Sunday, March 18, 2012

ෙකටිම මගින් නිවනට

භාගිය දාරුචීරිය හාමුදුරු‍‍වෝ

දෙවියන්‍ ගේ මග ‍ පෙන්විම අනුව බුදුපියාණන් වහන්‍ සේ හමුවට ආ දාරුචිරිය හාමුදුරු‍වෝ බුදුපියාණන් වහන්‍ සේගෙන් ධර් මය ‍දේශනා කරන ‍‍‍ලෙස අයැද සිටි‍යේ අප බුදුපියානන් වහන්‍සේ පිඩු පිණිස වැඩමකරමින් සිටියදීය. ධර්මය ‍දේශනා කිරීමට මෙය අවස්ථාව ‍නොවෙයැයි ප්‍රථමෙයන් උන්වහණ්සේ එම ඉල්ලිම ප්‍රතික්‍ෂේප කරන්නට ‍යෙදුන මුත් ‍පෙරකරන ලද කර්ම විපාකයක් හේතු‍‍වෙන් උන්වහන්සේ ස්වල්ප ‍වෙලාවකින් මියයන බව හා ධර්මය වටහා ගැනී‍මෙ හැකියාව ඇතිබව දැක ඉතාම ‍කෙටියෙන් ධර්මය හකුලුවා ‍දේශනා කල‍සේක. ධර්මය අවසාන‍යේ උන්වහන්සේ ගවයකු විසින් අනිනු ලදුව රහත් පදවි ලබමින්ම පිරි‍නිවි ‍සේක.

භාගිය දාරුචිරිය හාමුදුරු‍වො කෙටිම මගකින් නිවන් ලැබුවන් අතර අග්ර පදවි ලදහ.
නිවනට ‍‍කෙටිම මග (අප බුදුපියානන් වහන්සේ  දාරුචිරිය හාමුදුරුවන්ට ‍‍‍දේශනා කල අයුරින්)


ඇසින් දුටු දෙය දුටු සැටි‍යෙන් අත්හැර දමන්න (සිතින් අල්වා ‍නොගන්න)


කනින් ඇසු ‍‍‍දෙය මෙන්ම,
 නාසයට දැනෙන ආග්ගරාහ්නයද,
 දිවට දැනෙන රසයද, 
 කයට දැ‍නෙන පහසද එ‍‍සේම සිතින් ‍‍නොගෙන එසැනින් අත්හැර දමන්න.


සිත හටගන්නා සිතිවිලිවල ස්වභාවය අව‍බොධ ‍‍කොටෙගන රාග, දෙව්ශ, ‍මෝහ  ‍ලෙස නොබැඳී සිටීන්න.


‍මෙයයි බුදුන් වහන්‍ සේ  දේශනා කොට වදාල ‍කෙටිම නිවන් මග.
ඒ අනුව මනාව සිහිය පිහිටුවා ගනිමින් සිත සකස්කොට ගෙන විර්ය වඩා නිවනට සපැමිණෙමු.

තෙරුවණ් සරණයි.

Wednesday, March 7, 2012

පටිච්චසමුප්පාදය - Patichchasamuppada

පටිචිචසමුප්පාදයට පිවිසීම (වෙනස් අයුරකින්)


පළමුව අපි බුදුහිමි වදාළ දුක්ඛ සත්‍යය විමසමු.
දුක්ඛ දුක්ඛතා
විපරිනාම දුක්ඛතා
සංඛාර දුක්ඛතා මෙ බුදුහිමි වදාළ පරිදි දුක්ඛ සත්‍යෙය් ප්‍රබේද 3 වේ.

එදිනෙදා ජීවිතයේ අපි විදින අමිහිරි අත්දැකීම් (කැමැතිදේ නොලැබිම,නොකැමැතිදේ ලැබිම,ප්‍රියයන්ගෙන් වෙන්වීම,අප්‍රියයන් හා එක්වීම) දුක්ඛ දුක්ඛතා හෙවත් සාමාන්‍ය දුක්ඛතාවය වේ. 


නොවැලැක්විය හැකි හේතු නිසා සිදුවන වෙනස්වීම් හේතුකොට ගෙන ඇතිවන දුක (වයසට යැම වැනි) විපරිනාම දුක.


අපවිසින් සත්‍යාව බෝධය නොමැති කම නිසා සිදුකරන පවු පිං රැස්කිරීම හේතුවෙන් සංසාරයේ භවගාමී වීම හෙවත් මැරි මැරී ඉපැදීම. සංඛාර දුක්ඛතාවයයි.

මෙසේ නොයෙක් අයුරින් විඳින අනේක විද දුක් වේදනාවන් සියල්ලට හේතුව වන්නේ ඉපදිම හෙව්ත් ජාති වේ. (සත්වයාගේ හටගැනීම)
එසේ ජාති හෙවත් ඉපදීමට හේතුව වන්නේ භව හෙව්ත් භව ගාමී විම වේ.(පිං පවු රැස්කිරීම නිසා සිදුවේ)
භවය හෙවත් ඉපැදෙමින් මැරෙමින් හා නැවත ඉපැදෙමින් හා මැරෙමින් යන මේ දීර්ඝ ගමනට හේතුවූවේ උපාදානය හෙවත් දැඩිව අල්වා ගැනීම වේ.(චුති චිත්තය නෛස්ක්‍රම්මයෙන් හෙවත් වෙන්වීමෙන් තොර නොවීම)
එසේ ඔබව භවගාමී කරවන උපාදානයට හේතුව වන්නේ තෘෂ්ණාව හෙවත් ආශාවයි.(තමන් ඇලුම් කරන දේ නැවත ලබා ගැනීමට ඇති ආශාව අත් නොහැරීම)
තෘෂ්ණාව හෙවත් ආශාව උපදින්නේ වේදනාව හෙවත් වින්දනය නිසාවෙනි. එය සැප විඳීම් නිසා සැප තෘෂ්ණාවත් දුක වේදනා නිසා තරහවත් මධ්‍යස්ථ වේදනා නිසා උපේක්ෂා වේදනාවත් වශයෙනි.(සත්වයා තුල නිරන්තරයෙන්ම විඳීම ස්වභාවය කොට පවතී)
වේදනා හෙවත් විඳීමට හෙතුව ඵස්ස හෙවත් හැපිම හෝ ගැටීම වේ. ඇස රූපයෙහි ද, කණ ශබ්දයෙහිද, දිව රසයෙහිද, නාසය අඝ්‍රාණ‍යෙහිද(සුවඳ), ශරීරය ස්පර්ශයෙහිද, මණස ආරම්මණයෙහි ද ගැටීම ඵස්ස ය වේ.
ඵස්ස හෙවත් ගැටීම සිදුවන්නේ ඇස, කණ, නාසය, දිව, ශරීරය හා මණස යන ආයතන සයෙහිය. සලායතන නමින් මෙය හැඳින්වේ. (ජාති අන්ධ බිහිරි ගොළු හො වෙනත් ආබාධිත අයෙකු වුවද ආයතනයන්හි ඇතිවන ගැටීම අවසන්වුවකුගේ තත්වයට පත්වන්නේ නැත.)
සලායතන හටගැනීම සිදුවන්නේ නාම රූප හටගැනීමත් සමගමය.(මවුකුසින් බිහිවීමට පෙර හා මවුකුසින් බිහිවූ මොහොතේ සිට)
නාම රූප හට ගැනීමට හේතුව වන්නේ වි‍ඥඥාණය හෙවත් මවුකුසක් තුල කලලයක ජීවය හටගැනීම නිසාවෙනි.
එය ඕපපාතිකවද බිජුවටක තුලද හෝ සිදුවිය හැක.
විඥඥාණයට හේතුව වන්නේ සංඛාර හෙවත් කුසල් අකුසල් රැස් කිරිම නොහොත් සංස්කරනයයි.(යමෙක් පිං රැස්කරන්නේ හො පවු කරන්නේ නම් එයින් සත්වයාගේ සංස්කරනය සිදුකරගනී)
කුසල් අකුසල් රැස්කිරීම හෙවත් සත්වයාගේ සංස්කරනයට හෙතුව වන්නේ අවිධ්‍යාව හෙවත් නොදැනුවත් කමයි.
අවිද්‍යාව නම් චතුරාර්‍ය සත්‍යය නොදැනීම හෙවත් දුක පිළිබඳව තත්වා කාරයෙන් අවබෝධකොට නොගැනීම වේ. එසේ වු කලී සත්වයා දුක් දොම්නස් ආදීකොට ඇති  මේ සසර ගමන උරුමකොට සිටී.

අවිද්‍යා පච්ඡයා සංඛාර
සංඛාර පච්ඡයා විඥඥාණ
විඥඥාණ පච්ඡයා නාම රූප
නාම රූප පච්ඡයා සලායතන
සලායතන පච්ඡයා ඵස්ස
ඵස්ස පච්ඡයා වෙදනා
වේදනා පච්ඡයා තණ්හා
තණ්හා පච්ඡයා උපාදාන
උපාදාන පච්ඡයා භව
භව පච්ඡයා ජාති 
ජාති පච්ඡයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසායං සංබවන්ති.