Tuesday, October 9, 2012

තරහට ආශාව හා මුලාව හඳුනා ගත්තාද ඔබ ඉහතකී තරහව,ආශාව හා මුලාව වැති සසර හි ඔබ දුකට හා විපතට පත්කරන සිතුවිලි ඇතිවන්නේ හො උපදින්නෙ කොතනද? කොහේද? කියා. ඒ වෙන කොහේවත් නො‍ව ඔබගේ සිතේම ගැඹුරුම ස්ථානයකින්මයි.ඉතින් මේ තරහව,ආශාව හෝ මුලාව නිසා ඒ ඇතිවු අවස්‍ථාවේ සිටම ඔබ අසහනයට,පීඩනයට හො අපහසුතාවයට පත්වනවා මිස ඔබට සිදුවන යහපතක් නම් නොවන්නේය. එසේනම් මෙ තරහව ඇතිවූ මොහොතේම එය හඳුනා ගතතේනම් හා සිතේ එයට වෙන්වු ඉඩ ‍වහාම ඉවත් කර ගැනීමට සමත් වන්නේ නම් තරහව නිසා ඔබ පත්විය හැකි අපහසුතාවයෙන් ඔබට මිදිමට පුලුවන.එවිට තරහව නිසා ඔබට දැවීමක් නොවන්නේය. ආශාවද එසේම ඒ අවස්ථාවේම හඳුනා ගත්තේනම් හා එයින් විය හැකි විපත හා අනර්ථය වටහාගත්තේ නම් එවිටද ඔබට ලැබිය හැක්කේ සැනසීමක්මය. මොහය ඔබ සසර බැඳ තබන රැහැනක් බඳුය. හැමවිට ඔබව විපතටම පත්කරන්නේමය. එබැව්න් මුලා නොවන්න. යථාර්තය හෙවත් සත්‍ය වටහා ගන්න. සත්‍යාවබෝධය තුලින් සසර දුකින අතමිදිමට වෙර දරන්න.

Friday, August 31, 2012

ඔබ තවමත් නිවන් මගට යොමු නොවීද? ඒ සදහා තව කල් ඇතැයි සිතා පමා වන්න එපා. මොකද දන්නවාද? මරුවාට කාලය පිළිබද ගැටලුවක් නොවන නිසාත්. එයා ඔනැම වෙලාවක එයාගෙ කාර්යය ඉටුකරන්න පසුබට නොවන නිසාත්. බුදුහාමුදුරුවන්ගේ දහම හරිම සරලයිනෙ. ඇයි සත්හැවිරිදි සුනීතත් එය හොදින් අයබොධ කරගත් බව අපි දන්න‍වානෙ.ඉතිං අපිට බැරිවේන්න කිසිම සාධාරණ හේතුවක් නැ.අපිටත් ඒ දහම හොදින් අවබෝධ කරගන්න පුලුවන් නිවන් මගට යොමු නොවී මෙ භවයෙන් සමුගැනීම හරියට කේජු කෑල්ල අතටත් අරගෙන කටේදමා නොගෙන විසිකලා වැනි මෝඩ ක්‍රියාවක්. මෙයයි කල යුත්තේ. මේ ජීවිතය දුකින් පිරි බව හොදින් සිතට ගන්න. මේ දුකට මුල්ම හේතුව වන්නෙ අපේ අසිමිත ආශාවන් බව අවබොධ කරගන්න. ඔබ ආශාවෙ දාසයෙක් නොවන්න.(තණ්හා දාස)ඔබ වසින් එය පාලනයකර ගන්න.මේ මමය මෙය මාගේය යන දැඩිව බැදිම තණ්හාව ලියන්න උපකාරිවෙන බව සිතන්න. වෛරය සහමුලින්ම දුරුකර තරහව පාලනය කර ගන්න. මුලාවට හේතුවන වැරදි සිතුවිලි ඉවත ලන්න. (මිථ්‍යා ඇදහිලි) දැන් ඔබ නිවන් මගට පිවිස ඇත. මේ මගින් ඉවතට නොයන්න වීර්්‍ය වඩන්න. සිහි මුලා නොවී සිහියෙන් ජිවිතය පවත්වාගන්න. දැන් ඔබ බෞද්ධයෙක් පමණක් නොව හොද බෞද්ධයෙක් ඒ කියන්නෙ බොදුමගට පිවිස සිටන සෝවාන් මගට පිලිපන් අයෙක් දැන් ඔබ එහි ඵලය ලබාගැනීමට උත්සාහය අත් නොහැර වීර්්‍ය වඩන්න.

Friday, July 6, 2012

Think a little

bodusisila

We always think of our future and of our family, would you ever think about yourself really? I means not about your body, but of cause  about your mind.
 A person really means, not once body of wasting day by day and going to an end soon, but once mind for ever lasting. 
So if you really think of yourself concentrate on your mind how it works and how do you act after accordingly.
 Get your mind to work for the betterment of others as well as yours.
You have to practice a lot for doing this.
 Spend a little time early morning soon after wake up. A few minutes before you go to bed. That's how you would be a worth person as well as a right person.
Be a great person on the earth.Wish you success.      

 Blowing out of the fires of desire,anger and delusion,and the state of perfect peace that follows,The end of rebirth.
A key Buddhist term

Sunday, March 18, 2012

ෙකටිම මගින් නිවනට

භාගිය දාරුචීරිය හාමුදුරු‍‍වෝ

දෙවියන්‍ ගේ මග ‍ පෙන්විම අනුව බුදුපියාණන් වහන්‍ සේ හමුවට ආ දාරුචිරිය හාමුදුරු‍වෝ බුදුපියාණන් වහන්‍ සේගෙන් ධර් මය ‍දේශනා කරන ‍‍‍ලෙස අයැද සිටි‍යේ අප බුදුපියානන් වහන්‍සේ පිඩු පිණිස වැඩමකරමින් සිටියදීය. ධර්මය ‍දේශනා කිරීමට මෙය අවස්ථාව ‍නොවෙයැයි ප්‍රථමෙයන් උන්වහණ්සේ එම ඉල්ලිම ප්‍රතික්‍ෂේප කරන්නට ‍යෙදුන මුත් ‍පෙරකරන ලද කර්ම විපාකයක් හේතු‍‍වෙන් උන්වහන්සේ ස්වල්ප ‍වෙලාවකින් මියයන බව හා ධර්මය වටහා ගැනී‍මෙ හැකියාව ඇතිබව දැක ඉතාම ‍කෙටියෙන් ධර්මය හකුලුවා ‍දේශනා කල‍සේක. ධර්මය අවසාන‍යේ උන්වහන්සේ ගවයකු විසින් අනිනු ලදුව රහත් පදවි ලබමින්ම පිරි‍නිවි ‍සේක.

භාගිය දාරුචිරිය හාමුදුරු‍වො කෙටිම මගකින් නිවන් ලැබුවන් අතර අග්ර පදවි ලදහ.
නිවනට ‍‍කෙටිම මග (අප බුදුපියානන් වහන්සේ  දාරුචිරිය හාමුදුරුවන්ට ‍‍‍දේශනා කල අයුරින්)


ඇසින් දුටු දෙය දුටු සැටි‍යෙන් අත්හැර දමන්න (සිතින් අල්වා ‍නොගන්න)


කනින් ඇසු ‍‍‍දෙය මෙන්ම,
 නාසයට දැනෙන ආග්ගරාහ්නයද,
 දිවට දැනෙන රසයද, 
 කයට දැ‍නෙන පහසද එ‍‍සේම සිතින් ‍‍නොගෙන එසැනින් අත්හැර දමන්න.


සිත හටගන්නා සිතිවිලිවල ස්වභාවය අව‍බොධ ‍‍කොටෙගන රාග, දෙව්ශ, ‍මෝහ  ‍ලෙස නොබැඳී සිටීන්න.


‍මෙයයි බුදුන් වහන්‍ සේ  දේශනා කොට වදාල ‍කෙටිම නිවන් මග.
ඒ අනුව මනාව සිහිය පිහිටුවා ගනිමින් සිත සකස්කොට ගෙන විර්ය වඩා නිවනට සපැමිණෙමු.

තෙරුවණ් සරණයි.

Wednesday, March 7, 2012

පටිච්චසමුප්පාදය - Patichchasamuppada

පටිචිචසමුප්පාදයට පිවිසීම (වෙනස් අයුරකින්)


පළමුව අපි බුදුහිමි වදාළ දුක්ඛ සත්‍යය විමසමු.
දුක්ඛ දුක්ඛතා
විපරිනාම දුක්ඛතා
සංඛාර දුක්ඛතා මෙ බුදුහිමි වදාළ පරිදි දුක්ඛ සත්‍යෙය් ප්‍රබේද 3 වේ.

එදිනෙදා ජීවිතයේ අපි විදින අමිහිරි අත්දැකීම් (කැමැතිදේ නොලැබිම,නොකැමැතිදේ ලැබිම,ප්‍රියයන්ගෙන් වෙන්වීම,අප්‍රියයන් හා එක්වීම) දුක්ඛ දුක්ඛතා හෙවත් සාමාන්‍ය දුක්ඛතාවය වේ. 


නොවැලැක්විය හැකි හේතු නිසා සිදුවන වෙනස්වීම් හේතුකොට ගෙන ඇතිවන දුක (වයසට යැම වැනි) විපරිනාම දුක.


අපවිසින් සත්‍යාව බෝධය නොමැති කම නිසා සිදුකරන පවු පිං රැස්කිරීම හේතුවෙන් සංසාරයේ භවගාමී වීම හෙවත් මැරි මැරී ඉපැදීම. සංඛාර දුක්ඛතාවයයි.

මෙසේ නොයෙක් අයුරින් විඳින අනේක විද දුක් වේදනාවන් සියල්ලට හේතුව වන්නේ ඉපදිම හෙව්ත් ජාති වේ. (සත්වයාගේ හටගැනීම)
එසේ ජාති හෙවත් ඉපදීමට හේතුව වන්නේ භව හෙව්ත් භව ගාමී විම වේ.(පිං පවු රැස්කිරීම නිසා සිදුවේ)
භවය හෙවත් ඉපැදෙමින් මැරෙමින් හා නැවත ඉපැදෙමින් හා මැරෙමින් යන මේ දීර්ඝ ගමනට හේතුවූවේ උපාදානය හෙවත් දැඩිව අල්වා ගැනීම වේ.(චුති චිත්තය නෛස්ක්‍රම්මයෙන් හෙවත් වෙන්වීමෙන් තොර නොවීම)
එසේ ඔබව භවගාමී කරවන උපාදානයට හේතුව වන්නේ තෘෂ්ණාව හෙවත් ආශාවයි.(තමන් ඇලුම් කරන දේ නැවත ලබා ගැනීමට ඇති ආශාව අත් නොහැරීම)
තෘෂ්ණාව හෙවත් ආශාව උපදින්නේ වේදනාව හෙවත් වින්දනය නිසාවෙනි. එය සැප විඳීම් නිසා සැප තෘෂ්ණාවත් දුක වේදනා නිසා තරහවත් මධ්‍යස්ථ වේදනා නිසා උපේක්ෂා වේදනාවත් වශයෙනි.(සත්වයා තුල නිරන්තරයෙන්ම විඳීම ස්වභාවය කොට පවතී)
වේදනා හෙවත් විඳීමට හෙතුව ඵස්ස හෙවත් හැපිම හෝ ගැටීම වේ. ඇස රූපයෙහි ද, කණ ශබ්දයෙහිද, දිව රසයෙහිද, නාසය අඝ්‍රාණ‍යෙහිද(සුවඳ), ශරීරය ස්පර්ශයෙහිද, මණස ආරම්මණයෙහි ද ගැටීම ඵස්ස ය වේ.
ඵස්ස හෙවත් ගැටීම සිදුවන්නේ ඇස, කණ, නාසය, දිව, ශරීරය හා මණස යන ආයතන සයෙහිය. සලායතන නමින් මෙය හැඳින්වේ. (ජාති අන්ධ බිහිරි ගොළු හො වෙනත් ආබාධිත අයෙකු වුවද ආයතනයන්හි ඇතිවන ගැටීම අවසන්වුවකුගේ තත්වයට පත්වන්නේ නැත.)
සලායතන හටගැනීම සිදුවන්නේ නාම රූප හටගැනීමත් සමගමය.(මවුකුසින් බිහිවීමට පෙර හා මවුකුසින් බිහිවූ මොහොතේ සිට)
නාම රූප හට ගැනීමට හේතුව වන්නේ වි‍ඥඥාණය හෙවත් මවුකුසක් තුල කලලයක ජීවය හටගැනීම නිසාවෙනි.
එය ඕපපාතිකවද බිජුවටක තුලද හෝ සිදුවිය හැක.
විඥඥාණයට හේතුව වන්නේ සංඛාර හෙවත් කුසල් අකුසල් රැස් කිරිම නොහොත් සංස්කරනයයි.(යමෙක් පිං රැස්කරන්නේ හො පවු කරන්නේ නම් එයින් සත්වයාගේ සංස්කරනය සිදුකරගනී)
කුසල් අකුසල් රැස්කිරීම හෙවත් සත්වයාගේ සංස්කරනයට හෙතුව වන්නේ අවිධ්‍යාව හෙවත් නොදැනුවත් කමයි.
අවිද්‍යාව නම් චතුරාර්‍ය සත්‍යය නොදැනීම හෙවත් දුක පිළිබඳව තත්වා කාරයෙන් අවබෝධකොට නොගැනීම වේ. එසේ වු කලී සත්වයා දුක් දොම්නස් ආදීකොට ඇති  මේ සසර ගමන උරුමකොට සිටී.

අවිද්‍යා පච්ඡයා සංඛාර
සංඛාර පච්ඡයා විඥඥාණ
විඥඥාණ පච්ඡයා නාම රූප
නාම රූප පච්ඡයා සලායතන
සලායතන පච්ඡයා ඵස්ස
ඵස්ස පච්ඡයා වෙදනා
වේදනා පච්ඡයා තණ්හා
තණ්හා පච්ඡයා උපාදාන
උපාදාන පච්ඡයා භව
භව පච්ඡයා ජාති 
ජාති පච්ඡයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසායං සංබවන්ති.