Showing posts with label ගාථා. Show all posts
Showing posts with label ගාථා. Show all posts

Tuesday, August 23, 2016

Saturday, February 26, 2011

අෂ්ඨාර්ය පුද්ගල සග ගුන

ආර්ය මහා සංඝ ගුන හැඳින ගනිමු.

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
උජුපටි පන්නො භගවතෝ සාවක සං‍ඝෝ
ඤාය පටිපන්නො භගවතෝ සාවක සංඝෝ
සාමිචි පටිපන්නෝ භග‍වතෝ සාවක සංඝෝ
යදිදං චත්තාරි පුරිස යුගානි - අට්ට පුරිස පුග්ගලා එස භග‍වතො සාවක සංඝෝ
ආහුනෙයියො පාහු නෙයියෝ - දක්ඛිනෙයියො අංජලි කර නියෝ - අනුත්තරං පුංඤඤක්කෙත්තං ලොකස්සාති.

සංඝං ජීවිත යාවනිබ්බානං සරණං ගච්ඡාමි.
යෙච සංඝා අතීතාච යෙච සංඝා අනාගතා
පච්චුප්පංනාචයේ සංඝා - අහං වංදාමි සබ්බදා
නත්තිමෙ සරණං අංඤං - සංඝොමෙ සරණං වරං
‍එතෙන සච්ච වජ්‍ජේන - හොතුමෙ ජයමංගලං
උත්තමං ගෙන වංදේහං - සංඝංච ත්‍රිවිදෝත්තමං
සංඝොයො කලිතො දොසො - සංඝො කමතුතං මමං.

සෙවක්කාතෝ දහම් ගුන හැඳින ගනිමු

සදහම් ගුන හැදින ගනිමු.

ස්වක්කාතෝ භගවතා ධම්මෝ
සංදිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ
ඔප‍නෛකෝ පච්ඡත්තං වෙදි තබ්බෝ විංඤඤූ හේති.

ධම්මං ජිවිත යාවනිබ්බානං සරණං ගච්ඡාමි.
යෙච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා
පච්චුප්පංනාචයේ ධම්මා අහං වන්දාමි සබ්බදා
නත්තිමෙ සරණං අංඤං ධම්මො මෙ සරණං වරං
එතෙන සච්ච වජ්ජේන හොතුමෙ ජයමංගලං
උත්තමං ගෙන වන්දේහං දම්මංච ත්‍රිවිධං වරං
ධම්මොයො කලිතො දොසො ධම්මො කමතුතං මමං

නව අරහාදී බුදුගුන හැඳින ගනිමු

බුදුපියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ගුන නවයකින් යුතුවූ සේක.

ඉතිපි සො භගවා - අරහං - සම්මා සම්බුද්ධෝ
ව්ජ්ජාචරන සම්‍පන්නො - සුගතෝ - ලෝකවිදූ
අනුත්තරෝ - පුරිස ධම්ම සාරථී
සත්තා දෙව මනුස්සානං බුද්ධෝ භගවාති.

නව අරහාදී බුදු ගුණ

අරහං - නිකෙලෙස් බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ යන අකුසල් මුල් සිඳ දැමූ හෙයින් ද රහසින්වත් පව් නොකරන හෙයින් ද දෙවි මිනිසුන් සියල්ලන්ගෙ පූජාවට සුදුසුවන හෙයින්ද අරහං නම් වන සේක.

සම්මා සම්බුද්ධෝ - කිසිවකුගේ උපදේශයකින් තොරවම පරම සත්‍යය අවබෝධකොට ගත් හෙයින් ද ඒ අවබෝධකරගත් ධර්මය මනාකොට දේශනා කරන ලද හෙයින් ද සම්මා සම්බුද්ධ වන සේක.


විජ්ජා චරන සම්පන්න - පුබ්බේ නිවාසානුස්සති
චුතූපපාත
ආසවක්ෂය
පරචිත්ත විජානන
දිබ්බ චක්කු
දිබ්බ සොත
ඉනද්‍රිය පරෝපරියත්ත
ඉද්ධිවිද
යන මෙ අෂ්ඨ විද්ධ්‍යා ‍වන්ගෙන් සමන්විත හෙයින් ද චරන හෙවත් ශිලයෙහි පිහිටා සිටි බැවින්ද විජ්ජා වරන සම්පන්න ව‍න සේක.

සුගත -ආර්ය අෂ්ඨාංගික මාර්ග දහම අවබෝධ කොටගත් හෙයින් සුගත නම් වන සේක.

ලෝකවිදූ - බඹ දෙව් මනිස් ප්‍රේත අපා ආදී කොට ඇති සියලු ලෝකයන් මැනවින් දත් හෙයින් ද ඒ සියලු ලෝකයන්ගෙන් ම්දුන හෙයින් ද ලෝකවිදූ නම් වන සේක.

අනුත්තර පුරිසධම්ම සාරථි - අනුශාසනා ආදේශනා සහ ඉර්ධිප්‍රාතිහාර්ය යන ත්‍රිවිධ ආකාරයෙන් සියලු ආකාරයේ පුද්ගලයින් දමනය කිරීමට සමත්වන හෙයින් පුරිසධම්ම සාරථී නම් වනසේක.

සත්තා දේව මනුස්සානං

බුද්ධෝ
- චතුරාර්්‍ය සත්‍ය ධර්මය අවබෝධකොට දේශනා කරන ලද හෙයින් බුද්ධෝ වන සේක.

භගවා - සියලු ගුණ දරාසිටින බැවින් භගවා නමි වන සේක.

ඒ තිලොවග බුදු පියාණන් වහන්සේ නිවනින් සැනසෙන තුරා මම සරණ කොට ගනිමි.
බුද්ධං ජීවිත යාව නිබ්බානං සරණං ගච්ඡාමි.
යෙච බුද්ධා අතීතාච - යෙච බුද්ධා අනාගතා
පච්චුප්පංනාචයේ බුද්ධා - අහං වංදාමි සබ්බදා
නත්තිමෙ සරණං අංඤං - බුද්ධෝමෙ සරණං වරං
එතෙන සච්ඡවජ්ජේන - හොතුමෙ ජය මංගලං
උත්තමං ගෙන වංදෙහං - පාදපං සුවරුත්තමං
බුද්දොයො කලිතො දොසො - බුද්ධො කමතුතං මමං.

Thursday, February 24, 2011

ගාථා තේරුම් ගනිමු

දැන අවබෝධයෙන් බුදුන් වඳිමු

වන්දනා ගාථා බොහෝවිට කට පාඩමින් කියන‍වා මිස ගාථාවේ තේරුම දැනගෙන හෝ අවබෝධයෙන් කියවන බවක් නොපෙනේ. මෙය විශාල අඩුවක් ලෙස දැනුන බැවින් ඒ සඳහා ‍විශේෂ ලිපි පෙලක් සකස් කිරීම මැනවැයි සිතුනි.

බුදුපියානණ් වහන්සේට නමස්කාර කරමු.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ///
ඒ භාග්‍යවත් වූ අරහත් වූ අංගීරස අමාමෑණී බුදුපියානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමස්කාර කරමි.///

බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමි. ඒමග යමි.
ධම්මං සරණං ගච්ඡාමි. මම දහම් මග අනුගමනය කරමි. ඒ උතුම් දහම අනුව දිවිමග සකස්කර ගනිමි.
සංඝං සරණං ගච්ඡාමි. මම ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරමි.
දුතියම්පි/ තතියම්පි දෙවනුවද තෙවනුවද මම ඒ ප්‍රතිඥාව දෙමි.

පාණාති පාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. පණ ඇති සත්වයකු නැසීම මම වින්දනයක් කර නොගනිමි.
අදින්නා දානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. අන්සතු වස්තුවක් හිමිකරගැනීම මම වින්දනයක් කර නොගනිමි.
කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. කම්සැප අයුතුලෙස වින්දනය නොකරමි.
මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. බොරුවෙන් අන් අය රැවටීම වින්දනයක් කර නොගනිමි.
සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. මදයට හා පමාවට හේතුවන සුරාවෙන් වලකිමි.

ඒ තිසරණ සහිත පංච ශීලය මම සමාදම්වෙමි.

Monday, September 27, 2010

ජය ශ්‍රී මහා බෝ සමිදු නමදිමු.

බෝධි වන්දනාව

යස්ස මූලේ න්සිංනෝව
සබ්බාරි විජයංනකා
පත්තෝ සබ්බං ඤුතං සත්තා
වංදේතං බෝධි පාදපං

ඉමේ ඒතේ මහා බෝධී
ලෝකනාථෙන පූජිතා
අහංපිතේ නමස්සාමි
බෝධිරාජා නමස්තුතේ.

සුප ටිට්ටිත රට්ටනුරාධ පුරේ - සම දිට්ටිත දක්කින සාග බවන්
සුභ මේග වනම්බර මේග නිබං - ජය බෝධ් මහප්ඵල මාමි වරං

මැද්ද දේසේ ඉද්ධිබල ඇති - සිද්ධසිරි මහ බෝධි සාමිණි
අනුරාධපුර නුවර වැඩලා - ගුවන් සක්මන් කලයි සාමිණි
පොලොව මිහිකත දිවැස් දැකලා - රනින් පලසක් මවා පෑමිණි
නොදැන කල පව් ගෙවා වදිනෙමි - සිද්ධසිරි මහ බෝධි සාමිණි

රන්වන් පාටින් දළුලන බෝධිය - නිල්වන් පාටින් කොලලන බෝධිය
ගෞතම මුණිදුන් පිටදුන් බෝධිය - -අපිත් වදිමු ජය සිරි මහ බෝධිය

දඹදිව් තලයේ හටගත් බෝධිය - සගමිත් තෙරණින් ගෙන වැඩි බෝධිය
මහමෙව්නාවේ රෝපිත බෝධිය - අපිත් වදිමු ජයසිරි මහ බෝධිය.

මම මේ මලුවට යනවා එන‍වා - බෝමුල් බෝපත් මට පෑගෙන‍වා
සමාව දී මගෙ පව් හරලනවා - බෝරදුනේ මට සමාව දෙනවා.

උඩමළුවේ බෝ රජු වැජඹෙනවා - දෙවැනි මළුවෙ මල් පහන් දිලෙන වා
වැලිමළුවේ මහ සෙනග වදින‍වා - මතු මත්තේ අපි නිවන් දකිනවා

සුදු බුදු රැස් දහරින් ලොව නහවා - බුදුහාමුදුරුවො සොද බණ කීවා
පුදමි පහන් මම සිරිපද ගාවා - බිද බවදුක සැනසුම හිමි වේවා.
සාදු... සාදු... සාදු...

නමස්කාර වේවා ශ්‍රී දළදා

ශ්‍රී දළදා නමදිමු.








ලෝකේක නාථ වදනං - බුධරාජ හං සං
මේනෙයිය කො මුදවනං - වලිසීතලම්හේ
අදුංජුකාර වර රූප - විරාජ මානං
වංදාමි සාදු මමලං - ජින දන්ත ධාතුං

Sunday, September 26, 2010

ශ්‍රී පාද වන්දනා ගාථා

මුනි සිරිපා නමදිමු.
යං නං ම දාය නදියා
පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ
සුමනාච ලග්ගේ
යං තද්ද යොනක පුරේ
මුනිනොච පාදං
තං පාද ලාංචන මහං
සිරසා නමාමි.

Monday, September 13, 2010

අංගුලිමාල ආරක්‍ෂක ගාථා

සතුරු කරදරයන්ගෙන් අත්මිදීම පිණිස මෙම ගථාව කියවන්න.
දිසාහිමේ ධම්ම කතං සුනංතු - දිසාහිමේ යුංජංතු බුද්ධශාසනේ
දිසාහිමේ තේ මනුජා බජංතු - යේධම්මා මේවා දපයංති සංතෝ
දිසාහිමෙ ඛංති වාදානං අවිරොධ පසංසිනං - සුනංතු ධම්මං කාලේන අනුවීදියංතු
නහිජාති සො මමං හිංසේ - අංඤඤංවා පන කිංචිතං
පප්ඵුයිය පරමං සංතිං - රක්ඛෙයිය තස තාවරේ

Wednesday, September 8, 2010

රත්නමාලී ගාථා රත්නය

උදේ සවස ඉතා ශ්‍රද්ධාවෙන් මෙම ගාථා කියවන්න.
සියලු අසහනකාරී සිතුවිලි වලින් මිදී සැනසුම ලඟාවේ.

රත්නමාලී ගාථා
කියවනවිට -සං- දෙවරක් කියවන්න

සංසාර සාරෝග විනීත නී - සං -නීත සාතං සුචිසාර ධී - සං -‍ ධීර කං සොංන තනූප ලා - සං - ලාප දේසිං පනමේ භි සා - සං - සාභිගං කේවල මෝහ නා - සං - නාහකං මාර රනේ වි‍සේ - සං - සේවිතං දාසි මුදාර හා - සං - හාර ධම්‍මං පනමේ සදා - සං - දාස ගංනා සිත පාප නා - සං - නාප දංසිං හත ඝෝර පා - සං - පාර ගාමිං සුචි සාර වා - සං - වාර සංඝං ප
නමෙ රසා - සං -