Showing posts with label වදන්. Show all posts
Showing posts with label වදන්. Show all posts

Wednesday, September 21, 2016

-ඥාණය හා ප්‍රඥාව-

බුද්ධ භාෂිතයේ පිරිසිඳ දැකීම-ඥාණය හා ප්‍රඥාව

එදා ගෝතම බුදුපියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය යුගයේදී නම් පැයක් දෙකක් ඇතුළත දී මුල, මැද, අග යන තුන් කාලයම සළකා දාන කථා, සීල කථා, සග්ග කථා, නෙක්කම්ම කථා වැනි අංග සම්පූර්ණ සාමුක්කංසික දේශණාවක් කර කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දී මිනිසුන් මාර්ග ඵලයන්ට පත්කිරීමේ ශක්තියක් ලබා දුන්හ. 
නමුත් අද කාලයේ ජිවත් වන මිනිසුන් හා සමාජය ඊට වඩා පිරිහී ආගම් සංකල්ප වලින් විකෘති වී ඇති නිසා දවසකින් නොව මාස ගණනකින් වුවද මිනිසුන්ට දේශණා කර මේ ධර්මාවබෝධය ලබා දීම අමාරු කාර්යයකි. ඊට මූලික ම හේතුව අද ලෞකිකත්වය කෙරෙහිම යොමු වූ දෙව්, මිනිස් සැප සම්පත් දැඩි සේ බලාපොරොත්තුවෙන්ම බුද්ධාගම පවා ඇදැහිල්ලක් ලෙසින්ම අදහන ලේබල් බෞද්ධ පිරිසම බහුල වීමයි.

කොතරම් ශ‍්‍රද්ධාවෙන් යුක්ත වූ බෞද්ධයකුට වුවද අද එකවරක්, දෙකක් අසා මේ උතුම් ධර්මය තේරුම් ගෙන තම චිත්තසංථානයේ ගබඩා වී ඇති දෙව්, මිනිස් සැප පැතීමේ ගතිය, දෘෂ්ඨිය ඉවත් කර ගත නොහැකියි. එය ඉතාමත් ම අමාරු කාර්යයකි.
 කළු ධර්ම යනු මේ ගතිගුණ හා බැදුණු මතු බලාපොරොත්තු වේ. අද මිනිසුන් සිල් රකින්නේ දෙව් ලොව යෑමේ සැප විඳීමේ බලාපොරොත්තුවෙනි. දන් දෙන්නේ, දෙන දේ මෙන් සිය දහස් ගුණයක් ආපසු ලබා ගැනීම සඳහායි. 
භාවනා කරන්නේ ධ්‍යාන ලබා මානයෙන් ලෝකයාට ඍද්ධි ප‍්‍රාතිහාර්යයන් පෙන්වීම සඳහායි. 
මානයෙන්, මමත්වයෙන් ක‍්‍රියා කරනු මිස කළු ධර්ම මොනවාද යන්න නිසි අවබෝධයක් ඇතිව ධර්මානු ධම්ම ප‍්‍රතිපදාවේ යෙදෙන මිනිසුන් අද බෞද්ධයින් අතරත් විරල වේ.
ධර්මය දේශණා කරන බොහෝ දේශකයින් තමාගේම ආත්ම ලාභය සඳහාම මුදල් එකතු කර ගැනීමටත්, පොත් විකුණා වෙහෙර බෝමළු සෑදීමටත්, තමන්ගේම සුඛ විහරණය සඳහා ප‍්‍රසිද්ධිය, ප‍්‍රචාරය ප‍්‍රසංසාව, ප‍්‍රණාමය හෝ ප‍්‍රතිලාභයක් හෝ සඳහාම ධර්මය දේශණා කරයි නම් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියක් ලැබේ යැයි සිතිය නොහැකියි.
 මේ අනුව කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දීමත්, ලබා ගැනීමත් යන දෙකම අද එක සේ අමාරු කාරණා දෙකකි. කළ්‍යාණ මිත‍්‍රයා යනුු කවුද, කළ්‍යාණ මිත‍්‍රයාට කළ හැකි දේ මොන වාගේ දෙයක් ද යන්න හොඳින් නිවැරදිව ම තේරුම් ගත යුතුයි.
මිනිසුන් ඇතුලු සියලු සත්ත්වයන්, දෙවියන් පවා සංසාර ගමනට කැමැත්තෙන්ම බැඳෙන්නේ, ඇලන්නේ, පටළැවෙන්නේ, මුළා වෙන්නේ තම තමාගේම චිත්තසංථානයෙහි රාග, ද්වේෂ, මෝහ යන කෙළෙස්, කළු ධර්ම ගබඩා වී, මුල් බැස පැවතීම නිසයි. 
මේ කෙළෙස් අත් හැරීමට, ප‍්‍රහාණය කර ඉවත් කර දමා ඒවායින් නිදහස් වීමට තම තමන් තුළම ඇති මේ ශක්තිය පිළිබඳව මනසක් ඇතිව උපන් මිනිසුන් අතුරින් පවා තේරුම් ගන්නේ කිහිප දෙනෙකු පමණි. බොහෝමයක් දෙනෙකුට මේවා තේරුම් ගැනීමටද නොහැකියි. තවත් කොටසක් මෙවැනි ධර්මය ඇසීමට පවා අකමැතියි. මේ කෙළෙස්, කළු ධර්ම බුදුපියාණන් වහන්සේම පෙන්වා දුන්නේ කුණු ලෙසයි.
අද කුසලස්ස යන පදයත් පින්කම් යන පදයත් බොහෝ අය පටලවා ගෙන භාවිතා කරති. අස්කර, ඉවත් කර නිදහස් විය යුතු කුණු ගොඩක් පිළිබඳව කියැවෙන කුසල් යන පදයත්, සිත පහන් කර චිත්ත ප‍්‍රසාදයත් සඳහා කරන පින්කමත් ක‍්‍රියා දෙකක් බව තේරුම් ගත යුතුයි. 
පින්කම් කර සිතේ පැහැදීමක් ඇති වූ විට දෙවනුව සිතේ ගබඩා වී පවතින කුණු, රාග, ද්වේෂ, මෝහ මුළින්ම ගළවා, අස්කර ගැනීමටත් හැකි වේ. ඒ නිසා නිවනට මේ දෙකම එක සේ අවශ්‍ය වේ. කුණු සළා අස්කර දැමීමට නම් ප‍්‍රඥාව යන ශක්තියත් අවශ්‍ය වේ.
ප‍්‍රඥාව අවශ්‍ය වන්නේම කුසල් පූර්ණ කර ගැනීමටයි. ප‍්‍රඥාවෙන් කර ගන්නේ පජාහති, පහානාති, පස්සති යන අස්කිරීම, බැහැර කීරීම, මුළින්ම ගළවා ඉවත් කිරීම වශයෙන් පෙන්වූ ක‍්‍රියාවන්මයි. 
මෙතැනදී කළු ධර්ම බැහැර කිරීම සිදු කරනු ලැබේ. 
ඒ වෙනුවට සුදු ධර්ම භාවිතා කිරීමකුත් අවශ්‍ය කෙරේ. සුදු ධර්ම ලෙසින් ධර්මයේ පෙන්වා වදාළේ චිත්තසංථානය පිරිසිදු කරන කළු ධර්ම වලට විරුද්ධ වූ දේවල්ම වේ. 
සුදු ධර්මයන් ලෙසින් පෙන්වා වදාළ වීතරාගී, වීතද්වේෂී, වීත මෝහී මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අනාසව, නිරාමිස ගති චිත්තසංථානය ඇතුළට ගැනීමෙන් මෙතුවක් කල් චිත්තසංතානය තුළම ගබඩා වී තිබූ කළු ධර්මයන් කැපී විනාශ වී යයි. 
සුදු ධර්මයන් කිසිවිටකත් විඤ්ඤාණයට ආහාර ලෙසින් භාවිතා කළ නොහැකියි. ඒ නිසා විඤ්ඤාණ ශක්තිය දුර්වල වී, ප‍්‍රඥාව උපදවා, පහදා ගත හැකි වේ. 
මේ අනුව සහමුළින්ම ”භව” උදුරා දමන්නට උපකාර වන බුද්ධ ඥාණ මතු වේ. ඒ ප‍්‍රඥා විමුක්තියට පත්වීමේ මාර්ගයයි.

උතුම්  නිවන  අවබෝධ  කිරීමට සැමට  ප්‍රඥාව ලැබේවා 
එදා ගෝතම බුදුපියාණන්වහන්සේ ජීවමානව වැඩ 

සිටිය යුගයේදී නම් පැයක් දෙකක් ඇතුළත දී මුල,

 මැද, අග යන තුන් කාලයම සළකා දාන කථා, ශිල  

 කථා, සග්ග කථා, නෙක්කම්ම කථා වැනි අංග 

සම්පූර්ණ සාමුක්කංසික දේශණාවක් කර කළ්‍යාණ

 මිත‍්‍ර සම්පත්තිය ලබා දී මිනිසුන් මාර්ග ඵලයන්ට

 පත්කිරීමේ ශක්තියක් ලබා දුන්හ. 

නමුත් අද කාලයේ ජිවත් වන මිනිසුන් හා සමාජය ඊට 

වඩා පිරිහී ආගම්

 සංකල්ප වලින් විකෘති වී ඇති නිසා දවසකින් නොව

මාස ගණනකින් වුවද මිනිසුන්ට දේශණා කර මේ 

ධර්මාවබෝධය ලබා දීම අමාරු කාර්යයකි. ඊට මූලික

 ම හේතුව අද ලෞකිකත්වය කෙරෙහිම යොමු වූ 

දෙව්, මිනිස් සැප සම්පත් දැඩි සේ 

බලාපොරොත්තුවෙන්ම බුද්ධාගම පවා ඇදැහිල්ලක් 

ලෙසින්ම අදහන ලේබල් බෞද්ධ පිරිසම බහුල වීමයි.

Wednesday, May 27, 2015

හඳුනා ගනිමුද ඔබ කවුද කියා

හඳුනා ගනිමුද ඔබ කවුද කියා

දැක්කද ඔබ ඔබව හොදින්

ඔබ උත්සාහ කලාද ඔබව හදුනා ගන්න. කොහොමද හදුනා ගත්තද හොදින්? සමහරවිට ඔබ බොහෝ දෙනෙකුට චරිත සහතික නිකුත්කල අයෙක් විය හැක. ඔබට ඔබ දෙනු ලබන්නේ කුමන විදිහේ චරිත සහතිකයක්ද? පොඩ්ඩක් ඉන්න. විමසිලිමත්ව බලන්න ඔබ කුමන චරිතයක්ද කියා. මේ සදහා මම ඔබට මිණුම් දඩු තුනක් හදුන්වා දෙන්නෙමි.
රාග චරිත, ද්වේෂ චරිත හා මෝහ චරිත ඒ මිණුම් දඩු තුන වේ. හැකිද ඔබට දැන් මැනබලන්න ඔබව කුමන චරිතයක්ද කියා. කලබලවන්න එපා. බොහොම හෙමින්, සීරුවෙන්, සිහිනුවණින් මේ පිලිබදව සොයා බලන්න. එවිට ඔබට හැකිවෙයි ඔබතුල ඇති දුර්වල චරිත ලක්ෂණ හදුනාගෙන ඒවා අවම කරගනිමින් යහපත් ච්රිත ලක්ෂණ වර්ධනය කරගනිමින් ජීවිතයේ යථාර්තය අවබෝධ කරගැනීමට.
ඔබ රාග චරිතයක් නම් ඒ දුර්වලකම් මගහරවා ගැනීමට ඔබ කලයුත්තේ ශරිරය පිලිබද අනිත්‍ය ස්වභාවය හා අසුබය හොදින් මෙනෙහි කිරීමත් අවබෝධකර ගැනීමත්ය. පුරුෂයා නිතරම ස්ත්‍රියවෙතත් ස්ත්‍රිය නිතොරම පුරුෂයා වෙතත් ආකර්ෂණයවීම ප්‍රථග්ජන ස්වභාවයයි. නමුත් ශීලයෙන්දැමුනු කල්හි සමාධිගතවු සිතින් ප්‍රඥාවන්ත ලෙස ඇතිකරගත් දැක්ම (නිවැරදි දැක්ම) ඉහතකී බැමි මුදාලීම උදෙසා තමාට සරණවනු ඇත. එබැවින් ප්‍රථමකොට ශීලය ජීවිතයට ලංකරගන්න. දිවි දෙවැනිතොට ශිලය ආරක්ෂාකරන්න. අධික රාගී තත්වයෙන් අත්මිදීමට එයින් ඔබට පිහිටක් ලැබෙනු ඇති. එයින් ඔබට ලැබෙන අපමණ සිසිල අත්විදින්න. ඔබ රාගගින්නෙන් දැවී විනාශ නොවනු ඇත. අතිශය සුන්දර ජීවිතයකට ඔබ උරුමකමි කියනු ඇත.
ඔබ දෙව්ෂ සහගත චරිතයක් නම් නිතොර ඔබේ සිත තුල තරහ සිතුවිලි ඔබව අපහසුවට පත්කරත් නම් ඔබ කලයුත්තේ මෛත්‍රිය නිතොර වැඩීමයි. ප්‍රථමයෙන් තමන්ට මෛත්‍රි වඩන්න. තමන් අපහසුවට දුකට පත් කරන කාරනාවලින් අත්මිදෙන්න. දෙවනුව ලෝවැසි සයලු සත්වයන්හට මෙත්සිත පතුරුවන්න. ද්වේෂ සහිත සිතුවිලිවලින් මදී ඔබ සුවපත් වනු ඇත. එයින් ඔබ මානසිකව හා කායිකව නිරෝගි සක්තිමත් පුද්ගලයෙක් වනු ඇත.
ඔබ මොහ චරිතයක් නම් ධ්ර්මාවබෝධය වර්ධනයකරගැනීමට වැඩිපුර වෙහෙසෙන්න. යාග හෝම යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් සදහා ඔ‍බගේ කාලය ධනය නාස්තිකර නොගෙන උතුම් බුද්ධ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න. සදහම් මගට පිවිසෙන්න. බුද්ධ රත්නය,ධම්ම රත්නය,සංඝ රත්නය ඉතසිතින් සරණ කරගන්න.
මෝහාන්ධකාරය දුරුවී ඔබ සුවපත්වනු ඇත. ප්‍රඥාලොකයෙන් ඔබ බැබලෙනු ඇත.
රාග ද්වෙෂ මෝහ ඔබෙන් දුරුවූකල්හි ඔබ සත්‍යවශයෙන්ම දහමින් සිසිල ලත් උතුම් මිණිසෙක්වනු ඇති. ඔබට තෙරුවන් සරණයි.

Monday, October 27, 2014

බොදු වදන්


ආරෝග්‍ය පරමා ලාබා
සන්තුෂ්ටී පරමං ධනං
විශ්වාසා පරමා ඥාති
නිබ්බානං  පරමං සුඛං

නිරෝගිබව පරම ලාබයය්  - සතුට පරම ධනයය්
විශ්වාසය පරම ඥාතියාය් -  නිර්වානය පරම සැපයය්.

කවුද ඔබේ නියම මිතුරා?





ඔබගෙ සදාතන මිතුරා ඔබම නොවෙද?
ඔබ ඔබට ආදරේ  නම්, ඔබව දුකට පත්කරන රාග, ද්ව්ශ, මෝහ යන්ගේ  දරුණු බව වටහා ගන්න.

Wednesday, July 16, 2014

දම්පද සිසිල(ඔවදන්)be always with peace full mind

දිවි මග සිසිලට ධම්පද ඔවදන්

යහපත් සිතුවිලි තමාට සැප ලබා දෙයි.

 
අප පවසන හැම වදනක් මත් කරන හැම ක්‍රියාවක් මත් යහපත් සිතින් කියයි නම් හෝ කරයි නම් ඒ හොද විපාකසෙවනැල්ල මෙන් තමා සමගම සිටිමින් තමාට පිහිටක් සලසයි.

 එවන් සිතින් තමන් කරන කියන කිසිවකින් කිසිවකුහට සිත් රිදීමක් වන්නේ හෝ අවැඩක් සිදුවන්නේ නැත. එසේම තමන්ටද හැමවිටම ජීවිතයේ සතුට අත් විදිය හැක. එපමණක්ද නොව එමතුද තමාට සැප විපාක ලබා දෙන්නේමයැ.

එසේනම් තමාව සැපතට යොමුකරන හා නිරන්තරයෙන් තමාට සැපවිපාකම ලගාකරදෙනසිතුවිලියහපත්කරගැණුම උදෙසා නිරන්තරයෙන් විමසිලිමත් වීම (යෝනිසෝ මනසිකාරය) ජීවිතයට බද්ධකර ගැනුම දෙලොවම ජයගැනුමට හේතුවනු ඇත.
අද අද එයි මරු පිංකර ගන්නේ


Peace full mind takes you to Peace full life.  
Each and every word we say and every action we do if we do in a fair mind the reaction will come back to you for your betterment and it will helpful to you for the rest of your life.

Thursday, May 8, 2014

ඔබ සැබැවින්ම බෞද්ධ යෙක්ද?

ඔබ බෞද්ධයෙක් නම්?
ඔබ බෝධිසත්වයෙක් වියයුතුමය.
බොධිසත්ව වරු නම් තිදෙනෙකි.
මහා බෝධි සත්ව (ලොව්තුරා බුදු පදවි පතන උත්තමයින්)
පච්ඡෙක බොධි සත්ව (පසේ බුදු පදවි පතන අය)
ශ්‍රාවක බොධි සත්ව (මහ රහත් පදවි පතන අය)
එසේනම් ඔබත් බෞද්ධ නම් මින් එක් පදවියක් පතන අයකු විය යුතුමය.
නොඑසේනම් ඔබේ බොදුනු කමින් ඇති ඵලය කිම?
බොදුනුවකුලෙස ඔබේ මුක්ඛ්‍ය පරමාර්ථය වියයුත්තෙ නිවනටපැමිණිමයි
නිවනට පැමිණිය හැකි නොවරදින මග සොවාන් මගට පැමිණීමයි.
බොදුනුවකු ලෙස ඔබ එමගට පැමිණිය යතුමයි.
එසේනම් ඔබ නිවරැදි කරගතයුතු කරුණු 3 ඔබ සතුව ඇත.
1 සක්ඛාය දිට්ඨිය හෙවත් මමය මාගේය යන දැඩිබැඳීමෙන් ඔබ මිදිය          යතුය.
2 විචිකිච්ඡාව හෙවත් තෙරුවන් කෙරෙහි ඇති අවිශ්වාසය සහමුලින්ම        දුරු විය යුතුය.
3 ශිල වෘත පිළිබඳ තද විශ්වාසයෙන් මිදිය යුතුය.
මෙය වෙයි බොදුනුවකුගේ ඒකායන මග.
ඔබ දැන් එමගෙහි සිටිත්ද?
එමගට දැන්ම පිවිසෙන්න.
අති ඝොරම්බිර මෙ සසර මගින් මිදෙන්න.

Sunday, February 19, 2012

සතුට හා දුක = Happiness and Sadness

Are you really happy? 

If  I ask you this question you would often say "Oh no". Because it is the real truth. Do you know that the happiness is always with you and It is your problem that you stay away from it and keep sadness as your close friend. I would like to propose you some important facts to keep you happy for ever.

  • FORGET YOUR PAST. 
  • DON'T WORRY ABOUT YOUR FUTURE.
  • DON'T SPOIL YOUR PRESENT IN ANY PRESSURE OF OUT SIDE OR IN ANY CIRCUMSTANCES.  
  • DO PRACTICE A SIMPLE LIFE.
  • BE HAPPY WITH WHAT YOU HAVE AT PRESENT.
  • DO NOT EXPECT MORE WHAT YOU COULD  HARDLY GET. 
  • SIMPLE LIFE IS THE HAPPIEST LIFE .
  • Keep sadness always away from you.
  • Then the happiness is with you for ever.

නිතර සතුටින් සිටිමුද?

දුක හා සතුට
අපි කව්රුත් සතුටින් සිටීමට කැමැත්තෝ වෙමු. නමුත් සමහර විට ඔබ නොදැනුවත්වම හෝ කැමැත්තෙම්ම දුක වැලඳගත් අවස්ථා කොතෙකුත් ජීවිතයේ අත්විඳ ඇතුවාට සැකයක් නැත. සතුට ජීවිතයට අවශ්‍යම කාරණයක් වන්නේ එය දිවිමග සරුකරන ප්‍රධාන සාධකයක්ද වන බැවිනි. එනම් සතුටින් කරන ඕනෑම කටයුත්තක් සාර්ථකත්වය කරා ලගාකරවීම පහසුවන බැවිනි. එසේනම් සතුට අපට වැදගත්ම අවශ්‍යතාවයක් වන බව ඔබට දැන් වැටහෙනවා ඇති.
සතුටින් සිටීමට අප කලයුත්තේ කුමක්දැයි යන්න මීලගට ඔබට ඇතිවන ගැටලුව විය හැක. එය ඔබට ගැටලුවක් කර නොගෙන ජීවිතය සතුටින්ම ගතකිරීමට හැකි උපදෙසක් නේද ඔබ දැන් බලාපොරොත්තු වන්නේ. එසේනම් මා දෙන මේ ඔවදන ඔබට දිවිමග සතුටින් ගතකිරීම උදෙසා පිටිවහලක් වනවා නොඅනුමානයි.
මුලින්ම සිතන්න සතුට ඔබෙන් ඈත්වන්නේ කෙසේද කියා. ඒ අනිවාර්යයෙන්ම දුක හටගැනීම නිසාම නේද?
එය එසේනම් දැන් ඊලගට අප කලයුතුව ඇත්තේ දුක ඇතිවන හේතු සොයා බලා ඊට පිලියම් සොයා ගැනීම නොවේද? මම මෙහෙම කිවුවොත් අප දුක් වන්නේත් අපේ දුකට ප්‍රධාන සාධකය වන්නේත් අප තුල ඇති අසීමිත ආශාවන් සපුරාගැනීමට නොහැකි වීම නිසාය කියා ඔබ මා සමග එකග නොවන්නේද? නමුත් එය නොවේද අප පිලිගතයුතු පරම සත්‍යය වන්නේ?අප හැම දෙනෙකුටම විවිධ අවශ්‍යතාවයන් ඇතිබව ඇත්ත නමුත් මේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට යාමේදී අපට අත් විඳින්නට සිදුවන විවිධ දුෂ්කරතාවයන් දුකක්,කරදරයක් ලෙස දකින්න අපි පුරුදුව සිටින නිසාවෙනුයි එහිදී අපේ සිතේ දුකක් හට ගන්නේ. එසේනම් අප කලයුතුවන්නේ මේ සියලු දුෂ්කරතාවයන් ජීවිත අභියෝග ලෙස සලකා ඒවාට සතුටින් මුහුන දීමයි. එසේ නොයෙක් දුෂ්කරතාවයන් අභියස නොසැලී ඒවාට සතුටින් මුහුන දීමේ ශක්තිය ඔබතුල වර්ධනයකරගත හැකිනම් ඔබ ජීවිතය සතුටින් ගතකරන අයෙක් වනවා පමණක්නොව ජීවිතයේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ඨකරගැනීමද ඔබට එතරම් අභියෝගයක් නොවනු ඇත.සතුටින් සිටීමට නම් අප අසීමිත අවශ්‍යතාවයන් ගෙන් මිදී සැහැල්ලු සරල ජීවිතයකට හුරුවීම අතිශය වැදගත් වන්නේය.

Saturday, November 26, 2011

Are you a real fellower of Load Buddha ඔබ ගෞතම බුදු පියාණන් වහන්සේගේ නියම අනුගාමිකයෙක්ද?

As to the best of my knowledge a real fellower of Load Buddha should often
 think of helping others but not thinking of himself or selfish. We have much more responsibilities or sacrifices to fulfill before we come to the Nibbhana(Enlightenment) That was what our Bodhiasathwa started and carried out from Deepankara  Load Buddha and till become the Load Gauthama Buddha. 
Be a real Buddhist and become a right fellower of Load Buddha. Always help others and scarifies what ever you could till you obtain Nibbhana(Enlightenment).
May the sacred Tooth Relic bless you! 


තිලොවග බුදුපියාණන් වහණ්සේ සියළු සත්වයන් වෙත පතල මහා කරුණාවෙන් අපමණවූ මේ සසර දුක් උසුලමින් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරකට අධික කාලයක් අපමණ දුක්ගැහැට විඳි සේක.
පොඩ්ඩක් සිතන්න, ඔබ අන්අය වෙනුවෙන් දිනකට මොහොක් වත් ගතකරනවාද? වෙහෙසෙනවාද? එසේනම් අපේ බොදුනුකමේ අරුත කුමක්ද?
බොදුනුවෙක් යනු හුදෙක් තමන් පමණක්ම නිවනට යන මග හෙළිකරගැනීම උදෙසාම  වෙහෙසවන කෙනෙක් නොවිය යුතුයි.
අප මහ බෝසතාන්වහන්සේ දීපංකර බුදුහිමි හමුවෙහි රහත් පදවි ලැබ නිවනට සැපමිනිමට තරම් වාසනා ලැබ තිබියදීම ‍අප්‍රමාණවූ ලෝසතවෙත පතලාවූ මහා කරුණාව නිසාවෙන්ම ලොවුතුරා බුදුපදවි ලබමියි විවරණ ලත් සේක.
ඒ මහා බොසතුන් අනුව යන බොදුනුවෙක් නම් ඔබත් ලොවැසි සියල්ලන් වෙත කෙසේ වෙතත් හැකිපමණ අන්අය හ‍ට කරුණාවෙන් සැලකීමට සිතාගත යුතු නොවේද? එසේනම් ඔබත් මමත් අදසිටම හැකි හැමවිටකම අන් අයට පිහිටවීම අපගේ යුතුකම මෙන්ම බොදුනුවෙකුගේ වගකීම‍ ලෙසද සලකා කටයුතු කරමු.
 ඔබට දළදා සමිඳු පිහිටයි.




Friday, September 16, 2011

Are you really happy? ඔබ ඇත්තෙන්ම සතුටින්ද?

ජීවිතය විඳිමුද? විඳවමුද?



If  I ask you this question you would often say "Oh no". Because it is the real truth. I would like to propose you some important facts to keep you happy for ever.

  • FORGET YOUR PAST. 
  • DON'T WORRY ABOUT YOUR FUTURE
  • DO NOT SPOIL YOUR PRESENT IN ANY PRESSURE OF OUT SIDE.   
  • DO PRACTICE A SIMPLE LIFE
  • BE HAPPY WITH WHAT YOU HAVE AT PRESENT
  • DO NOT EXPECT MORE WHAT YOU COULD  HARDLY GET 
  • SIMPLE LIFE IS THE HAPPIEST LIFE .

මෙය අද බොහෝ දෙනා බොහෝ තැන්හි කථාවෙන ප්‍රබල කථා බහකි. අප කවරෙකු වුවත් ජීවිය විඳීමට කැමැති වන නමුත් විඳවීමට කැමැත්තෝ නොවෙමු.

ජීවිතය සැබැවින්ම විඳිය හැකි සරල ක්‍රම වේදයක් මා බොදුසිසිල තුලින් හඳුනා ගතිමි. එය ඔබටද ජීවිතය සැබැවින්ම විඳීම සඳහා උපයෝගී කරගත හැකිවනු ඇති බවට මම විශ්වාස කරමි.

  • අතීත සිදුවීම් සියල්ල අමතක කරන්න.
  • අනාගතය ගැන අපමන ප්‍රාර්ථනා හෝ බලාපොරොත්තු ඇතිකර නොගන්න.
  • මොනම බාහිර බලපෑමක් නිසා හෝ තමාගේ වර්ථමානය අමිහිරි කර නොගන්න.
  • අද මේ මොහොත සතුටින් ගත කරන්න.
  • සතුට ඔබ වෙතින් පලවා හැරීමට මොනම බලවේගයකටවත් ඉඩ නොදෙන්න.
  • ලැබෙන තරමින් හා ලද දෙයින් සතුටු වන්න.
  • ලෙහෙසියෙන් පහසුවෙන් ලබාගතහැකි දෙය සඳහා වෙහෙසෙන්න.
  • අල්පේක්ෂතාවය ජීවිතයට හුරුකර ගන්න.
  • දැහැමි බව අගයන්න.
  • ප්‍රතිපත්ති ගරුක ජීවිතයකට පුරුදු වන්න.
  • එවිට ඔබ ජීවිතය සතුටින් විඳිනු ඇති.
  •  
  • සතුටු වන්න.
සතුටු වන්න.
සතුටු වන්න.

Thursday, June 23, 2011

Would you mind yourself? සිත හඳුනා ගනිමු.


We always think of our future and of our family, would you ever think about yourself really?



  •  I means not about your body, but of cause  about your mind. 
  • A person really means, not once body of wasting day by day and going to an end soon, but once mind for ever lasting.
  •  So if you really think of yourself concentrate on your mind how it works and how do you act after accordingly. 
  • Get your mind to work for the betterment of others as well as yours.
  • You have to practice a lot for doing this. Spend a little time early morning soon after wake up. A few minutes before you go to bed. 
  • That's how you would be a worth person as well as a right person.
  • Be a great person on the earth.
  • Wish you success. 
        Blowing out of the fires of desire,

anger and delusion,
and the state of perfect peace that follows.
The end of rebirth.
A key Buddhist term.
 ඉවතලමු.
ජීවිතය දවාලන අසීමිත බලාපොරොත්තු නම් ගිනිදැල්
තරහව,ක්‍රෝධය, වෛරය නම් ලෝදිය.
සත්‍ය වසාලන මෝහය, මුලාව සහ මායාව.
දුටුවාද ඔබ ඔබේ සිත ඔබ දැන් සිටින්නේ කොහිද? මම අහන්නෙ ඔබේ ශරීරය තිබෙන්නෙ කොහිද කියා නොවෙයි. ඔබ ඉන්නෙ කොහිද කියලයි. ඉතිං පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔබ බුද්ධිමත් විය යුතුය කියා මම කියන්නෙ නෑ. ඒ සඳහා ඔබ හොඳ සිහියෙන් යුතුව සිටීමයි අවශ්‍ය වන්නේ.
එහෙම හොඳ සිහියෙන් තමාගෙ සිත දෙස බලන විට තමයි පෙනෙන්න පටන්ගන්නෙ තමා ඉන්නෙ කොහෙද කියල. දැන් පෙනෙනවනේද, තමා ඉන්න තැන ගැන හිතාගන්නත් අමාරු බව. මොහොතින් මොහොත විදුලියටත් වඩා වේගයෙන් ඒ මේ අත දුවන ඔය දඩබ්බර සිතම තමා නියම ඔබ. නොඑසේව ඔය මොහොතින් මොහොත දිරාපත්වන ශරීරය නම් නොවෙයි ඔබ. ශරීරය කියන්නෙ වසර කීපයකට පමණක් ඔබව රඳවාගෙන ඉන්න තාවකාලික නවාතැනක් කියල තමයි හදුන්වන්න වෙන්නෙ.
දැන් බලන්න ඔබ වඩාත් වෙහෙසෙන්නෙ කුමක් සඳහාද කියා. ඒ ඔබවෙනුවෙන්ද, නැතිනම් ඔය දිරායන ශරීරය ගැනද කියල. වඩාත් රසවත් හා පෝෂ්‍යදායී ආහාර පාන, සුඛොපබෝගී යාන වාහන, මහා මන්දිර, මේ සියල්ල සොයන්න ඔබ අපමන වෙහෙස වෙන්නෙ නිවරදි අව‍බෝධය ඔබට නැති නිසාවෙන් ඇයි මම එහෙම කියන්නෙ? මේ කිසිවකින් ඔබට නිර්මල සතුට ලැබිය නොහැකි නිසා. ඔබ අපමණ වෙහෙසක් දරමින් හරි හම්බකරන ඔය සියලු වස්තු සම්බාරය ඔබට තවතවත් දුක් කරදර ඇතිකරනවා මිස කිසිම සතුටක් ස්තිරව ඔබට අත්කර නොදෙන බව මම ඔබට පවසන්නේ ඉතාමත් විස්වාසයෙන් හා අවධානයෙනුයි.
එසේනම් අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ කුමක් සඳහාද? ඒ තමාව හොඳින් තේරුම් ගැනීම සඳහායි. එසේනම් ඒ සඳහා ඔබ කලයුත්තේ කුමක්ද? වඩාත් හොඳින් ඔබේ සිතේ ස්වභාවය හා එහි ක්‍රියා කාරීත්වය තේරුම් ගැනීමයි. ඒ සඳහා ඔබට අඩුතරමින් දිනකට විනාඩි කීපයක් හෝ ගතකල හැකානම් ඒ සුලු කාලය  තමා ඔබ ඔබේ ජීවිත කාලය තුලම ඔබවෙනුවෙන් ගතකල කාලය වනුයේ.එසේ නම් ඔබ දැන් ඒ සඳහා සූදානම් නේද? එවිටයි ඔබට ජීවිතයට වඩාත් විශ්වාසයෙන් යුතුව මුහුන දිය හැකි වන්නේ. වෙහෙස නොබලා උකටලී නොවී තමා ගැන විමසිලිමත් වන්න. එයින් ඔබට ජීවිතයේ නියම අරුත වටහාගත හැකිවනු ඇති.
ඔබට ජය.




Saturday, May 14, 2011

Be a worth person + දැහැමි වෙමු

Be a truthful
Be honest
Be loyalty
Never insult or do bad to others
Always helps others
Give advice when ever some one need
Help miners to get rid of bad
Never get rid of some one who really need help
Don't cheat anyone to get even millions worth things
Recognize the weakness and keep them away
Do what ever better for others and as well as for you 

දිවිමග වැඩුම උදෙසා මගේ අදහස් (බලාපොරොත්තු වෙමි ඔබෙනුත්)

මම හැම විටම සත්‍ය ගරුක වෙමි,
අවංක වෙමි,
නීති ගරුක වෙමි.

කිසිදින කිසිවෙකුට හිංසාවක්, නපුරක්, අකටයුත්තක් නොකරමි.
හැකි හැමවිටෙකම අන් අයට හැකි පමණින් උපකාර කරමි.
මගේ දැනුම හා අත්දැකීම් තුලින් අන් අයට අනුශාසනා කරමි.
මට වඩා බාලයින් විපතින් මුදවා ගැනීම මගේ වගකීම ලෙස සලකමි.
මා උගත් සියල්ල අන් අයට ද නොවලහා උගැන්වීම අගය කරමි.
කෙනෙක් විපතකට හෝ කරදරයකට පත්‍ව සිටින අවස්ථාවකදී මග හැර නොයමි.
‍වංචාවෙන් හෝ කපටිකමින් අනුන් රවටා අනුන් සතුදේ තමුන් සතුකර ගැනීම පිළිකුල් කරමි.
මා අතින් සිදුවන දුර්වල කම් මගහරවා ගැනීමට හැමවිටම වෙහෙසෙමි.
මටත් අන් අයටත් යහපත් වන ක්‍රියාවක්ම කිරීමට කැපවෙමි.

Thursday, December 30, 2010

සිහිය, නුවණ, බුද්ධිය, ප්‍රඥාව

ප්‍රඥාවෙන් තොරව නිවන් ලැබිය හැකි නොවේ.

බෞද්ධ දර්ශනය ප්‍රඥාවන්තයින් සදහාම වු දහමක් බව අප අවිවාදයෙන් පිලිගන්නා සත්‍යයකි. ප්‍රඥාවන්තයා යනු ඔබ කෙසේ අර්ථ දක්වන්නේද? උගතා, බුද්ධිමතා හෝ නුවණැත්තා යන මේ වචන වලින් ප්‍රඥාවන්තයා හැදින්විය හැකිද? පොත පත උගත් පමණින් ප්‍රඥාව වැඩෙන්නේ නැත. තැනට සුදුසු පරිදි ක්‍රියා කිරීමේ හැකියාව වූ නුවණ තිබූ පමණින් හෝ ප්‍රඥාවන්තයෙක් වන්නේ නැත. බුද්ධි පරීක්ෂණයකින් ඉහලම ලකුණු ලැබුවකු විමත් ප්‍රඥාවන්තයෙක් යැයි හැදින්වීම උදෙසා ප්‍රමානවත් සාධකයක් යැයි නොසිතන්න. මිනිසත් බව ලැබූ සැවොම (මන්ද මානසිකත්වයෙන් පෙලෙන්නහු හැර) කිසියම් ප්‍රමානයකින් ප්‍රඥාවන්ත අයෙක් වන්නේය.
බුදු දහමේ මූලික හරය වන්නේ ප්‍රඥාව දියුනුකර ගැනීම උදෙසා වීර්ය වැඩීමවේ. එහිදී ප්‍රධාන සාධකය වන්නේ සිහිය නිසිලෙස පවත්වා ගැනීමයි. සම්මා සතිය ලෙස දැක්වෙන්නේද එයයි. භාවනා වැඩීම තුලින් සිදුකරනුයේද සිහිය එකලස් කිරීම තුලින් ප්‍රඥාව දියුනු කිරීම වේ. අපගේ එදිනෙදා සියලු කටයුතු සිහියෙන් යුතුවම කිරීමට යොමුවිය හැකිනම් ප්‍රඥාව දියුණු කරගැනිම එමගින් වර්ධනය කරගතහැකිවේ.
නුවණ ඇති ශ්‍රද්ධාවන්තයෝ වෙහෙස වන්නේ ප්‍රඥාව දියුණුකර ගැනීම තුලින් පැමිණිය හැකි උතුම් නිවණට සපැමිනීමටය.

Friday, December 17, 2010

ගත්තද හදුනා ඔබ කවුද කියා

දැක්කද ඔබ ඔබව හොදින්

ඔබ උත්සාහ කලාද ඔබව හදුනා ගන්න. කොහොමද හදුනා ගත්තද හොදින්? සමහරවිට ඔබ බොහෝ දෙනෙකුට චරිත සහතික නිකුත්කල අයෙක් විය හැක. ඔබට ඔබ දෙනු ලබන්නේ කුමන විදිහේ චරිත සහතිකයක්ද? පොඩ්ඩක් ඉන්න. විමසිලිමත්ව බලන්න ඔබ කුමන චරිතයක්ද කියා. මේ සදහා මම ඔබට මිණුම් දඩු තුනක් හදුන්වා දෙන්නෙමි.
රාග චරිත, ද්වේෂ චරිත හා මෝහ චරිත ඒ මිණුම් දඩු තුන වේ. හැකිද ඔබට දැන් මැනබලන්න ඔබව කුමන චරිතයක්ද කියා. කලබලවන්න එපා. බොහොම හෙමින්, සීරුවෙන්, සිහිනුවණින් මේ පිලිබදව සොයා බලන්න. එවිට ඔබට හැකිවෙයි ඔබතුල ඇති දුර්වල චරිත ලක්ෂණ හදුනාගෙන ඒවා අවම කරගනිමින් යහපත් ච්රිත ලක්ෂණ වර්ධනය කරගනිමින් ජීවිතයේ යථාර්තය අවබෝධ කරගැනීමට.
ඔබ රාග චරිතයක් නම් ඒ දුර්වලකම් මගහරවා ගැනීමට ඔබ කලයුත්තේ ශරිරය පිලිබද අනිත්‍ය ස්වභාවය හොදින් මෙනෙහි කිරීමත් අවබෝධකර ගැනීමත්ය. පුරුෂයා නිතරම ස්ත්‍රියවෙතත් ස්ත්‍රිය නිතොරම පුරුෂයා වෙතත් ආකර්ෂණයවීම ප්‍රථග්ජන ස්වභාවයයි. නමුත් ශීලයෙන්දැමුනු කල්හි සමාධිගතවු සිතින් ප්‍රඥාවන්ත ලෙස ඇතිකරගත් දැක්ම (නිවැරදි දැක්ම) ඉහතකී බැමි මුදාලීම උදෙසා තමාට සරණවනු ඇත. එබැවින් ප්‍රථමකොට ශීලය ජීවිතයට ලංකරගන්න. දිවි දෙවැනිතොට ශිලය ආරක්ෂාකරන්න. අධික රාගී තත්වයෙන් අත්මිදීමට එයින් ඔබට පිහිටක් ලැබෙනු ඇති. එයින් ඔබට ලැබෙන අපමණ සිසිල අත්විදින්න. ඔබ රාගගින්නෙන් දැවී විනාශ නොවනු ඇත. අතිශය සුන්දර ජීවිතයකට ඔබ උරුමකමි කියනු ඇත.
ඔබ දෙව්ෂ සහගත චරිතයක් නම් නිතොර ඔබේ සිත තුල තරහ සිතුවිලි ඔබව අපහසුවට පත්කරත් නම් ඔබ කලයුත්තේ මෛත්‍රිය නිතොර වැඩීමයි. ප්‍රථමයෙන් තමන්ට මෛත්‍රි වඩන්න. තමන් අපහසුවට දුකට පත් කරන කාරනාවලින් අත්මිදෙන්න. දෙවනුව ලෝවැසි සයලු සත්වයන්හට මෙත්සිත පතුරුවන්න. ද්වේෂ සහිත සිතුවිලිවලින් මදී ඔබ සුවපත් වනු ඇත. එයින් ඔබ මානසිකව හා කායිකව නිරෝගි සක්තිමත් පුද්ගලයෙක් වනු ඇත.
ඔබ මොහ චරිතයක් නම් ධ්ර්මාවබෝධය වර්ධනයකරගැනීමට වැඩිපුර වෙහෙසෙන්න. යාග හෝම යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් සදහා ඔ‍බගේ කාලය ධනය නාස්තිකර නොගෙන උතුම් බුද්ධ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න. සදහම් මගට පිවිසෙන්න. බුද්ධ රත්නය,ධම්ම රත්නය,සංඝ රත්නය ඉතසිතින් සරණ කරගන්න.
මෝහාන්ධකාරය දුරුවී ඔබ සුවපත්වනු ඇත. ප්‍රඥාලොකයෙන් ඔබ බැබලෙනු ඇත.
රාග ද්වෙෂ මෝහ ඔබෙන් දුරුවූකල්හි ඔබ සත්‍යවශයෙන්ම දහමින් සිසිල ලත් උතුම් මිණිසෙක්වනු ඇති. ඔබට තෙරුවන් සරණයි.

Tuesday, December 14, 2010

අපි දෙමාපියනට කෙසේ සලකමුද?

මවුපිය උපහාර

ඔබ ඔබේ දරුවන්ට කෙතෙක් ආදරය කරයිද? ඔබේ පණ හා සමානව ඔබ ඔවුන්ට ආදරය කරන බව මම දනිමි. එහෙයිනි ඔබ ඔවුන් වෙනුවෙන් අසීමිතව වෙහෙස ‍වන්නේ. ඔබට දැන් සිතෙනවාද ඔබේ මවුපියනුත් ඔබට කෙතරම් ආදරය කරන්නට ඇතිද කියා. දැන් ඔබට එය එතරම් තදින් නොදැනුනත් ඒ පිළිබදට සිතන්නට මෙයයි හොදම අවස්ථාව. මන්ද තව නොබෝ කලකින් ඔවුන් ඔබ හැරගිය පසු ඔබට ඔබගේ ප්‍රමාදය ගැන පසුතැවිලි වන්නටත් දුක් වන්නටත් සිදුවන නිසාවෙනි.

මාපියන් ගෙදර බුදුන් බව සිතන්න.

Friday, December 10, 2010

තමාව හදුනා ගන්න.

ඔබ දන්නවාද ඔබ කවුද කියා?

සිතුවාද ඔබ මොහොතකටවත් ඔබ ගැන? මේ පැණයට ඔබේ පිළිතුර වන්නේ මොකද නැත්තෙ මම නිතරම හිතන්නෙ මගෙ ගැනමනෙ, යන්න බව මම දනිමි. හැබැයි එහෙම නොවෙයි සිතුවද ඔබේ සිත ගැන? අමතකවුනා නේද සිතන්න ඒ ගැන. එහෙනම් ඔබ නිතර වෙහසෙන්නේ කාගැනද? බොහොවිට ඒ ඔබගේ දරු පව්ල ගැන වියහැකියි. නමුත් ප්‍රඥාවන්තයා නිතර වෙහෙසෙන්නේ තමා ගැන සොයන්නයි.
අප්පමාදො අමතපදං එයයි බුදු වදන. එහෙයින් නිරන්තරයෙන්ම තමා ගැන අවදියෙන් සිටින්න. නිවැරදි සිහියෙන් කටයුතු කර අප්‍රමාදව ඒ උතුම් නිවනට පැමිණීමට ඉටා ගන්න.
ඔබට උතුම් තුණුරුවනේ සරණ වේවා!

Friday, December 3, 2010

නිවන් ලැබීමට ප්‍රාර්ථනාව පමණක් සෑහේද?

ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් නිවන් ලබමුද?

නිවනට පැමිණීම බොදුනුවෙකුගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේය. නිවැරදිව බොදු මගට පිවිසි හෙතම නිවනට යොමුවිම උදෙසා තම උත්සාහය අත්නොහැරම වීර්‍යය වඩන්නේය. ඒ සදහා වූ නිවරදි මග සොයමින් නිතර වෙහෙසෙන අතර තමා අවබෝධ කරගත් ධර්මතාවයන්ට අනුව කටයුතු කරමින් තම පරමාර්ථය වෙත පැමිණීමම අරමුණුකොටගෙන දිවි ගෙවන්නේය.
නොඑසේව ප්‍රාර්ථනා කිරීම පමණින්ම උතුම් නිවන කරා ලගාවිය හැකි වන්නේද?

මේ පිළිබද ඔබගේ වටිනා නැණවත් අදහස් ඉතා අගේකොට සලකමි. 0724438368 හෝ 0774713161 ට අමතන්න. වි‍‍ජේ සර්

Tuesday, November 2, 2010

පංසිල් නිවැරදිව හදුනා ගනිමු

ඔබ පංසිල් රකිනවාද?
එදා මෙදා තුර ලොව පහල වූ සියලු දහම් අතරින් බුදු දහම අතිශය ශ්‍රේෂ්ඨ දහම බව සියලු ප්‍රඥාවන්තයින්ගේ පිළිගැනීමයි. එවන් උතුම් දහමක සාමාජිකයෙක් වන ඔබ උතුම් මිනිසෙක් බව පිලිගැනීම අතිශොයුක්තියක් නොවන්නේය. එසේනම් ඔබ ඒ සදහා සුදුසු අයෙක් වීම අනිවාර්‍ය වන්නේය. හොද බොදුනුවෙක් වීම සදහා ඔබ අඩුතරමින් නිවරැදිව පංසිල් හදුනාගෙන එය ආරක්‍ෂා කලයුතුය.

බුදු දහමින් පංසිල් හැදින ගනිමු.
පානාති පාතා විරමනී ශික්ඛාපදං සමාදියාමි.
මෙහි නිවරැදි අර්ථ දැක්වීම නම් පනඇති සත්වයෙකු හිංසනයට හෝ ඝාතනයට ඇති අභිරුචි‍යෙන් (රමනයෙන්) වැලකීම නම්වූ ශික්ෂාපදය සමාදන් වෙමි යනුයි. මෙහිදී වඩාත් අවධානය යොමුකල යුත්තේ -රමනය- යන වචනය කෙරෙහිය. රමනය නම් කිසියම් තෘප්තියක් අපේක්ෂාවෙන් කරන ක්‍රියා දාමයකි. වෙරමනී යනු එවන් අපේක්ෂාවෙන් තොර වීමයි.

පරපන නැසීමෙන්
සොරකමින්
කාමයෙහි වරදවා හැසිරීමෙන්
මුසාබස් කීමෙන් හා
සුරාවෙන් මත්වීමෙන් යන මෙකී පංචවිධ ‍ක්‍රියාවන් පෙරකී පරිදි රමනයෙන් තොර වීම පංචශීල ප්‍රතිපත්තියවේ.

Friday, October 1, 2010

ඹබ සැබවින්ම සතුටින්ද?

සතුට කොහි ඇත්ද?

සතුට සොයා, සතුට වෙනුවෙන් ඹබ කොපමණ නම් වෙහෙස වන්නෙම්ද? නමුත් ‍වෙහෙසවී ඹබ ලැබූ සතුටක් ඇත්ද? සතුට සොයා දුවන්න එපා. මොහොතක් නවතින්න. දැන් සිතන්න. සතුට ඇත්තේ ඹබ ලගමයි, ඇයි ඹබ තවම එය නුදුටු‍වේද?
එසේනම් ඔබ එය දැකගැනීමට සතුටු ඇතිනේද? කලබල නොවන්න ඔබ සතුට සොයා දිව යන විට සතුට ඔබ වෙතින් ඈතට දිව යනු ඇති. ඔබ සතුට ලැබීමට කැමති නම් ඉවසීම පුරුදුකරන්න. දුක සැප, ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, හෝ වෙනත් ඕනෑම හේතුවක් නිසා අපමන උද්ධාමයට හෝ කම්පාවට පත් නොවන්න. සියල්ල උපේක්‍ෂාවෙන්ම විදදරාගැනීමට පුරුදු වන්න. පැමිණෙන දුක් පැණිරසයැයි සිතන ඔබ ලගට සතුට ලංවන්නේ නිරායාසයෙනි. ඇයි,ලද දෙයින් සතුටුවීම, එයත් ඔබ සතුටින් සතුට වෙතම ගෙනයන උපකාරකයෙක් බව සිතන්න.
ඉනුත් ඔබ්බට සතුට ඔබ වෙත ලංකරගැනීමට ඔබ යුහුසුලු වන්නේනම් අල්පේක්‍ෂ ජීවිතයකට හුරු වන්න. එනම් ඉතා සුලු දෙයින් යැපීමට පුරුදුවන්න. දැන් සැබවින්ම ඔබ සතුට ජීවිතයට ලංකරගත් බොදු සිසිල හදුනාගත් වාසනාවන්තයෙක්මයැ.

Tuesday, September 21, 2010

ධම්ම පදය

බට විනකරන සතුරන් හැදින ගන්න.
මොහොතක් විමසිලිමත් වන්න. ඔබේ සිත තුල ඇති නපුරන් ඔබට විනකරන බව මොහොතකට හෝ ඔබ සිතුවාද? එසේනම් සිතන්න. වෛරය, අධික ආශාව හෝ මුලාව ඔබේ සිත වෙලාගෙන ඇත්නම් ඔබ කරන සියලු ක්‍රියාවනුත් ඔබගේ වචනයත් අනුනට මෙන්ම තමන්ටද අ‍වැඩක් සිදුකරනවා මිස හොදක්නම් කරන්නේම නැත.
වෛරී සිත තමා ශාරීරිකවත් මානසිකවත් දුර්‍වල කරයි. ලෙඩ කරවයි. තමාට සතුරන් ඇතිකරවයි. සතුටතමා වෙතින් ඈත් කරයි.
අධික ආශාව හෙවත් දැඩි ලෝබය ‍හෝ රාගය ඔබට විපත් සිදුකරන බව ඔබ මොහොතකට සිතුවාද? සිත නිරතුරුවම අසහනයට පත්කරන සැනසුම අපෙන් ඈත්කරන විෂම ස්වභාවයක් වන මේ ගතිලක්‍ෂණ ටික ටික හෝ සිතින් දුරුකර ගැනුමට ගන්නා උත්සාහය ඔබ ට සිසිල ලංකර දෙයි. සියලු දුක් දුරුකරලයි. (තංහක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාතී)
මෝහය හෙවත් මුලාව තමා විපතට හෙලන තත්වයකි. යමක් පිලිබද නිවැරදි අවබෝධයක් නොමැතිව වැරදි අවබෝධය හෙවත් අනවබෝධය නිසා මිනිසා නිතර පව් රැස්කර ගනී. යාග හෝම වැනි අතිශය පිළිකුල් සහගත ක්‍රියා සිදුකරන්නේ මිනිසා තුල ඇති මේ මෝහය නිසාවෙනි. අතිශය දුක් විපාක ඇතිකරන මෙලොව පරලොව දෙකෙහිම තමා විපතට හෙලන මේ අපකීර්තිමත් තත්වයෙන් අත්මිදීමට අදිටන් කරගනිමු.