ඔබ පංසිල් රකිනවාද?
එදා මෙදා තුර ලොව පහල වූ සියලු දහම් අතරින් බුදු දහම අතිශය ශ්‍රේෂ්ඨ දහම බව සියලු ප්‍රඥාවන්තයින්ගේ පිළිගැනීමයි. එවන් උතුම් දහමක සාමාජිකයෙක් වන ඔබ උතුම් මිනිසෙක් බව පිලිගැනීම අතිශොයුක්තියක් නොවන්නේය. එසේනම් ඔබ ඒ සදහා සුදුසු අයෙක් වීම අනිවාර්‍ය වන්නේය. හොද බොදුනුවෙක් වීම සදහා ඔබ අඩුතරමින් නිවරැදිව පංසිල් හදුනාගෙන එය ආරක්‍ෂා කලයුතුය.
බුදු දහමින් පංසිල් හැදින ගනිමු.
පානාති පාතා විරමනී ශික්ඛාපදං සමාදියාමි.
මෙහි නිවරැදි අර්ථ දැක්වීම නම් පනඇති සත්වයෙකු හිංසනයට හෝ ඝාතනයට ඇති අභිරුචියෙන් (රමනයෙන්) වැලකීම නම්වූ ශික්ෂාපදය සමාදන් වෙමි යනුයි. මෙහිදී වඩාත් අවධානය යොමුකල යුත්තේ -රමනය- යන වචනය කෙරෙහිය. රමනය නම් කිසියම් තෘප්තියක් අපේක්ෂාවෙන් කරන ක්‍රියා දාමයකි. වෙරමනී යනු එවන් අපේක්ෂාවෙන් තොර වීමයි.
පරපන නැසීමෙන්
සොරකමින්
කාමයෙහි වරදවා හැසිරීමෙන්
මුසාබස් කීමෙන් හා
සුරාවෙන් මත්වීමෙන් යන මෙකී පංචවිධ ක්‍රියාවන් පෙරකී පරිදි රමනයෙන් තොර වීම පංචශීල ප්‍රතිපත්තියවේ.