Thursday, August 18, 2016
Monday, July 25, 2016
Sunday, July 17, 2016
Wednesday, June 22, 2016
Niwana dakimu නිවන පිලිබදව සරලව සිතන්න.
නිවන පිලිබදව සරලව සිතන්න.
ඇයි අප නිවන්
දැකිය යුත්තේ?
මෙහිදී අපි
පැහැදිලි කර ගත යුතු කරුණ වන්නේ සසරේ කෙතෙක් දිග දුර අප ගෙවා ඇත්ද යන කාරණයයි.
සුළු නිදසුනක් ලෙස බුදුපියාණන් වහන්සේ එක අවස්තාවක ආනන්ද හිමියන් අමතා ගොවිබිමක
සැරිසරන සියගනනක්වූ මි හරකුන් දක්වා කියනුයේ ආනන්ද අර පෙනෙන මි හරකුන් දෙස බලන්න.
මේ මි හරක් සමුහයේ සක්විති රජ පදවිය, සක්දෙව් පදවිය හා මහා බඹු පදවීය නොදැරූ
එකදු මි හර්කෙකුත් නැත. බුදු පියාණන් වහන්සේගේ මේ දෙසනය තුලින් අපට පැහැදිලි වන්නේ
සංසාරය කෙතෙරම් දිගු එකක්ද යන්නත් සැප විදීමටයි සිතා අප ගන්නා උත්සාහය කෙතෙරම් නම්
නිෂ්පල අනර්ථ කාරී එකක් ද කියාත්ය. ලෝකයේ අප සැපයයි සිතා සිටින සියල්ල අප සිතන
පරිදිම වන්නේ නැත. එබවින් පවතින සියල්ල අනිච්ච (තමන් කැමති පරිදි පවතින්නේ නැති)
ස්වබාවයෙන් යුක්තය. එබැවින් සියල්ල දුකම ඇති කරන්නේය. එබැවින් මේ කිසිවක අර්ථයක්
දැකිය හැකි නොවේ සියල්ල අනත්ත ලක්ෂණයෙන් යුක්ත වන්නේය. ජීවිතය පිළිබද මේ ත්‍රිලක්ෂණය
යමෙක් හොදින් දකින්නට සමත් වේ නම් හෙතෙම සියලු දුකින් නිදහස් වූ උතුම් නිවන දකිනු
ඇත.
ඔබගේ උපත ගැනත් කුඩා අවදිය ගැනත් සිහි කරන්න, ඔබ එක මොහොතින් ඒක දවසින් හෝ මාසයකින් වැඩිවියට පත් වුවා නොවේ. එසේනම් මේ වෙනස සිදුවුයේ කවදාද. හොදින් සිතන්න මොහොතක් පාසා සිදුවන වෙනසක ප්‍රතිපලය තමයි ඔබ අද ඔය ඉන්න තත්වය. මොහොතක් හෝ ඔබ ඒ ගැන සිතුවාද. මෙය තමා බෝසතානන් වහන්සේ බෝ මුලදී දුටු ඒ අසිරීමත් ආශ්චර්ය. මොහොතක් පාසා ක්‍ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් මුළු විශ්වයම හේතු ඵල දහමක සම්බන්ද තාවය මත සිදුවන ක්‍රියාදාමයක යෙදෙයි. ඔබද මමද ඒ හේතු ඵල දහමෙහිම ප්‍රතිඵලයක් මිස වෙනත් කිසිවක් මෙහි නැත. හෙතුව තෘෂ්ණාව නිසා සසරට බැදිමයි. තෘෂ්ණාව සහ උපාදානය. හේතුව නැතිකළ කල්හි ඵලය නොලබන්නේය. මේ ස්වබාවය ඔබට පැහැදිලිව දැකිය හැකි නම් ඔබ නිවන් දකිනු ඒකාන්තය.
Subscribe to:
Posts (Atom)