Friday, September 16, 2011

Are you really happy? ඔබ ඇත්තෙන්ම සතුටින්ද?

ජීවිතය විඳිමුද? විඳවමුද?



If  I ask you this question you would often say "Oh no". Because it is the real truth. I would like to propose you some important facts to keep you happy for ever.

  • FORGET YOUR PAST. 
  • DON'T WORRY ABOUT YOUR FUTURE
  • DO NOT SPOIL YOUR PRESENT IN ANY PRESSURE OF OUT SIDE.   
  • DO PRACTICE A SIMPLE LIFE
  • BE HAPPY WITH WHAT YOU HAVE AT PRESENT
  • DO NOT EXPECT MORE WHAT YOU COULD  HARDLY GET 
  • SIMPLE LIFE IS THE HAPPIEST LIFE .

මෙය අද බොහෝ දෙනා බොහෝ තැන්හි කථාවෙන ප්‍රබල කථා බහකි. අප කවරෙකු වුවත් ජීවිය විඳීමට කැමැති වන නමුත් විඳවීමට කැමැත්තෝ නොවෙමු.

ජීවිතය සැබැවින්ම විඳිය හැකි සරල ක්‍රම වේදයක් මා බොදුසිසිල තුලින් හඳුනා ගතිමි. එය ඔබටද ජීවිතය සැබැවින්ම විඳීම සඳහා උපයෝගී කරගත හැකිවනු ඇති බවට මම විශ්වාස කරමි.

  • අතීත සිදුවීම් සියල්ල අමතක කරන්න.
  • අනාගතය ගැන අපමන ප්‍රාර්ථනා හෝ බලාපොරොත්තු ඇතිකර නොගන්න.
  • මොනම බාහිර බලපෑමක් නිසා හෝ තමාගේ වර්ථමානය අමිහිරි කර නොගන්න.
  • අද මේ මොහොත සතුටින් ගත කරන්න.
  • සතුට ඔබ වෙතින් පලවා හැරීමට මොනම බලවේගයකටවත් ඉඩ නොදෙන්න.
  • ලැබෙන තරමින් හා ලද දෙයින් සතුටු වන්න.
  • ලෙහෙසියෙන් පහසුවෙන් ලබාගතහැකි දෙය සඳහා වෙහෙසෙන්න.
  • අල්පේක්ෂතාවය ජීවිතයට හුරුකර ගන්න.
  • දැහැමි බව අගයන්න.
  • ප්‍රතිපත්ති ගරුක ජීවිතයකට පුරුදු වන්න.
  • එවිට ඔබ ජීවිතය සතුටින් විඳිනු ඇති.
  •  
  • සතුටු වන්න.
සතුටු වන්න.
සතුටු වන්න.

Sunday, July 10, 2011

අන්තරාය නිවාරන පිරිත

මෙම මහ බල ඇති ගාතා රත්නය ශ්‍රි ලංකාව ප්‍රධාන කොට බුදු දහම පවතින සියලුම දෙශයන්හි භාවිතයට ගැනෙන්නේකි. ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍රවු මෙම ගාතා රත්නය භාවිත කිරිමෙන් සතුරෝ දමනය වෙති ඇස්වහ කටවහ දුරුවෙයි. නිරෝගි බාවය හා මානසික ප්‍රිතිය උදා වෙයි.


අන්තරාය නිවාරන පිරිතේ සිංහල අනුවාදය

බුදුරජානන් වහන්සේගේ ජිවිතයට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂනයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පස යන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙම සතර අද්බුත ධර්මයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙ සත්‍යක් ක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුවේවා.
සියලු ලොවැසියන්ට ශාන්තිය උදාවෙවා


බුද්ධානං ජිවිතස්‍ස - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං චබ්බන්න රං සී නං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං ද්වත් තිංස මාහා පුරිසලක්කනානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං - නසක්කා කේනචි අන්තරායෝ කාතුං
ඉමෙසං චතුන්නං අජ්ජරියානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
එතෙන සච්ච වච්චෙන අන්තරායෝ අසේනසතෝ - මාරාදයෝ විනස්සංතු ජය සිද්දි බවංතු මේ

Thursday, June 23, 2011

Would you mind yourself? සිත හඳුනා ගනිමු.


We always think of our future and of our family, would you ever think about yourself really?



  •  I means not about your body, but of cause  about your mind. 
  • A person really means, not once body of wasting day by day and going to an end soon, but once mind for ever lasting.
  •  So if you really think of yourself concentrate on your mind how it works and how do you act after accordingly. 
  • Get your mind to work for the betterment of others as well as yours.
  • You have to practice a lot for doing this. Spend a little time early morning soon after wake up. A few minutes before you go to bed. 
  • That's how you would be a worth person as well as a right person.
  • Be a great person on the earth.
  • Wish you success. 
        Blowing out of the fires of desire,

anger and delusion,
and the state of perfect peace that follows.
The end of rebirth.
A key Buddhist term.
 ඉවතලමු.
ජීවිතය දවාලන අසීමිත බලාපොරොත්තු නම් ගිනිදැල්
තරහව,ක්‍රෝධය, වෛරය නම් ලෝදිය.
සත්‍ය වසාලන මෝහය, මුලාව සහ මායාව.
දුටුවාද ඔබ ඔබේ සිත ඔබ දැන් සිටින්නේ කොහිද? මම අහන්නෙ ඔබේ ශරීරය තිබෙන්නෙ කොහිද කියා නොවෙයි. ඔබ ඉන්නෙ කොහිද කියලයි. ඉතිං පුලුවන්ද මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔබ බුද්ධිමත් විය යුතුය කියා මම කියන්නෙ නෑ. ඒ සඳහා ඔබ හොඳ සිහියෙන් යුතුව සිටීමයි අවශ්‍ය වන්නේ.
එහෙම හොඳ සිහියෙන් තමාගෙ සිත දෙස බලන විට තමයි පෙනෙන්න පටන්ගන්නෙ තමා ඉන්නෙ කොහෙද කියල. දැන් පෙනෙනවනේද, තමා ඉන්න තැන ගැන හිතාගන්නත් අමාරු බව. මොහොතින් මොහොත විදුලියටත් වඩා වේගයෙන් ඒ මේ අත දුවන ඔය දඩබ්බර සිතම තමා නියම ඔබ. නොඑසේව ඔය මොහොතින් මොහොත දිරාපත්වන ශරීරය නම් නොවෙයි ඔබ. ශරීරය කියන්නෙ වසර කීපයකට පමණක් ඔබව රඳවාගෙන ඉන්න තාවකාලික නවාතැනක් කියල තමයි හදුන්වන්න වෙන්නෙ.
දැන් බලන්න ඔබ වඩාත් වෙහෙසෙන්නෙ කුමක් සඳහාද කියා. ඒ ඔබවෙනුවෙන්ද, නැතිනම් ඔය දිරායන ශරීරය ගැනද කියල. වඩාත් රසවත් හා පෝෂ්‍යදායී ආහාර පාන, සුඛොපබෝගී යාන වාහන, මහා මන්දිර, මේ සියල්ල සොයන්න ඔබ අපමන වෙහෙස වෙන්නෙ නිවරදි අව‍බෝධය ඔබට නැති නිසාවෙන් ඇයි මම එහෙම කියන්නෙ? මේ කිසිවකින් ඔබට නිර්මල සතුට ලැබිය නොහැකි නිසා. ඔබ අපමණ වෙහෙසක් දරමින් හරි හම්බකරන ඔය සියලු වස්තු සම්බාරය ඔබට තවතවත් දුක් කරදර ඇතිකරනවා මිස කිසිම සතුටක් ස්තිරව ඔබට අත්කර නොදෙන බව මම ඔබට පවසන්නේ ඉතාමත් විස්වාසයෙන් හා අවධානයෙනුයි.
එසේනම් අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ කුමක් සඳහාද? ඒ තමාව හොඳින් තේරුම් ගැනීම සඳහායි. එසේනම් ඒ සඳහා ඔබ කලයුත්තේ කුමක්ද? වඩාත් හොඳින් ඔබේ සිතේ ස්වභාවය හා එහි ක්‍රියා කාරීත්වය තේරුම් ගැනීමයි. ඒ සඳහා ඔබට අඩුතරමින් දිනකට විනාඩි කීපයක් හෝ ගතකල හැකානම් ඒ සුලු කාලය  තමා ඔබ ඔබේ ජීවිත කාලය තුලම ඔබවෙනුවෙන් ගතකල කාලය වනුයේ.එසේ නම් ඔබ දැන් ඒ සඳහා සූදානම් නේද? එවිටයි ඔබට ජීවිතයට වඩාත් විශ්වාසයෙන් යුතුව මුහුන දිය හැකි වන්නේ. වෙහෙස නොබලා උකටලී නොවී තමා ගැන විමසිලිමත් වන්න. එයින් ඔබට ජීවිතයේ නියම අරුත වටහාගත හැකිවනු ඇති.
ඔබට ජය.




Saturday, May 14, 2011

Parth to Nibbhana නිවනට මග

D. M. Pradeep K Jayathissa said...

Blowing out of the fires of desire,
anger and delusion,
and the state of perfect peace that follows.
The end of rebirth.
A key Buddhist term.
 ඉවතලමු.
ජීවිතය දවාලන අසීමිත බලාපොරොත්තු නම් ගිනිදැල්
තරහව,ක්‍රෝධය, වෛරය නම් ලෝදිය.
සත්‍ය වසාලන මෝහය, මුලාව සහ මායාව.
එවිට.
පෙනේවි ඔබට සැනසුම ගෙනෙන සත්‍යතාව හා
ගිනිදැල් නිවාලන අමර නිවන.
එයය් බොදුමග බොදුසිසිල.

Be a worth person + දැහැමි වෙමු

Be a truthful
Be honest
Be loyalty
Never insult or do bad to others
Always helps others
Give advice when ever some one need
Help miners to get rid of bad
Never get rid of some one who really need help
Don't cheat anyone to get even millions worth things
Recognize the weakness and keep them away
Do what ever better for others and as well as for you 

දිවිමග වැඩුම උදෙසා මගේ අදහස් (බලාපොරොත්තු වෙමි ඔබෙනුත්)

මම හැම විටම සත්‍ය ගරුක වෙමි,
අවංක වෙමි,
නීති ගරුක වෙමි.

කිසිදින කිසිවෙකුට හිංසාවක්, නපුරක්, අකටයුත්තක් නොකරමි.
හැකි හැමවිටෙකම අන් අයට හැකි පමණින් උපකාර කරමි.
මගේ දැනුම හා අත්දැකීම් තුලින් අන් අයට අනුශාසනා කරමි.
මට වඩා බාලයින් විපතින් මුදවා ගැනීම මගේ වගකීම ලෙස සලකමි.
මා උගත් සියල්ල අන් අයට ද නොවලහා උගැන්වීම අගය කරමි.
කෙනෙක් විපතකට හෝ කරදරයකට පත්‍ව සිටින අවස්ථාවකදී මග හැර නොයමි.
‍වංචාවෙන් හෝ කපටිකමින් අනුන් රවටා අනුන් සතුදේ තමුන් සතුකර ගැනීම පිළිකුල් කරමි.
මා අතින් සිදුවන දුර්වල කම් මගහරවා ගැනීමට හැමවිටම වෙහෙසෙමි.
මටත් අන් අයටත් යහපත් වන ක්‍රියාවක්ම කිරීමට කැපවෙමි.