
නමදිමු කැළණි වෙහෙර වහන්සේ
ආයාචනාය මණි අක්ඛි - මහෝර ගස්ස
යස්මිං නිසීදි භගවා - මණි මණ්‍ඩ් පස්මිං
තස්සෝ පරිට්ටිතමුපට්ටිත වීත රාගං
කල්යාණි චේතිය මහං - සිරසා නමාමි.
උපන්දාසිට කරපු පව් නැත - වරක් වැන්දොත් කැළණිය.
බෝධි වන්දනාව
යස්ස මූලේ න්සිංනෝව
සබ්බාරි විජයංනකා
පත්තෝ සබ්බං ඤුතං සත්තා
වංදේතං බෝධි පාදපං
ඉමේ ඒතේ මහා බෝධී
ලෝකනාථෙන පූජිතා
අහංපිතේ නමස්සාමි
බෝධිරාජා නමස්තුතේ.
සුප ටිට්ටිත රට්ටනුරාධ පුරේ - සම දිට්ටිත දක්කින සාග බවන්
සුභ මේග වනම්බර මේග නිබං - ජය බෝධ් මහප්ඵල මාමි වරං
මැද්ද දේසේ ඉද්ධිබල ඇති - සිද්ධසිරි මහ බෝධි සාමිණි
අනුරාධපුර නුවර වැඩලා - ගුවන් සක්මන් කලයි සාමිණි
පොලොව මිහිකත දිවැස් දැකලා - රනින් පලසක් මවා පෑමිණි
නොදැන කල පව් ගෙවා වදිනෙමි - සිද්ධසිරි මහ බෝධි සාමිණි
රන්වන් පාටින් දළුලන බෝධිය - නිල්වන් පාටින් කොලලන බෝධිය
ගෞතම මුණිදුන් පිටදුන් බෝධිය - -අපිත් වදිමු ජය සිරි මහ බෝධිය
දඹදිව් තලයේ හටගත් බෝධිය - සගමිත් තෙරණින් ගෙන වැඩි බෝධිය
මහමෙව්නාවේ රෝපිත බෝධිය - අපිත් වදිමු ජයසිරි මහ බෝධිය.
මම මේ මලුවට යනවා එනවා - බෝමුල් බෝපත් මට පෑගෙනවා
සමාව දී මගෙ පව් හරලනවා - බෝරදුනේ මට සමාව දෙනවා.
උඩමළුවේ බෝ රජු වැජඹෙනවා - දෙවැනි මළුවෙ මල් පහන් දිලෙන වා
වැලිමළුවේ මහ සෙනග වදිනවා - මතු මත්තේ අපි නිවන් දකිනවා
සුදු බුදු රැස් දහරින් ලොව නහවා - බුදුහාමුදුරුවො සොද බණ කීවා
පුදමි පහන් මම සිරිපද ගාවා - බිද බවදුක සැනසුම හිමි වේවා.
සාදු... සාදු... සාදු...
ශ්‍රී දළදා නමදිමු.
ලෝකේක නාථ වදනං - බුධරාජ හං සං
මේනෙයිය කො මුදවනං - වලිසීතලම්හේ
අදුංජුකාර වර රූප - විරාජ මානං
වංදාමි සාදු මමලං - ජින දන්ත ධාතුං
මුනි සිරිපා නමදිමු.
යං නං ම දාය නදියා
පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ
සුමනාච ලග්ගේ
යං තද්ද යොනක පුරේ
මුනිනොච පාදං
තං පාද ලාංචන මහං
සිරසා නමාමි.
සීවලී මහ රහතුන් වන්දනාවට පිරිසිදු පැන් භාජනයක් පූජා කරන්න.
යං දේව මනුස්සානං - බ්‍රහ්මා නංච පියං තතා
යංනාග සුපංනානං - කතකිංචං අනාසවං
ලාබිං ලබංත සබ්බත්ත - වනේගාමේ ජලේ තලේ
ලාබීන මග‍්ගතං පත්තං - කත්වාන කුසලං බව්න්
චලබිංනං මහා තේජං - පහින්න පටි සම්බි දං
සුසීලං සීවලී තේරං - නමාමි සිරසා දරං
සියලු උපද්ද්‍රවයන්ගෙන් මිදීම සදහා මේ පිරිත සඣජායනය කරන්න.
චතු වීසති බුද්ධොති යෝ බවිස්සති උත්තමං - පාරමී බල යුත්තේහි ජල නන්දන උත්තමං
අනෝමානී ජලංතිරේ උත්තමං පත්ත චීවරේ - පාරමීතේ ජලං හෝති සර්‍ව බන්ධන ඡේදනං
ආනන්දෝති මහා තේරං උත්තමං ධම්ම භාණ‍්‍ඩකං - යේන භික්ඛු මහා තේරං සයනේ බංධන විද්වංසනා
ඉතිශ්‍රී ලෝක බුද්ධේ හි යේන ධම්මානු භාවතෝ - යංත්‍ර මංත්‍ර හරං කත්‍වා විනාසං බුද්ධානු භාවතෝ
මුනිංදෝ හෝති නමෝ බුද්ධං මාරසේනා පවජ්ජති - දස කෝටි සහස්සානි සර්‍ව බංධන ඡේදනං
පාරමිතා ගුණාහෝති යෝ බවිස්සති උත්තමං -අනේක ජාති සංසාරං සහස්සං ධම්‍මානු භාවතෝ
සයානෝවා සහස්සානි උත්තමං ගුණ පුග්ගලං - අසිතිං යේන සබ්බේපි සබ්බසිද්ධි බවංතුමේ / බවංතුතේ
ඔබට විනකරන සතුරන් හැදින ගන්න.මොහොතක් විමසිලිමත් වන්න. ඔබේ සිත තුල ඇති නපුරන් ඔබට විනකරන බව මොහොතකට හෝ ඔබ සිතුවාද? එසේනම් සිතන්න. වෛරය, අධික ආශාව හෝ මුලාව ඔබේ සිත වෙලාගෙන ඇත්නම් ඔබ කරන සියලු ක්‍රියාවනුත් ඔබගේ වචනයත් අනුනට මෙන්ම තමන්ටද අවැඩක් සිදුකරනවා මිස හොදක්නම් කරන්නේම නැත.
වෛරී සිත තමා ශාරීරිකවත් මානසිකවත් දුර්‍වල කරයි. ලෙඩ කරවයි. තමාට සතුරන් ඇතිකරවයි. සතුටතමා වෙතින් ඈත් කරයි.අධික ආශාව හෙවත් දැඩි ලෝබය හෝ රාගය ඔබට විපත් සිදුකරන බව ඔබ මොහොතකට සිතුවාද? සිත නිරතුරුවම අසහනයට පත්කරන සැනසුම අපෙන් ඈත්කරන විෂම ස්වභාවයක් වන මේ ගතිලක්‍ෂණ ටික ටික හෝ සිතින් දුරුකර ගැනුමට ගන්නා උත්සාහය ඔබ ට සිසිල ලංකර දෙයි. සියලු දුක් දුරුකරලයි. (තංහක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාතී)
මෝහය හෙවත් මුලාව තමා විපතට හෙලන තත්වයකි. යමක් පිලිබද නිවැරදි අවබෝධයක් නොමැතිව වැරදි අවබෝධය හෙවත් අනවබෝධය නිසා මිනිසා නිතර පව් රැස්කර ගනී. යාග හෝම වැනි අතිශය පිළිකුල් සහගත ක්‍රියා සිදුකරන්නේ මිනිසා තුල ඇති මේ මෝහය නිසාවෙනි. අතිශය දුක් විපාක ඇතිකරන මෙලොව පරලොව දෙකෙහිම තමා විපතට හෙලන මේ අපකීර්තිමත් තත්වයෙන් අත්මිදීමට අදිටන් කරගනිමු.
ඔබ ඔබ ගැනම මොහොතකට සිතන්න.දිනකට කොපමන වේලාවක් ඔබ ඔබ ගැන සිතීමට යොමුව ඇද්ද? මොහොතක් සිතන්න. ඔබව අපායට යවන්නේ කව්ද? එසේම දෙව්ලොව යවන්නේ කව්ද? මේ ගැන ඔබ මොහොතක් සිතුවාද? මේ වන විටත් ඔබට මේ පිලිබද සිතුවිල්ලක් පහලව ඇත්නම් ඔබ නිවැරදි මගට වයොමුව සිටින සිසිල දිවියට ලංකරගත් අයෙක් බව සතුටින් කිවහැකිවේ.
එසේනම් ඔබ පොඩ්ඩක් සිතන්න. කෙනෙක් අපායගාමී වන්නට බලපාන කරුණු කවරේද කියා. කෙනෙක් තුල නිතර ජනිත වන සිතුවිලි දැඩි ලොභය, වෛරය, මෝහය වැනි කෙලෙස් සහගත ඒවා නම් එවන් සිතුවිලි සහිතව කරනුලබන කිසියම් ක්‍රියාවක් හෝ වචනයක් හැමවිටම ඔබව යොමුකරවන්නේ නපුරටම වේ. එබැවි න් සිතේ ජනිතවන සිතුවිලි යහපත් බවට පත්කරගැනීම තුලින් තමාව අපායගාමී වීමෙන් වලක්වා ගත හැකි බව නිතර සිහිපත් කලයුතුවේ. එසේ ඔබ යහපත් දිවිපෙවෙතකට යොමුව ඇත්නම් ඔබ තුල නිතර ජනිතවන සිතුවිලි යහපත් ඒවානම් තමාව නිසිමග ගෙනයන දෙව්ලොවට යන මාවතට යොමුවූ අයෙකි ඔබ. නිරන්තරයෙන් සිසිල අත්විදිය හැකිය ඔබට. එසේනම් මොහොතකට සිතන්න ඔබ ඒ සිසිල අත්විදීමට ඔබව යොමු කරන්නේද කියා. බොදු සිසිලෙන් දිවිමග සිසිල අත් විදීමට ඔබට සිත් වේවා.
ඔබ බොදුනුවෙක්ද?මේ පැනයට ඔබ දෙන පිලිතුර ඔව් යන බව මම දනිමි. නමුත් මෙහිදී ඔබ අවංකවම තිසරණ සරණ කරගත්අයෙක්ද? කියා මෙහොතකට සිතා බලන්න. ඔබ තෙරුවණ් සරණ කොටගෙන ඇත්තේ වචනයට පමණක් නම් එය ප්‍රමාණවත් නොවේ. අවංකවම එය ඔබේ ජිවිතය කරගත යුතුය. දිවි යතත් තිසරණ සරණ අත් නොහැරිය යුතුමය.තිසරණ සරණ දිවියට සිසිලක් වන්නේ කෙසේද?
යහපත් බොදුනුවා අනිවාර්‍යයෙන්ම ශීලයක පිහිටා සිටිය යුතුමය. පංච ශීලය හෝ ආජිව අට්ඨමක ශීලය බොදුනුවා ගේ නිත්‍ය ශීලය බව අප හොදින්ම දනිමු. එවන් උතුම් ශීලයක පිහිටා එය දිවි දෙවෙනි කොට ආරක්‍ෂාකරන කිසිවෙක් වෙත්නම් ඔහු හෝ ඇය නිරතුරුවම දහමින් රැකවරනය ලබන්නේමැයි. ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී එසේනම් ඔබත් ඔබේ දිවියට සිසිලක් ලබාගැනීමට පසුබට නොවන්න. දහම් සිසිල අත්විදීමට අද අදම සිතට ගන්න.
සතුරු කරදරයන්ගෙන් අත්මිදීම පිණිස මෙම ගථාව කියවන්න.
දිසාහිමේ ධම්ම කතං සුනංතු - දිසාහිමේ යුංජංතු බුද්ධශාසනේ
දිසාහිමේ තේ මනුජා බජංතු - යේධම්මා මේවා දපයංති සංතෝ
දිසාහිමෙ ඛංති වාදානං අවිරොධ පසංසිනං - සුනංතු ධම්මං කාලේන අනුවීදියංතු
නහිජාති සො මමං හිංසේ - අංඤඤංවා පන කිංචිතං
පප්ඵුයිය පරමං සංතිං - රක්ඛෙයිය තස තාවරේ
ගැබිණි මවට සෙත්පතා.
සම්බුදු ගුණතෙද මවට ලැබේවා - පතිනි මව්න්ගේ පිහිටත් වේවා.
මවටත් ගැබටත් සෙතම සැදේවා - සුවපත් දරුඋපතක්ම ලැබේවා.
යහපත් යුගදිවි ඇරඹුමකට
යුගදිවි ඇරඹීමේ - සිත් කැමැත්තක් ඇතත් බෝ
වලකන නෙක බාධා - වන් නිසා සිත් පෙලුම් ගත්
මහදට සැනසිල්ලක් - දී වහා දෙවු බෙලෙන් තුම්
පතිනි මවුනි දෙත්වා - දෙවු වරම් අත් ගැනීමේ.
කල් වැසි වසීවා - කෙත් වත් සාර වේවා - සත් සිත නිවේවා - රජය දැහැමිව ලොවැඩ වේවා.
උදේ සවස ඉතා ශ්‍රද්ධාවෙන් මෙම ගාථා කියවන්න.
සියලු අසහනකාරී සිතුවිලි වලින් මිදී සැනසුම ලඟාවේ.
රත්නමාලී ගාථා
කියවනවිට -සං- දෙවරක් කියවන්න
සංසාර සාරෝග විනීත නී - සං -නීත සාතං සුචිසාර ධී - සං - ධීර කං සොංන තනූප ලා - සං - ලාප දේසිං පනමේ භි සා - සං - සාභිගං කේවල මෝහ නා - සං - නාහකං මාර රනේ විසේ - සං - සේවිතං දාසි මුදාර හා - සං - හාර ධම්‍මං පනමේ සදා - සං - දාස ගංනා සිත පාප නා - සං - නාප දංසිං හත ඝෝර පා - සං - පාර ගාමිං සුචි සාර වා - සං - වාර සංඝං පනමෙ රසා - සං -
සියළු අනතුරු වලින් වැලකී ආරක්ෂාව සලසා ගැනීම උදෙසා දිනපතා කිහවන්න.
අන්තරාය නිවාරන පිරිත.
බුද්ධානං ජීවිතස්ස - නසක්කා කේනචි - අංතරායෝ කාතුං
බුද්ධානං ඡබ්බංන රංසීනං - නසක්කා කෙනචි අංතරායෝ කාතුං
බුද්ධානං ද්වත්තිංස මහා පුරුෂ ලක්කනානං නසක්කා කේනචි අංතරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුංනං පච්චයානං - නසක්කා කේනචි අංතරායෝ කාතුං
ඉමේසං චතුංනං අච්චරියානං - නසක්කා කේනචි අංතරායෝ කාතුං
එතෙන සච්චවජ්ජේන - අංතරාවයෝ අසේසතො - මාරාගයෝ චිනස්සංතු
ජය සිද්‍ධී බවංතුතේ - ජයසිද්ධි බවංතු මේ
නිවසේ වාසනාව සහ දියුණුව වෙනුවෙන් මේ සෙත්කවි දිනපතා උදේ සවස කියවන්න.
අය මග වැඩේවා.
වැය මග අඩුව යේවා.
ජය සතුට වේවා.
අපේ ගේ සිරි නිවෙස වේවා.
ඇල්ලෙන් දිය ගලන ලෙසට - අයමග නැග ඒවා.
වැල්ලෙත් බඹරේ කැරකෙන - කාලය හොද වේවා.ඉල්ලම් ධන නිදන් සමග - පෙරපින මතු වේවා.
පල්ලම් බැසගිය දියුණුව - ආයෙත් නැග එවා.
පෙර පිණ නැගේවා. - කල පව් ඵල නොදේවා.
දෙව් රැක්ම වේවා. - සියල් ගහ දොස් අඵල යේවා.
ඇස්වහ කටවහ හෝවහ යේවා.
දොස් හදි අණවිණ වස් දොස් යේවා.
දෙස්ද දෙවොල් සූනියන් කැපේවා.
අස්වී නවගහ දොස් ජය වේවා.

දිනපතා උදෑසනින් අවදි වන්න. දියබදුනක් ගෙන මෙ පිරිතෙන් පිරිත්කල දිය බොන්න. ඔබ නීරෝග වනු ඇත. නිරොගී බව උතුම්ම ලාභය වේ. (ආරෝග්‍යා පරමා ලාභා)
දිය පිරිත.
සිදු නොකොට සියල් පව්. පිං කිරීමෙ යෙදෙන්නේ. සිතෙහි සුද වවන්නේ. මේ ඔවා සව් බුදුන්නේ. එබුදු බස සැබෑමැයි. ඒ සැබෑ බස් බෙලෙන් දැන්. මෙදිය දිඔසු වීමෙන්. මා කයේ රෝ සිදේවා.
හැම අපල ඉවත් වී දියුණුවේ මං සැදේවා. ගත සිත සුවපත්වී මං ලබම්වා දිගාසී.
සසර පෙර පිනින් මා බෝදනුල්පත් නැගේවා. සියලු හෙළ දෙවන්ගේ රැක්ම ආසී ලැබේවා. දිවිමග තිරවීමෙන් සොම්නසේ මල් පිපේවා. දවස සඵල වේවා. සව් දෙවන් රැක්ම වේවා.
හැමදෙන අප පව්ලේ සෙත් සුවෙතොස් ලබත්‍වා. රටට දැයට සව් දෙව් රැක්ම ආසී ලැබෙවා.
බුදු සරණ වෙවා. සදහම් සරණ වෙවා. සග සරණ වෙවා. මෙතුන් සරණින් ජයම වෙවා.
බොදු සිතුවිලි
සිදුහත් උපත සිදුවූ වෙසග පුන් පෝ දා ලොව්තුරා බුදු පදවි ලැබීමත් පිරිනිවීමත් යන තෙමගුල් කරුණු සිදුවින. එබැවින් වෙසග පෝ දින සකල ලෝ වාසී සැම බොදු දනහට ඉමහත් වැදගත් දිනයකි. එහෙයිනි එදින අති මහත් බහුතර ජනතාවක් පෙහෙවස් සමාදන් වීම අනේකවිධ ආමිස පූජාවන් සිදුකිරීම වැනි උතුම් කටයුතු සිදුකරනුයේ. ඔබ බොදුනුවෙක්, කිතුනුවෙක්, හෝ වෙනත් ඕනෑම ලබ්දිකයෙක් වුවත් මෙ අසිරිමත් වෙසග දිනය සතුටු දිනයක් ලෙස සලකන බව නොඅනුමානය. අනාදිමත් කාලයක් පෙරුම්පුරා ලෝ සත වෙත පතලාවූ මහා කරුණාවෙන් උතුම් සදහම් මග ලොවට හෙලිකලාවූ අප මහා බුදු පියාණන් වහන්සේ ගේ ඒ උතුම් සදහම් මග අප අපගේ ජිවිත වලට කෙතරම් ප්‍රායෝගික කරගෙන ඇත්ද?අපගේ ප්‍රායෝගික ජිවිතයත් බුදු දහමත් අතර කිසියම් පරතරයක් ඔබ දකින්නේද? එසේනම් එහි
අරුත වනුයේ ඔබ තවමත් බුදුදහමින්ජිවිතයට ලැබෙන සිසිල අත් නොවිදින බවයි.
උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මිනිසත් බව ලැබූ ඔබ ඒ උත්තම බුදුදහමින් පෝෂනය වූ දිවයිනක වෙසෙමිනුත් බුදු සිසිලෙන් ජිවිතයට ලැබෙන සිසිල අත් නොවිද සිටී නම් තවත් කල් නොහැර අදම ජිවිතයට අලුත් අරුතක් එක්කරගැනීමට යොමු වෙමු.