එදා ගෝතම බුදුපියාණන්වහන්සේ ජීවමානව වැඩ
සිටිය යුගයේදී නම් පැයක් දෙකක් ඇතුළත දී මුල,
මැද, අග යන තුන් කාලයම සළකා දාන කථා, ශිල
කථා, සග්ග කථා, නෙක්කම්ම කථා වැනි අංග
සම්පූර්ණ සාමුක්කංසික දේශණාවක් කර කළ්‍යාණ
මිත‍්‍ර සම්පත්තිය ලබා දී මිනිසුන් මාර්ග ඵලයන්ට
පත්කිරීමේ ශක්තියක් ලබා දුන්හ.
නමුත් අද කාලයේ ජිවත් වන මිනිසුන් හා සමාජය ඊට
වඩා පිරිහී ආගම්
සංකල්ප වලින් විකෘති වී ඇති නිසා දවසකින් නොව
මාස ගණනකින් වුවද මිනිසුන්ට දේශණා කර මේ
ධර්මාවබෝධය ලබා දීම අමාරු කාර්යයකි. ඊට මූලික
ම හේතුව අද ලෞකිකත්වය කෙරෙහිම යොමු වූ
දෙව්, මිනිස් සැප සම්පත් දැඩි සේ
බලාපොරොත්තුවෙන්ම බුද්ධාගම පවා ඇදැහිල්ලක්
ලෙසින්ම අදහන ලේබල් බෞද්ධ පිරිසම බහුල වීමයි.