Thursday, February 24, 2011

ගාථා තේරුම් ගනිමු

දැන අවබෝධයෙන් බුදුන් වඳිමු

වන්දනා ගාථා බොහෝවිට කට පාඩමින් කියන‍වා මිස ගාථාවේ තේරුම දැනගෙන හෝ අවබෝධයෙන් කියවන බවක් නොපෙනේ. මෙය විශාල අඩුවක් ලෙස දැනුන බැවින් ඒ සඳහා ‍විශේෂ ලිපි පෙලක් සකස් කිරීම මැනවැයි සිතුනි.

බුදුපියානණ් වහන්සේට නමස්කාර කරමු.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ///
ඒ භාග්‍යවත් වූ අරහත් වූ අංගීරස අමාමෑණී බුදුපියානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමස්කාර කරමි.///

බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමි. ඒමග යමි.
ධම්මං සරණං ගච්ඡාමි. මම දහම් මග අනුගමනය කරමි. ඒ උතුම් දහම අනුව දිවිමග සකස්කර ගනිමි.
සංඝං සරණං ගච්ඡාමි. මම ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරමි.
දුතියම්පි/ තතියම්පි දෙවනුවද තෙවනුවද මම ඒ ප්‍රතිඥාව දෙමි.

පාණාති පාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. පණ ඇති සත්වයකු නැසීම මම වින්දනයක් කර නොගනිමි.
අදින්නා දානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. අන්සතු වස්තුවක් හිමිකරගැනීම මම වින්දනයක් කර නොගනිමි.
කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. කම්සැප අයුතුලෙස වින්දනය නොකරමි.
මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. බොරුවෙන් අන් අය රැවටීම වින්දනයක් කර නොගනිමි.
සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. මදයට හා පමාවට හේතුවන සුරාවෙන් වලකිමි.

ඒ තිසරණ සහිත පංච ශීලය මම සමාදම්වෙමි.