍්‍රමාද කරන බව යථා පරිදි තේරුම් ගෙන, එවැනි කෙළෙස් ධර්ම, කළු ධර්ම, සිතෙහි මතු වන මෙහොතේදීම, ඒවා දිගේ සිතින් රෝද ගැසීම නවත්වා, ඒ අරමුණු වෙනස් කර, ඊට ප‍්‍රතිපක්ෂ අරමුණක සිත යොදවා, අවසානයේදී ඒ කිළිටි ගතිය සිතින් අස්කර දමන්නටම ක‍්‍රියාකළ යුතුය. මේ පියවර තුනම අනුගමනය කළ හැකි වන්නේ, මේ ආරක්‍ෂක ආයුධ හතරම භාවිතා කිරීමෙනි. ධම්මානුධම්ම ප‍්‍රතිපදාවෙහි යෙදෙන්නට පුහුණුවක් ලැබූ, ඒ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ආර්යය ශ‍්‍රාවකයකුට, දැන් ආයුධ හතරම භාවිතයට ගෙන, පළමුව තම සිත සමථයකට පත්කර ගෙන කෙළෙස් තුනීකර ගැනීමටත්, දෙවනුව ඊට සමගාමීවම කෙළෙස් සහමුළුන්ම කපා, උගුල්ලා දැමීමටත් දැනුමක් හා ශක්තියක් ද ලැබෙන්නේය. 

මෙවන් ආර්ය ශ‍්‍රාවකයා දැන ගත යුතු දේ යථා පරිදි දැන ගනී. දැන ගෙනම ආශ‍්‍රය කළ යුතු දේ ආශ‍්‍රය කරයි. ප‍්‍රහාණය කළ යුතු දේ, ප‍්‍රහාණය කරන්නේද යථා අවබෝධයකින්මය. මෙය හුස්ම පිට කිරීම හා ඇතුළු කිරීමට වඩා බොහෝ වෙනස්ය. පෙර සඳහන් කර පෙන්වූ යහපත් අරමුණු හයම හය දොරකින්ම ආශ‍්‍රය කර ඇතුළට ගන්නටත්, ආශ‍්‍රනොකර දොරවල් වසා බැහැර කළයුතු දේ බැහැර කර තබන්නටත් හැකි බව මෙවන් ආර්ය ශ‍්‍රාවකයා දැන ගනී. මෙය බුද්ධ භාෂිතයේ පෙන්වූ අනාපානාසතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමයි. ඉන්පසුව ඕනෑම ඉරියවුවකින්ද ආනාපානාසතියෙහි පිහිටා කටයුතු කරන්නටද හැකි ශක්තියක් ලබා ගනී. සක්මන් කිරීමේදීත් ඉඳගෙන සිටිමේදීත්, සිටගෙන සිටීමේදීත්, නිදාගෙන සිටිමේදීත්, චිත්ත සන්ථානය ඇතුලට ගත යුතු දේත්, සිතින් බැහැර කළ යුතු දේත්, තීරණය කරන්නට හැකි ශක්තියෙන් ක‍්‍රියාකරන පුද්ගලයා, නිසි පරිදි ඉරියාපථ පබ්බයෙන්ද ආනා පානා සතිය ක‍්‍රියාත්මක කරන්නට දැන ගනී. දවසේ පැය 24 පුරාමත් (නිදියගත් අවස්ථාවේ හැර)ආශ‍්‍රය කළ යුතු දේ දැන ආශ‍්‍රය කරයි. ආශ‍්‍රයෙන් බැහැර කර ප‍්‍රහාණය කළයුතු දේ තෝරා බේරා ප‍්‍රහාණය කරන්නටද දනී. 

දැන් මේ ආයුධ හතරම භාවිතා කළ යුතු වන්නේ, සිතින්ම ප‍්‍රහාණය කළ යුතු කෙළෙස් මුලින්ම කපා, උගුල්ලා දමන්නටමය. ඒ නිසා මේ ආයුධ හතර එනම්, මරණානුස්සසතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, හා බුද්ධානුස්සතිය ප‍්‍රායෝගිකවම භාවිතා කළ යුතු ආකාරය සොයා බලමු.
 
භාවනාව - ධ්‍යාන හා මාර්ගඵල-

බුදුපියාණන්වහන්සේද බෝධිසත්ව යුගයේ වසර හයක් තිස්සේම විවිධ දුෂ්කර ක‍්‍රියා කරමින් අනුගමනය කළේ මෙවන් අනරිය වූත් ලෞකික වූත් නියත ප‍්‍රතිඵලයක් ලබාගත නොහැකිවූත් ආනාපාන සති භාවනා ක‍්‍රමයකි. එය තමන් වහන්සේම අත්දැක තිබූ නිසාත් එම භාවනා ක‍්‍රමයන් ප‍්‍රාණයාම, හතයෝග ආදී විවිධ නම් වලින්ද කසින භාවනා ක‍්‍රම ලෙසින්ද එවකට ජන්බුද්වීපයේ ප‍්‍රචලිතව පැවති නිසාත් පැහැදිළිවම මේ ලෞකික භාවනා ක‍්‍රම බැහැර කළහ. තමන් වහන්සේ වසර හයක්ම අත්විඳි මහා දුක් කන්දරාව තවත් කෙනෙකුට විඳවන්නට ඉඩ නොතබනු පිණිස මෙම පිරිසිදු බුද්ධ ආනාපාන සති භාවනාව විග‍්‍රහකර තම ශ‍්‍රාවකයින්ට පෙන්වා වදාළහ.
මේ අනුව හැම කෙනෙකුම නිවැරදි ආකාරයට තේරුම් ගත යුත්තේ ආනාපාන සති භාවනාවද දෙයාකාරයකින්ම භාවිතා වන බවයි. එකක් ලෞකික අර්ථයෙන් අර්ථ ගැන්වූ පෙර පටන්ම පැවත එන හුස්ම ඉහළ පහළ යාම පිළිබඳ මෙනෙහි කරමින් පිම්බීම හැකිළීම දෙස බලා සිටින අනරිය ආනාපාන සති භාවනා ක‍්‍රමයයි.
අනික ධර්මයෙන් අර්ථ ගැන්වූ කාමයෙන් වෙන්විය හැකි, අකුසල ධර්මයන්ගෙන් වෙන්විය හැකි, සේවනය කළයුතු හා සේවනයෙන් බැහැර කළයුතු ධර්මයන් තේරුම් ගෙන ඒවා ආනාපානය කිරීමේ අරිය භාවනා ක‍්‍රමයයි. ආන යනු ඇතුළට ගැනීමයි. (ආනයන) පාන යනු පිට කිරීමයි (අපනයන). අස්ස යනු ආශ‍්‍රය කිරීමයි. පස්ස යනු ප‍්‍රහාණය කර බැහැර කිරීමයි. අස්සාස පස්සාස යන පද දෙකද හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීමට මෙන්ම, ඉන්ද්‍රියයන් හයෙන්ම ඇතුළට ගන්නා විවිධ ගති ලක්ෂණ ඇතුළට ගැනීමත් ඉන්ද්‍රියයන් හයෙන්ම පිට කර බැහැර කළයුතු දේ බැහැර කිරීමත් යන අර්ථයෙනුත් බුද්ධ භාෂිතයේ භාවිතා කළ බව ඉතාම පැහැදිළිය.
හුස්ම ඉහළට පහළට ගැනීම කෙරෙහි පමණක් සිත යොමුකර, කය දෙස බලා සිට සිතට එන අරමුණු සියල්ලම බැහැර කර දැමීමෙන්ද සිත සමථයට පත්වීම සිදුවේ. මේ ආකාරයට සිත සමථයට පත්කර ගැනීම මගින්ද රාග, ද්වේෂ සිතුවිලි වලින් බැහැරව, එවන් අරමුණු යටපත් කර, ධ්‍යානයන් ලබාගත හැකි ක‍්‍රමයක් ද තිබේ. එය ලෞකික වූත්, අනරිය වූත් බුදුපියාණන් ප‍්‍රතික්ෂේප කළ ආනාපාන සති භාවනා ක‍්‍රමයයි. මෙහිදී වන්නේ රාග, ද්වේෂ, මෝහ අරමුණු, සිතිවිලි තාවකාලිකව යටපත් කිරීමේ ක‍්‍රියාදාමයක් සිදුවීම මිස රාග, ද්වේෂ, මෝහ අරමුණු සහමුළින්ම ඉවත්කර දමා භවනිරෝධ කරන අරිය ක‍්‍රමයක් නොවේ.
උපාදාන නිරෝධ කර, ”භවනිරෝධ කිරීමේත්, භව නිරෝධ කර ජාති නිරෝධ කිරීමේත් අරිය ආනාපන සති භාවනාව වෙනත් කිසිම ආගමක හෝ දර්ශනයක හෝ භාවිතා කළ එකක්ද නොවේ. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ජීවමානවීමත් සමඟම මතුවී එන භාවිතයට ගත හැකි මෙම ආනාපානසති භාවනා ක‍්‍රමය භාවිතා කිරීමෙන්ම පමණක් උතුම් නිවන් අවබෝධයද පූර්ණ කර ගත හැකිය. ඒ සඳහා බුද්ධ දේශණාවෙන් ගෙනහැර වදාළ ආනාපාන සති සූත‍්‍ර දේශණාවේත්, ඊට සම්බන්ධ තවත් සූත‍්‍ර ධර්ම කිහිපයකත් ධර්ම අර්ථයම විග‍්‍රහකර යථා පරිදි පෙන්වාදී කළයුතු හා නොකළ යුතු යන දෙපැත්තම තේරුම් කර පෙන්වා දිය යුතුමය.

රාග, ද්වේෂ ගති ලක්ෂණයන් තාවකාලිකව දවාහැර, යටපත් කරදමා ලබන ලෞකික වූත්, අනරියවූත් ධ්‍යානයන් ලැබීමෙන් නිවන් අවබෝධය සඳහා මාර්ගඵල පූර්ණ කර ගැනීම හෝ ප‍්‍රඥා විමුක්තියට පත්වීම හෝ සිදුවන්නේ නැත. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසාදැන, තේරුම් ගෙන තම තමන්ගේම සිත් කිළිටි වන්නේත්, තමන්ගේ සිත තුළට රාග, ද්වේෂ, මෝහ අරමුණු ඇතුලු කරගන්නේත්, තම කැමැත්තෙන්ම බවත් ඒ කැමැත්ත අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා තමන්ම ඇති කරගත් තණ්හාව බවත් තේරුම් ගත යුතුය.

-ඥාණය හා ප්‍රඥාව-

බුද්ධ භාෂිතයේ පිරිසිඳ දැකීම-ඥාණය හා ප්‍රඥාව

එදා ගෝතම බුදුපියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය යුගයේදී නම් පැයක් දෙකක් ඇතුළත දී මුල, මැද, අග යන තුන් කාලයම සළකා දාන කථා, සීල කථා, සග්ග කථා, නෙක්කම්ම කථා වැනි අංග සම්පූර්ණ සාමුක්කංසික දේශණාවක් කර කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දී මිනිසුන් මාර්ග ඵලයන්ට පත්කිරීමේ ශක්තියක් ලබා දුන්හ. 
නමුත් අද කාලයේ ජිවත් වන මිනිසුන් හා සමාජය ඊට වඩා පිරිහී ආගම් සංකල්ප වලින් විකෘති වී ඇති නිසා දවසකින් නොව මාස ගණනකින් වුවද මිනිසුන්ට දේශණා කර මේ ධර්මාවබෝධය ලබා දීම අමාරු කාර්යයකි. ඊට මූලික ම හේතුව අද ලෞකිකත්වය කෙරෙහිම යොමු වූ දෙව්, මිනිස් සැප සම්පත් දැඩි සේ බලාපොරොත්තුවෙන්ම බුද්ධාගම පවා ඇදැහිල්ලක් ලෙසින්ම අදහන ලේබල් බෞද්ධ පිරිසම බහුල වීමයි.

කොතරම් ශ‍්‍රද්ධාවෙන් යුක්ත වූ බෞද්ධයකුට වුවද අද එකවරක්, දෙකක් අසා මේ උතුම් ධර්මය තේරුම් ගෙන තම චිත්තසංථානයේ ගබඩා වී ඇති දෙව්, මිනිස් සැප පැතීමේ ගතිය, දෘෂ්ඨිය ඉවත් කර ගත නොහැකියි. එය ඉතාමත් ම අමාරු කාර්යයකි.
 කළු ධර්ම යනු මේ ගතිගුණ හා බැදුණු මතු බලාපොරොත්තු වේ. අද මිනිසුන් සිල් රකින්නේ දෙව් ලොව යෑමේ සැප විඳීමේ බලාපොරොත්තුවෙනි. දන් දෙන්නේ, දෙන දේ මෙන් සිය දහස් ගුණයක් ආපසු ලබා ගැනීම සඳහායි. 
භාවනා කරන්නේ ධ්‍යාන ලබා මානයෙන් ලෝකයාට ඍද්ධි ප‍්‍රාතිහාර්යයන් පෙන්වීම සඳහායි. 
මානයෙන්, මමත්වයෙන් ක‍්‍රියා කරනු මිස කළු ධර්ම මොනවාද යන්න නිසි අවබෝධයක් ඇතිව ධර්මානු ධම්ම ප‍්‍රතිපදාවේ යෙදෙන මිනිසුන් අද බෞද්ධයින් අතරත් විරල වේ.
ධර්මය දේශණා කරන බොහෝ දේශකයින් තමාගේම ආත්ම ලාභය සඳහාම මුදල් එකතු කර ගැනීමටත්, පොත් විකුණා වෙහෙර බෝමළු සෑදීමටත්, තමන්ගේම සුඛ විහරණය සඳහා ප‍්‍රසිද්ධිය, ප‍්‍රචාරය ප‍්‍රසංසාව, ප‍්‍රණාමය හෝ ප‍්‍රතිලාභයක් හෝ සඳහාම ධර්මය දේශණා කරයි නම් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියක් ලැබේ යැයි සිතිය නොහැකියි.
 මේ අනුව කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දීමත්, ලබා ගැනීමත් යන දෙකම අද එක සේ අමාරු කාරණා දෙකකි. කළ්‍යාණ මිත‍්‍රයා යනුු කවුද, කළ්‍යාණ මිත‍්‍රයාට කළ හැකි දේ මොන වාගේ දෙයක් ද යන්න හොඳින් නිවැරදිව ම තේරුම් ගත යුතුයි.
මිනිසුන් ඇතුලු සියලු සත්ත්වයන්, දෙවියන් පවා සංසාර ගමනට කැමැත්තෙන්ම බැඳෙන්නේ, ඇලන්නේ, පටළැවෙන්නේ, මුළා වෙන්නේ තම තමාගේම චිත්තසංථානයෙහි රාග, ද්වේෂ, මෝහ යන කෙළෙස්, කළු ධර්ම ගබඩා වී, මුල් බැස පැවතීම නිසයි. 
මේ කෙළෙස් අත් හැරීමට, ප‍්‍රහාණය කර ඉවත් කර දමා ඒවායින් නිදහස් වීමට තම තමන් තුළම ඇති මේ ශක්තිය පිළිබඳව මනසක් ඇතිව උපන් මිනිසුන් අතුරින් පවා තේරුම් ගන්නේ කිහිප දෙනෙකු පමණි. බොහෝමයක් දෙනෙකුට මේවා තේරුම් ගැනීමටද නොහැකියි. තවත් කොටසක් මෙවැනි ධර්මය ඇසීමට පවා අකමැතියි. මේ කෙළෙස්, කළු ධර්ම බුදුපියාණන් වහන්සේම පෙන්වා දුන්නේ කුණු ලෙසයි.
අද කුසලස්ස යන පදයත් පින්කම් යන පදයත් බොහෝ අය පටලවා ගෙන භාවිතා කරති. අස්කර, ඉවත් කර නිදහස් විය යුතු කුණු ගොඩක් පිළිබඳව කියැවෙන කුසල් යන පදයත්, සිත පහන් කර චිත්ත ප‍්‍රසාදයත් සඳහා කරන පින්කමත් ක‍්‍රියා දෙකක් බව තේරුම් ගත යුතුයි. 
පින්කම් කර සිතේ පැහැදීමක් ඇති වූ විට දෙවනුව සිතේ ගබඩා වී පවතින කුණු, රාග, ද්වේෂ, මෝහ මුළින්ම ගළවා, අස්කර ගැනීමටත් හැකි වේ. ඒ නිසා නිවනට මේ දෙකම එක සේ අවශ්‍ය වේ. කුණු සළා අස්කර දැමීමට නම් ප‍්‍රඥාව යන ශක්තියත් අවශ්‍ය වේ.
ප‍්‍රඥාව අවශ්‍ය වන්නේම කුසල් පූර්ණ කර ගැනීමටයි. ප‍්‍රඥාවෙන් කර ගන්නේ පජාහති, පහානාති, පස්සති යන අස්කිරීම, බැහැර කීරීම, මුළින්ම ගළවා ඉවත් කිරීම වශයෙන් පෙන්වූ ක‍්‍රියාවන්මයි. 
මෙතැනදී කළු ධර්ම බැහැර කිරීම සිදු කරනු ලැබේ. 
ඒ වෙනුවට සුදු ධර්ම භාවිතා කිරීමකුත් අවශ්‍ය කෙරේ. සුදු ධර්ම ලෙසින් ධර්මයේ පෙන්වා වදාළේ චිත්තසංථානය පිරිසිදු කරන කළු ධර්ම වලට විරුද්ධ වූ දේවල්ම වේ. 
සුදු ධර්මයන් ලෙසින් පෙන්වා වදාළ වීතරාගී, වීතද්වේෂී, වීත මෝහී මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අනාසව, නිරාමිස ගති චිත්තසංථානය ඇතුළට ගැනීමෙන් මෙතුවක් කල් චිත්තසංතානය තුළම ගබඩා වී තිබූ කළු ධර්මයන් කැපී විනාශ වී යයි. 
සුදු ධර්මයන් කිසිවිටකත් විඤ්ඤාණයට ආහාර ලෙසින් භාවිතා කළ නොහැකියි. ඒ නිසා විඤ්ඤාණ ශක්තිය දුර්වල වී, ප‍්‍රඥාව උපදවා, පහදා ගත හැකි වේ. 
මේ අනුව සහමුළින්ම ”භව” උදුරා දමන්නට උපකාර වන බුද්ධ ඥාණ මතු වේ. ඒ ප‍්‍රඥා විමුක්තියට පත්වීමේ මාර්ගයයි.

උතුම්  නිවන  අවබෝධ  කිරීමට සැමට  ප්‍රඥාව ලැබේවා 
එදා ගෝතම බුදුපියාණන්වහන්සේ ජීවමානව වැඩ 

සිටිය යුගයේදී නම් පැයක් දෙකක් ඇතුළත දී මුල,

 මැද, අග යන තුන් කාලයම සළකා දාන කථා, ශිල  

 කථා, සග්ග කථා, නෙක්කම්ම කථා වැනි අංග 

සම්පූර්ණ සාමුක්කංසික දේශණාවක් කර කළ්‍යාණ

 මිත‍්‍ර සම්පත්තිය ලබා දී මිනිසුන් මාර්ග ඵලයන්ට

 පත්කිරීමේ ශක්තියක් ලබා දුන්හ. 

නමුත් අද කාලයේ ජිවත් වන මිනිසුන් හා සමාජය ඊට 

වඩා පිරිහී ආගම්

 සංකල්ප වලින් විකෘති වී ඇති නිසා දවසකින් නොව

මාස ගණනකින් වුවද මිනිසුන්ට දේශණා කර මේ 

ධර්මාවබෝධය ලබා දීම අමාරු කාර්යයකි. ඊට මූලික

 ම හේතුව අද ලෞකිකත්වය කෙරෙහිම යොමු වූ 

දෙව්, මිනිස් සැප සම්පත් දැඩි සේ 

බලාපොරොත්තුවෙන්ම බුද්ධාගම පවා ඇදැහිල්ලක් 

ලෙසින්ම අදහන ලේබල් බෞද්ධ පිරිසම බහුල වීමයි.

Tuesday, September 13, 2016

Monday, September 12, 2016

පටිච්ච සමුප්පාදය (Paticca Samuppada) - Waharaka Thero




නිවැරදි බුදු දහම දේශනා කරන මේ උතුම්  හිමියන්ගේ උතුම් දර්මය ශ්‍රවනය කර උතුම් නිවන සාක්ෂාත් කර ගනිමු.

Friday, September 2, 2016

Nakkawaththe Himi .Awiddyawa. 2016 01 23



Awiddyawa gana me uthum daharmaya srawanayakara sathya awaboda kara ganna.

Tuesday, August 23, 2016

Monday, July 25, 2016

Ven Polgahawela Meethabhani Thero | 2016-07-12



මේ වටිනා ධර්මය ආසා  සැනසීම ලබාගන්න.

Wednesday, June 22, 2016

Niwana dakimu නිවන පිලිබදව සරලව සිතන්න.



නිවන පිලිබදව සරලව සිතන්න.
 ඇයි අප නිවන් දැකිය යුත්තේ? මෙහිදී අපි පැහැදිලි කර ගත යුතු කරුණ වන්නේ සසරේ කෙතෙක් දිග දුර අප ගෙවා ඇත්ද යන කාරණයයි. සුළු නිදසුනක් ලෙස බුදුපියාණන් වහන්සේ එක අවස්තාවක ආනන්ද හිමියන් අමතා ගොවිබිමක සැරිසරන සියගනනක්වූ මි හරකුන් දක්වා කියනුයේ ආනන්ද අර පෙනෙන මි හරකුන් දෙස බලන්න. මේ මි හරක් සමුහයේ සක්විති රජ පදවිය, සක්දෙව් පදවිය හා මහා බඹු පදවීය නොදැරූ එකදු මි හර්කෙකුත් නැත. බුදු පියාණන් වහන්සේගේ මේ දෙසනය තුලින් අපට පැහැදිලි වන්නේ සංසාරය කෙතෙරම් දිගු එකක්ද යන්නත් සැප විදීමටයි සිතා අප ගන්නා උත්සාහය කෙතෙරම් නම් නිෂ්පල අනර්ථ කාරී එකක් ද කියාත්ය. ලෝකයේ අප සැපයයි සිතා සිටින සියල්ල අප සිතන පරිදිම වන්නේ නැත. එබවින් පවතින සියල්ල අනිච්ච (තමන් කැමති පරිදි පවතින්නේ නැති) ස්වබාවයෙන් යුක්තය. එබැවින් සියල්ල දුකම ඇති කරන්නේය. එබැවින් මේ කිසිවක අර්ථයක් දැකිය හැකි නොවේ සියල්ල අනත්ත ලක්ෂණයෙන් යුක්ත වන්නේය. ජීවිතය පිළිබද මේ ත්‍රිලක්ෂණය යමෙක් හොදින් දකින්නට සමත් වේ නම් හෙතෙම සියලු දුකින් නිදහස් වූ උතුම් නිවන දකිනු ඇත. 

මොහොතක් පාසා සිදුවන වෙනස දැකීම තුලින් නිවන දකින්න .

ඔබගේ උපත ගැනත් කුඩා අවදිය ගැනත් සිහි කරන්න,  ඔබ එක මොහොතින් ඒක දවසින් හෝ මාසයකින් වැඩිවියට පත් වුවා නොවේ. එසේනම් මේ වෙනස සිදුවුයේ කවදාද. හොදින් සිතන්න මොහොතක් පාසා සිදුවන වෙනසක ප්‍රතිපලය තමයි ඔබ අද ඔය ඉන්න තත්වය. මොහොතක් හෝ ඔබ ඒ ගැන සිතුවාද. මෙය තමා බෝසතානන් වහන්සේ බෝ මුලදී දුටු ඒ අසිරීමත් ආශ්චර්ය. මොහොතක් පාසා ක්‍ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් මුළු විශ්වයම හේතු ඵල දහමක සම්බන්ද තාවය මත සිදුවන ක්‍රියාදාමයක යෙදෙයි. ඔබද මමද ඒ හේතු ඵල දහමෙහිම ප්‍රතිඵලයක් මිස වෙනත් කිසිවක් මෙහි නැත. හෙතුව තෘෂ්ණාව නිසා සසරට බැදිමයි. තෘෂ්ණාව සහ උපාදානය. හේතුව නැතිකළ කල්හි ඵලය නොලබන්නේය. මේ ස්වබාවය ඔබට පැහැදිලිව දැකිය හැකි නම් ඔබ නිවන් දකිනු ඒකාන්තය.

Wednesday, May 11, 2016

ත්‍රිලක්ෂණ

ත්‍රිලක්‍ෂණ
 අනිච්ච,දුක්ඛ, අනත්ථ, බුදු පියාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය පදනම ලෙස හැඳින්විය හැක්කේ මේ ත්‍රිලක්ෂණ ස්වභාවයයි.
අනිච්ච
යනු ඉච්ච ලෙස හෙවත් තමන් කැමති ලෙස පවතින්නේ නැත යන අදහසයි. 
නිවැරදි වචන වන්නේ  අනිත්‍ය නොව අනිච්ච යන්නයි . 
එහි අදහස වන්නේ තමන් කැමැති ලෙස ම පවතින්නේ නැත යන අදහසයි.
දුක්ඛ
 කැමති ලෙස නොපවතින විට ඇතිවන්නේ දුකක් මිස සැපක් සතුටක් නොවන බව පැහැදිලි නේද? සැප යනු මුලාවක් මිස පවතින ඇත්තක් නොවන බව නුවනින් විමසා බලන විට පැහැදිලි නොවන්නනේද? ලස්සන රුපයක් දෙස කොපමණ වෙලාවක් ආසාවෙන් බලාසිටිය හැකිද . සැලකියයුතු වෙලාවක් එක දිගට බලලා සිටිය හොත් එය එපානොවන්නේද ? සැප යන සියල්ලෙහි ඇත්තේ මේ අනිච්ච ලක්ෂණය වන අතර මෝහය නිසාම සැප ලෙස දකින බව පැහැදිලි නැද්ද?
බුදුන් වහන්සේ ලෝකයට දෙසනා කලේ  සසරේ දිගින් දිගට සැප විඳිමින් යන ධර්මතාවයක් ගැන නොව එයින්  ගැලවෙන මග පිළිබඳවයි
බුදු දහම අවශ්‍ය වන්නේ  සසරින් ගැලවීම අපේක්ෂා කරන අය ට මිස සැප විඳීමට ආශා කරන්නන්ට නොවේ.
බුදු දහම දැකිය යුත්තේ එලෙසයි. එයයි සම්මා දිට්ටිය වන්නේ.
අනත්ථ 
අනත්ථ යන්නෙන් පැහැදිලි වන්නේ තමා කැමති ලෙස නොපවතින හා අනවරතයෙන්ම දුකම හිමකර දෙන ලක්ෂණය   අර්ථවත් නොවන අනර්ථ එකක්  බවයි.

Tuesday, April 19, 2016

පරම සත්‍ය - මේවනපලානේ සිරි ධම්මලංකාර තේරුන් වහන්සෙ ධර්ම දේශනා - March 14...

නිර්මල බුදු දහම  ශ්‍රද්ධාවෙන්  ශ්‍රවනය කරන්න 

Monday, April 4, 2016

මේ භවයේදීම සෝවාන් මගට පැමිණෙමු.

නිවනට සපැමිනිමේ පළමු පියවර වනුයේ සෝවාන් ඵලය ලැබිමය .
ඒ සඳහා සක්කාය දිට්ටි , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන අවබෝදයෙන් දුරු කල යුතුවේ.
යමෙක් තුල තමා පිළිබඳව හෝ අන් වස්තුන් පිළිබඳව ආසාව බැඳීම තදින් පවතීනම් ඔහුට මේ දුකින් පිරුනාවු සංසාරයෙන් ගැලවීමක් ඇත්තේ නැත.
නැවත නැවත සසර ඉපදෙමින් අනන්ත දුකටම පත්වේ. එසේනම් සසරින් එතර වීමට හෙවත් දුකින් මිදීමට කැමැත්ත ඇති අය විසින් අනිවාර්යයෙන්ම තමා පිළිබඳව හෝ වෙනත් වස්තුන් පිළිබඳව ඇති ආසාව ටිකින් ටික දුරු කරගත යුතුවේ. එවිට සක්කාය දිට්ටිය නම් වූ සංයෝජනය දුරුකර ගත හැක. එය සෝවාන් මගට තබන පළමු පියවර වන්නේය.
යමෙක් තුල බුදුන් දහම් සඟුන් යන තිසරණය පිළිබඳවත්, පෙර භවය මතු බවය පිළිබඳවත් , දෙවියන් බඹුන් පිළිබඳව හෝ මාපිය ගුණ පිළිබඳව හෝ සැකයක් පවතී නම් එය විචිකිච්චාව ලෙස හඳුන්වනු ලැබේ.
සෝවාන් මගට පැමිණෙන්නහු  විසින් මෙකි සැකය නැතිකරගත යුතුය. විස්වාසය දැඩිකරගත යුතුය. එසේම මන්දබුද්ධික නොවන ඕනෑම අයෙකුට සෝවාන් මගට පැමිණිය හැකිය යන්න දැඩිව විස්වාස කලයුතුය. 
එවිට වීචිකිච්චාව නැතිවේ සෝවාන් මගට පැමිණීමට එය ඉමහත් රුකුලක් වන්නේය.
නොයෙක් ආකාරයේ ශිල සමාදානයන් කෙරෙහි හෝ වෘත සමාදානයන් පිළිබඳව විස්වාසය තුලින් දුකින් මිදියහකියයි විස්වාසකිරීම තුන්වන සංයෝජනයයි.
නිවනට මග වන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරදි අවබෝදය පමණක්ම බවත් ඒ සඳහා වෙනත් සීල වෘත සමාදන් වීම නිවැරදි මග නොවන බවත් විස්වාස කල යුතුවේ. 
ගෞතම බුද්ධසාසනය තුල දීම නිවන් මගට පැමිණීමට බලාපොරොත්තුවන බුද්ධශ්‍රාවකයා මෙසේ තම අවබෝදය නිවැරදි කරගතයුතු වන්නේය.
එසේම සෝවාන් මගට පැමිණ මිස මේ බවයෙන් ඉක්ම නොයන බවට දැඩිව තීරණය කරගත යුතුය .
සක්කාය දිට්ටිය , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන දුරුකොට මේ බවයෙදීම සෝවාන් මගට පැමිණිය යුතුමය.
මෙය දැඩිව අධිෂ්ටාන කොටගෙන අවබෝදය වඩා වර්දනය කරගනිමු.

Sunday, April 3, 2016

නිවණ (නිර්වාණය) යනු බෞද්ධයන් විසින් බලාපොරොත්තුවන උසස්ම ධර්මතාවයි. පුද්ගලයෙකු රාගය, ද්වේෂය සහ මෝහය ක්‍ෂය කිරීම නිර්වාණය වේ[තහවුරු කරන්න]. නිවන පිළිබඳව කියැවෙන ඕනෑම ත්‍රිපිටක දෙසනාවකින් මේ බව තහවුරුකර ගත හැක. පස්කම් සැපයට ඇති ඇල්ම ආශාව හා බැඳීම රාගය ලෙස හැඳින්විය හැක. ඇස, කණ, නාසය , දිව , ශරීරය සහ මනස යන මේ ඉන්ද්‍රියයන් තුල නිරන්තරයෙන්ම ඇතිවන්නාවූ හා පවතින්නාවූ රුප, ශබ්ද, ගඳ, රස, ස්පර්ශ, සහ අරමුණු පිලිබඳ දැඩිව අල්වාගැනීමේ කැමැත්ත ඒවා නැවත නැවත ලබා ගැනීමට දක්වන බලවත් උනන්දුව කාම රාගය හෙවත් කාමච්චන්දය ලෙස හැඳින්විය හැක. තමා නොකැමැති දෙයට නොඑසේනම් විරුද්ද දෙයට හෝ කෙනාට දක්වන නොකැමැත්ත හෙවත් තරහව ද්වේශය ලෙස දැක්විය හැක.ඇතැම් විටෙක මෙය තමා තමා කෙරෙහිම වුවද ඇතිකරගන්නා අවස්ථා ඇත. මෝහය හෙවත් මුලාව නම් දහමට පටහැනි මාර්ග තුලින් මෝක්ෂය හෝ සැනසීම අපේක්ෂා කිරීම වේ. සුනක, ගව , වැනි වෘත සමාදානය තුලින් හෝ දේව විශ්වාස තුලින් සදාකාලිකවූ සැනසීම ප්‍රාර්ථනා කිරීම මෝහය හෙවත මුලාව වේ. මේ ක්ලේශ දර්ම සිත්හි තදින් පවතින තාක් කල් සත්වයා සසර ඉපදෙමින් මැරෙමින් භව ගමන දිගු කර ගනී. ඉදින් යමෙක් මේ ක්ලේශ ධර්ම ප්‍රහාණය කරයිද හෙතෙම උතුම්වූ නිවන' 'අවබෝධකර ගනී.

නිවන් අවබෝධකර ගැනීමට කැමති තැනැත්තේ තමා ප්‍රථමයෙන් මේ සංසාරය දුකක් ය යන නිවැරදි අවබෝදයට පැමිණිය යුතුය. නොඑසේනම් නිවනක අවශ්‍ය තාවය හෙතෙම අව්බෝදකරගැනීමට සමත් වන්නේ නැත . අප තිලොවග බුදුපියාණන් වහන්සේ සුමේධ තාපසව සිටියදී නිවන් අවබෝධ කරලීමට සමත් ප්‍රඥාව ඇතිව සිටි නමුත් සියලු ලෝක සත්වයා කෙරෙහි පතලාවූ අප්රමාණ දයා කරුණාව හේතුවෙන් බුද්දත්වය ලැබීමට අදිටන් කොට නියත විවරණ ඉල්විය. එතැන් පටන් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය දක්වා එතුමෝ ඇස් ඉස් මස් ලේ පමණක් නොව සරීරය පවා දන්දෙමින් අප්රමාණ දුක් විඳිමින් බුදුබව පතා පැමිණියාහුය. එතුමෝ සිද්ධාර්ථ කුමාරව සිටි අවදියේ අසීමිත සැප සම්පත් වින්දාහ. නමුත් කම් සැප විඳීමේ අස්ථිර බව නොහොත් අනියත බව එතුමෝ නුවනින් (ප්‍රඥාව) දුටහ. එබැවින් සැප සම්පත් අලුයම ලු කෙලපිඩක් සේ සලකා එතුමෝ භව නිරෝධය පතා වන වැදුනාහ. එතුමෝ නිවන පතා කෙනෙකුට විඳීමට තබා සිතීමටවත් නොහැකි තරම් අප්රමාන දුක් වින්දාහ. අපමනවූ සැප විඳීමහෝ දුක් විඳීම අනර්ථවත් බව නුවණින් අවබෝධ කල එතුමෝ මැදුම් පිළිවෙත අනුගමනය කොට සියලු දුකින් මිදුනාවූ නිවන් අවබෝධ කළහ. එසේ අසීමිත සැප සම්පත් හා අසීමිත දුක් විඳීමේ අතදැකීම තමාම අත්විඳි එතුමෝ නිර්වාණයේ සුවය තමා අවබෝධ කොටගෙන අන් අයටද එහි අගය දෙසනා කළහ. ඒ මග කියා දුන්හ. උන්වහන්සේ දෙසනා කල ඒ සදහම් මග අදද සන්දිට්ඨිකව හා අකාලිකව පවතින බැවින් ඕනෑම අයෙකුට නුවනින් විමසා බලා අවබෝධ කර ගැනීමේ අවස්තාව ඇත. ඒ සඳහා තමා තුල විස්වාසය හා අවශ්‍ය තාවය තිබිය යුතුය.

Wednesday, February 10, 2016

නිවන් මගට පැමිණීම

නිවන අත්විදිමු.
නිවනට සපැමිනිමේ පළමු පියවර වනුයේ සෝවාන් ඵලය ලැබිමය .
ඒ සඳහා  සක්කාය දිට්ටි , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන අවබෝදයෙන් දුරු කල යුතුවේ.
යමෙක් තුල තමා පිළිබඳව හෝ අන් වස්තුන් පිළිබඳව ආසාව බැඳීම තදින් පවතීනම් ඔහුට මේ දුකින් පිරුනාවු  සංසාරයෙන් ගැලවීමක් ඇත්තේ නැත.
නැවත නැවත සසර ඉපදෙමින් අනන්ත දුකටම පත්වේ. එසේනම් සසරින් එතර වීමට හෙවත් දුකින් මිදීමට කැමැත්ත ඇති අය විසින් අනිවාර්යයෙන්ම තමා පිළිබඳව හෝ වෙනත් වස්තුන් පිළිබඳව ඇති ආසාව ටිකින් ටික දුරු කරගත යුතුවේ. 
එවිට සක්කාය දිට්ටිය නම් වූ සංයෝජනය දුරුකර ගත හැක. එය සෝවාන් මගට තබන පළමු පියවර වන්නේය. 

යමෙක් තුල බුදුන් දහම් සඟුන් යන තිසරණය පිළිබඳවත්, පෙර භවය මතු බවය පිළිබඳවත් , දෙවියන් බඹුන් පිළිබඳව හෝ මාපිය ගුණ පිළිබඳව හෝ සැකයක් පවතී නම් එය විචිකිච්චාව ලෙස හඳුන්වනු ලැබේ.
 සෝවාන් මගට පැමිණෙන්නහු  විසින් මෙකි සැකය නැතිකරගත යුතුය. විස්වාසය දැඩිකරගත යුතුය. එසේම මන්දබුද්ධික නොවන ඕනෑම අයෙකුට සෝවාන් මගට පැමිණිය හැකිය යන්න දැඩිව විස්වාස කලයුතුය. 
එවිට වීචිකිච්චාව නැතිවේ සෝවාන් මගට පැමිණීමට එය ඉමහත් රුකුලක් වන්නේය.

නොයෙක් ආකාරයේ ශිල සමාදානයන් කෙරෙහි හෝ වෘත සමාදානයන් පිළිබඳව  විස්වාසය තුලින් දුකින් මිදියහකියයි විස්වාසකිරීම තුන්වන සංයෝජනයයි.
 නිවනට මග වන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරදි අවබෝදය පමණක්ම බවත් ඒ සඳහා වෙනත් සීල වෘත සමාදන් වීම නිවැරදි මග නොවන බවත් විස්වාස කල යුතුවේ. 
ගෞතම බුද්ධසාසනය තුල දීම නිවන් මගට පැමිණීමට බලාපොරොත්තුවන බුද්ධශ්‍රාවකයා මෙසේ තම අවබෝදය නිවැරදි කරගතයුතු වන්නේය.
 එසේම සෝවාන් මගට පැමිණ මිස මේ බවයෙන් ඉක්ම නොයන බවට දැඩිව තීරණය කරගත යුතුය .
සක්කාය දිට්ටිය , 
විචිකිච්චා , 
සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන දුරුකොට මේ බවයෙදීම සෝවාන් මගට පැමිණිය යුතුමය. 
මෙය දැඩිව අධිෂ්ටාන කොටගෙන අවබෝදය වඩා වර්දනය කරගනිමු.