Friday, April 1, 2011

'සැරියුත් මහ තෙරුණු බණ = Have good rebirth


Would you just think about what you do for your next birth?
As  human beings we always think to fulfill our desire in one way or another.
 We must think that not only human but also every being do the same. 
 As wise beings on the earth we must be different from other beings. 
 We must not act in bad manner to fulfill our desire, in connection with seen of beauty, tasty, listening sweetly, smelling strongly, feeling thoroughly, 
These are always take us to bad path. 
These practices will put us in sin and lead us to hell. 
Often this way the beings do in their lives. 
But all these are for a moment only, not for ever never.
We must change it in the right way and wise way.
 So we could have better future as well a better birth in our next. 
Would you be one of it?     

සැරියුත් මහ රහතන් වහන්සේ අණේපිඩු සිටාණන් හට අවසන් වරට දේශනා කරනලද බණවරපසිඳුරන් මුල්කරගෙන මෙලොව උපන් සත්වයා අනේක විද අකුසල් රැස් කරගන්නා බවත් එයින් අත් මිදීම සඳහා ඉඳුරන්ගේ අනිත්‍ය ස්වභාවය හොඳින් තේරුම් ගැනීම තුලින් හැකි බවත් සැරියුත් හාමුදුරුවෝ අණේපිඩු සිටාණන් හට දේශනා කලහ.ඔබේ ඇස ගැන සිතන්න. එය ඔබේ ශරීරය සමගම අභාවයට යන මසින් සැදි අවයවයකි. ඉදින් අනිත්‍ය වූ ඒ ඇසින් දකින කිසිවක් නිත්‍ය ලෙස සැලකිය හැකිද? නැත. ඇස අනිත්‍ය වා සේම ඇසින් දකින රූප ආදි සියල්ලද අනිත්‍ය ස්වභාව කොට පවතින්නේය. එසේ අනිත්‍ය වු දෑ මුල්කරගෙන නොයෙක් අකාරයේ අකුසල් සිත් ඇතිකරගැනීම කෙතරම් අනුවණ කමක් වන්නේද? මෙසේ නුවණින් දකින ප්‍රඥාවන්තයා රූපාදී අරමුණු නිසා කිසිවිටෙකත් අකුසල් වඩා වර්ධනය කර නොගනී. (සිත නොසංසුං කර නොගනී)

එසේම හෙතෙම සවනේන්ද්‍රිය මුල්කරගෙන තමන්ට ඇසෙන නොයෙක් මිහිරි හෝ අමිහිරි ශබ්ද තම සිත නොසංසුංකරන හා අකුසලයට යොමු කරන තත්වයට පත්කර නොගනී. අයෙක් තමනට බැන අඬ ගැසූ කල්හි වුව ප්‍රශංසා කල කල්හි වුව සිත එකසේ තැන්පත්ව තබාගනී.

නාසයට දැනෙන ගඳ සුවඳ සම්බන්ධවද හෙතෙම තම සිත නොසංසුංකර නොගනී. අතිශය මිහිරි සුවඳකට සිත ඇදී නොයනවා සේම ඉතා අමිහිරි දුර්ගන්ධයකින් වුව සිතට වදයක් ඇතිකර නොගනී.

දිවට දැනෙන රස නීරස සම්බන්දවද ප්‍රඥාවන්තයා කටයුතු කරන්නේ එලෙසමය. මොනම ආකාරයේ මිහිරි රසයකට වුව හෙතෙම ගිජු බවක් නොදක්වයි. කටුක තිත්ත රසයකට වුව සිත වදයට පත්කර නොගනී.

අනිත්‍ය වු මෙ ශරීරයට දැනෙන ස්පර්ශයද එසේම සදාකාලික මිහිරි වු හෝ කටුක වුවක් නොවන බව නුවණින් අවබෝධකර ගන්නා හෙතෙම පස් කමි සැපයෙහි නොඇලී සිත සංසුංකර ගැනීමෙන් උතුම් නිර්වාණාවබොධය ලබාගනී.

මේ අකාරයෙන් නිවරැදි අවබෝදය සිත තුල වර්ධනය කරගනිමින් බවුන් වැඩීම විදශුන් වැඩීම හෙවත් ප්‍රඥාව වර්ධනය කරගැනීම පිණිස හේතුවනු ඇත