Monday, July 25, 2016

Ven Polgahawela Meethabhani Thero | 2016-07-12



මේ වටිනා ධර්මය ආසා  සැනසීම ලබාගන්න.

Wednesday, June 22, 2016

Niwana dakimu නිවන පිලිබදව සරලව සිතන්න.



නිවන පිලිබදව සරලව සිතන්න.
 ඇයි අප නිවන් දැකිය යුත්තේ? මෙහිදී අපි පැහැදිලි කර ගත යුතු කරුණ වන්නේ සසරේ කෙතෙක් දිග දුර අප ගෙවා ඇත්ද යන කාරණයයි. සුළු නිදසුනක් ලෙස බුදුපියාණන් වහන්සේ එක අවස්තාවක ආනන්ද හිමියන් අමතා ගොවිබිමක සැරිසරන සියගනනක්වූ මි හරකුන් දක්වා කියනුයේ ආනන්ද අර පෙනෙන මි හරකුන් දෙස බලන්න. මේ මි හරක් සමුහයේ සක්විති රජ පදවිය, සක්දෙව් පදවිය හා මහා බඹු පදවීය නොදැරූ එකදු මි හර්කෙකුත් නැත. බුදු පියාණන් වහන්සේගේ මේ දෙසනය තුලින් අපට පැහැදිලි වන්නේ සංසාරය කෙතෙරම් දිගු එකක්ද යන්නත් සැප විදීමටයි සිතා අප ගන්නා උත්සාහය කෙතෙරම් නම් නිෂ්පල අනර්ථ කාරී එකක් ද කියාත්ය. ලෝකයේ අප සැපයයි සිතා සිටින සියල්ල අප සිතන පරිදිම වන්නේ නැත. එබවින් පවතින සියල්ල අනිච්ච (තමන් කැමති පරිදි පවතින්නේ නැති) ස්වබාවයෙන් යුක්තය. එබැවින් සියල්ල දුකම ඇති කරන්නේය. එබැවින් මේ කිසිවක අර්ථයක් දැකිය හැකි නොවේ සියල්ල අනත්ත ලක්ෂණයෙන් යුක්ත වන්නේය. ජීවිතය පිළිබද මේ ත්‍රිලක්ෂණය යමෙක් හොදින් දකින්නට සමත් වේ නම් හෙතෙම සියලු දුකින් නිදහස් වූ උතුම් නිවන දකිනු ඇත. 

මොහොතක් පාසා සිදුවන වෙනස දැකීම තුලින් නිවන දකින්න .

ඔබගේ උපත ගැනත් කුඩා අවදිය ගැනත් සිහි කරන්න,  ඔබ එක මොහොතින් ඒක දවසින් හෝ මාසයකින් වැඩිවියට පත් වුවා නොවේ. එසේනම් මේ වෙනස සිදුවුයේ කවදාද. හොදින් සිතන්න මොහොතක් පාසා සිදුවන වෙනසක ප්‍රතිපලය තමයි ඔබ අද ඔය ඉන්න තත්වය. මොහොතක් හෝ ඔබ ඒ ගැන සිතුවාද. මෙය තමා බෝසතානන් වහන්සේ බෝ මුලදී දුටු ඒ අසිරීමත් ආශ්චර්ය. මොහොතක් පාසා ක්‍ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් මුළු විශ්වයම හේතු ඵල දහමක සම්බන්ද තාවය මත සිදුවන ක්‍රියාදාමයක යෙදෙයි. ඔබද මමද ඒ හේතු ඵල දහමෙහිම ප්‍රතිඵලයක් මිස වෙනත් කිසිවක් මෙහි නැත. හෙතුව තෘෂ්ණාව නිසා සසරට බැදිමයි. තෘෂ්ණාව සහ උපාදානය. හේතුව නැතිකළ කල්හි ඵලය නොලබන්නේය. මේ ස්වබාවය ඔබට පැහැදිලිව දැකිය හැකි නම් ඔබ නිවන් දකිනු ඒකාන්තය.

Wednesday, May 11, 2016

ත්‍රිලක්ෂණ

ත්‍රිලක්‍ෂණ
 අනිච්ච,දුක්ඛ, අනත්ථ, බුදු පියාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය පදනම ලෙස හැඳින්විය හැක්කේ මේ ත්‍රිලක්ෂණ ස්වභාවයයි.
අනිච්ච
යනු ඉච්ච ලෙස හෙවත් තමන් කැමති ලෙස පවතින්නේ නැත යන අදහසයි. 
නිවැරදි වචන වන්නේ  අනිත්‍ය නොව අනිච්ච යන්නයි . 
එහි අදහස වන්නේ තමන් කැමැති ලෙස ම පවතින්නේ නැත යන අදහසයි.
දුක්ඛ
 කැමති ලෙස නොපවතින විට ඇතිවන්නේ දුකක් මිස සැපක් සතුටක් නොවන බව පැහැදිලි නේද? සැප යනු මුලාවක් මිස පවතින ඇත්තක් නොවන බව නුවනින් විමසා බලන විට පැහැදිලි නොවන්නනේද? ලස්සන රුපයක් දෙස කොපමණ වෙලාවක් ආසාවෙන් බලාසිටිය හැකිද . සැලකියයුතු වෙලාවක් එක දිගට බලලා සිටිය හොත් එය එපානොවන්නේද ? සැප යන සියල්ලෙහි ඇත්තේ මේ අනිච්ච ලක්ෂණය වන අතර මෝහය නිසාම සැප ලෙස දකින බව පැහැදිලි නැද්ද?
බුදුන් වහන්සේ ලෝකයට දෙසනා කලේ  සසරේ දිගින් දිගට සැප විඳිමින් යන ධර්මතාවයක් ගැන නොව එයින්  ගැලවෙන මග පිළිබඳවයි
බුදු දහම අවශ්‍ය වන්නේ  සසරින් ගැලවීම අපේක්ෂා කරන අය ට මිස සැප විඳීමට ආශා කරන්නන්ට නොවේ.
බුදු දහම දැකිය යුත්තේ එලෙසයි. එයයි සම්මා දිට්ටිය වන්නේ.
අනත්ථ 
අනත්ථ යන්නෙන් පැහැදිලි වන්නේ තමා කැමති ලෙස නොපවතින හා අනවරතයෙන්ම දුකම හිමකර දෙන ලක්ෂණය   අර්ථවත් නොවන අනර්ථ එකක්  බවයි.

Tuesday, April 19, 2016

පරම සත්‍ය - මේවනපලානේ සිරි ධම්මලංකාර තේරුන් වහන්සෙ ධර්ම දේශනා - March 14...

නිර්මල බුදු දහම  ශ්‍රද්ධාවෙන්  ශ්‍රවනය කරන්න