Thursday, December 30, 2010

සිහිය, නුවණ, බුද්ධිය, ප්‍රඥාව

ප්‍රඥාවෙන් තොරව නිවන් ලැබිය හැකි නොවේ.

බෞද්ධ දර්ශනය ප්‍රඥාවන්තයින් සදහාම වු දහමක් බව අප අවිවාදයෙන් පිලිගන්නා සත්‍යයකි. ප්‍රඥාවන්තයා යනු ඔබ කෙසේ අර්ථ දක්වන්නේද? උගතා, බුද්ධිමතා හෝ නුවණැත්තා යන මේ වචන වලින් ප්‍රඥාවන්තයා හැදින්විය හැකිද? පොත පත උගත් පමණින් ප්‍රඥාව වැඩෙන්නේ නැත. තැනට සුදුසු පරිදි ක්‍රියා කිරීමේ හැකියාව වූ නුවණ තිබූ පමණින් හෝ ප්‍රඥාවන්තයෙක් වන්නේ නැත. බුද්ධි පරීක්ෂණයකින් ඉහලම ලකුණු ලැබුවකු විමත් ප්‍රඥාවන්තයෙක් යැයි හැදින්වීම උදෙසා ප්‍රමානවත් සාධකයක් යැයි නොසිතන්න. මිනිසත් බව ලැබූ සැවොම (මන්ද මානසිකත්වයෙන් පෙලෙන්නහු හැර) කිසියම් ප්‍රමානයකින් ප්‍රඥාවන්ත අයෙක් වන්නේය.
බුදු දහමේ මූලික හරය වන්නේ ප්‍රඥාව දියුනුකර ගැනීම උදෙසා වීර්ය වැඩීමවේ. එහිදී ප්‍රධාන සාධකය වන්නේ සිහිය නිසිලෙස පවත්වා ගැනීමයි. සම්මා සතිය ලෙස දැක්වෙන්නේද එයයි. භාවනා වැඩීම තුලින් සිදුකරනුයේද සිහිය එකලස් කිරීම තුලින් ප්‍රඥාව දියුනු කිරීම වේ. අපගේ එදිනෙදා සියලු කටයුතු සිහියෙන් යුතුවම කිරීමට යොමුවිය හැකිනම් ප්‍රඥාව දියුණු කරගැනිම එමගින් වර්ධනය කරගතහැකිවේ.
නුවණ ඇති ශ්‍රද්ධාවන්තයෝ වෙහෙස වන්නේ ප්‍රඥාව දියුණුකර ගැනීම තුලින් පැමිණිය හැකි උතුම් නිවණට සපැමිනීමටය.

Friday, December 17, 2010

ගත්තද හදුනා ඔබ කවුද කියා

දැක්කද ඔබ ඔබව හොදින්

ඔබ උත්සාහ කලාද ඔබව හදුනා ගන්න. කොහොමද හදුනා ගත්තද හොදින්? සමහරවිට ඔබ බොහෝ දෙනෙකුට චරිත සහතික නිකුත්කල අයෙක් විය හැක. ඔබට ඔබ දෙනු ලබන්නේ කුමන විදිහේ චරිත සහතිකයක්ද? පොඩ්ඩක් ඉන්න. විමසිලිමත්ව බලන්න ඔබ කුමන චරිතයක්ද කියා. මේ සදහා මම ඔබට මිණුම් දඩු තුනක් හදුන්වා දෙන්නෙමි.
රාග චරිත, ද්වේෂ චරිත හා මෝහ චරිත ඒ මිණුම් දඩු තුන වේ. හැකිද ඔබට දැන් මැනබලන්න ඔබව කුමන චරිතයක්ද කියා. කලබලවන්න එපා. බොහොම හෙමින්, සීරුවෙන්, සිහිනුවණින් මේ පිලිබදව සොයා බලන්න. එවිට ඔබට හැකිවෙයි ඔබතුල ඇති දුර්වල චරිත ලක්ෂණ හදුනාගෙන ඒවා අවම කරගනිමින් යහපත් ච්රිත ලක්ෂණ වර්ධනය කරගනිමින් ජීවිතයේ යථාර්තය අවබෝධ කරගැනීමට.
ඔබ රාග චරිතයක් නම් ඒ දුර්වලකම් මගහරවා ගැනීමට ඔබ කලයුත්තේ ශරිරය පිලිබද අනිත්‍ය ස්වභාවය හොදින් මෙනෙහි කිරීමත් අවබෝධකර ගැනීමත්ය. පුරුෂයා නිතරම ස්ත්‍රියවෙතත් ස්ත්‍රිය නිතොරම පුරුෂයා වෙතත් ආකර්ෂණයවීම ප්‍රථග්ජන ස්වභාවයයි. නමුත් ශීලයෙන්දැමුනු කල්හි සමාධිගතවු සිතින් ප්‍රඥාවන්ත ලෙස ඇතිකරගත් දැක්ම (නිවැරදි දැක්ම) ඉහතකී බැමි මුදාලීම උදෙසා තමාට සරණවනු ඇත. එබැවින් ප්‍රථමකොට ශීලය ජීවිතයට ලංකරගන්න. දිවි දෙවැනිතොට ශිලය ආරක්ෂාකරන්න. අධික රාගී තත්වයෙන් අත්මිදීමට එයින් ඔබට පිහිටක් ලැබෙනු ඇති. එයින් ඔබට ලැබෙන අපමණ සිසිල අත්විදින්න. ඔබ රාගගින්නෙන් දැවී විනාශ නොවනු ඇත. අතිශය සුන්දර ජීවිතයකට ඔබ උරුමකමි කියනු ඇත.
ඔබ දෙව්ෂ සහගත චරිතයක් නම් නිතොර ඔබේ සිත තුල තරහ සිතුවිලි ඔබව අපහසුවට පත්කරත් නම් ඔබ කලයුත්තේ මෛත්‍රිය නිතොර වැඩීමයි. ප්‍රථමයෙන් තමන්ට මෛත්‍රි වඩන්න. තමන් අපහසුවට දුකට පත් කරන කාරනාවලින් අත්මිදෙන්න. දෙවනුව ලෝවැසි සයලු සත්වයන්හට මෙත්සිත පතුරුවන්න. ද්වේෂ සහිත සිතුවිලිවලින් මදී ඔබ සුවපත් වනු ඇත. එයින් ඔබ මානසිකව හා කායිකව නිරෝගි සක්තිමත් පුද්ගලයෙක් වනු ඇත.
ඔබ මොහ චරිතයක් නම් ධ්ර්මාවබෝධය වර්ධනයකරගැනීමට වැඩිපුර වෙහෙසෙන්න. යාග හෝම යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් සදහා ඔ‍බගේ කාලය ධනය නාස්තිකර නොගෙන උතුම් බුද්ධ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න. සදහම් මගට පිවිසෙන්න. බුද්ධ රත්නය,ධම්ම රත්නය,සංඝ රත්නය ඉතසිතින් සරණ කරගන්න.
මෝහාන්ධකාරය දුරුවී ඔබ සුවපත්වනු ඇත. ප්‍රඥාලොකයෙන් ඔබ බැබලෙනු ඇත.
රාග ද්වෙෂ මෝහ ඔබෙන් දුරුවූකල්හි ඔබ සත්‍යවශයෙන්ම දහමින් සිසිල ලත් උතුම් මිණිසෙක්වනු ඇති. ඔබට තෙරුවන් සරණයි.

Tuesday, December 14, 2010

අපි දෙමාපියනට කෙසේ සලකමුද?

මවුපිය උපහාර

ඔබ ඔබේ දරුවන්ට කෙතෙක් ආදරය කරයිද? ඔබේ පණ හා සමානව ඔබ ඔවුන්ට ආදරය කරන බව මම දනිමි. එහෙයිනි ඔබ ඔවුන් වෙනුවෙන් අසීමිතව වෙහෙස ‍වන්නේ. ඔබට දැන් සිතෙනවාද ඔබේ මවුපියනුත් ඔබට කෙතරම් ආදරය කරන්නට ඇතිද කියා. දැන් ඔබට එය එතරම් තදින් නොදැනුනත් ඒ පිළිබදට සිතන්නට මෙයයි හොදම අවස්ථාව. මන්ද තව නොබෝ කලකින් ඔවුන් ඔබ හැරගිය පසු ඔබට ඔබගේ ප්‍රමාදය ගැන පසුතැවිලි වන්නටත් දුක් වන්නටත් සිදුවන නිසාවෙනි.

මාපියන් ගෙදර බුදුන් බව සිතන්න.

Friday, December 10, 2010

තමාව හදුනා ගන්න.

ඔබ දන්නවාද ඔබ කවුද කියා?

සිතුවාද ඔබ මොහොතකටවත් ඔබ ගැන? මේ පැණයට ඔබේ පිළිතුර වන්නේ මොකද නැත්තෙ මම නිතරම හිතන්නෙ මගෙ ගැනමනෙ, යන්න බව මම දනිමි. හැබැයි එහෙම නොවෙයි සිතුවද ඔබේ සිත ගැන? අමතකවුනා නේද සිතන්න ඒ ගැන. එහෙනම් ඔබ නිතර වෙහසෙන්නේ කාගැනද? බොහොවිට ඒ ඔබගේ දරු පව්ල ගැන වියහැකියි. නමුත් ප්‍රඥාවන්තයා නිතර වෙහෙසෙන්නේ තමා ගැන සොයන්නයි.
අප්පමාදො අමතපදං එයයි බුදු වදන. එහෙයින් නිරන්තරයෙන්ම තමා ගැන අවදියෙන් සිටින්න. නිවැරදි සිහියෙන් කටයුතු කර අප්‍රමාදව ඒ උතුම් නිවනට පැමිණීමට ඉටා ගන්න.
ඔබට උතුම් තුණුරුවනේ සරණ වේවා!

Friday, December 3, 2010

නිවන් ලැබීමට ප්‍රාර්ථනාව පමණක් සෑහේද?

ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් නිවන් ලබමුද?

නිවනට පැමිණීම බොදුනුවෙකුගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේය. නිවැරදිව බොදු මගට පිවිසි හෙතම නිවනට යොමුවිම උදෙසා තම උත්සාහය අත්නොහැරම වීර්‍යය වඩන්නේය. ඒ සදහා වූ නිවරදි මග සොයමින් නිතර වෙහෙසෙන අතර තමා අවබෝධ කරගත් ධර්මතාවයන්ට අනුව කටයුතු කරමින් තම පරමාර්ථය වෙත පැමිණීමම අරමුණුකොටගෙන දිවි ගෙවන්නේය.
නොඑසේව ප්‍රාර්ථනා කිරීම පමණින්ම උතුම් නිවන කරා ලගාවිය හැකි වන්නේද?

මේ පිළිබද ඔබගේ වටිනා නැණවත් අදහස් ඉතා අගේකොට සලකමි. 0724438368 හෝ 0774713161 ට අමතන්න. වි‍‍ජේ සර්

Tuesday, November 2, 2010

පංසිල් නිවැරදිව හදුනා ගනිමු

ඔබ පංසිල් රකිනවාද?
එදා මෙදා තුර ලොව පහල වූ සියලු දහම් අතරින් බුදු දහම අතිශය ශ්‍රේෂ්ඨ දහම බව සියලු ප්‍රඥාවන්තයින්ගේ පිළිගැනීමයි. එවන් උතුම් දහමක සාමාජිකයෙක් වන ඔබ උතුම් මිනිසෙක් බව පිලිගැනීම අතිශොයුක්තියක් නොවන්නේය. එසේනම් ඔබ ඒ සදහා සුදුසු අයෙක් වීම අනිවාර්‍ය වන්නේය. හොද බොදුනුවෙක් වීම සදහා ඔබ අඩුතරමින් නිවරැදිව පංසිල් හදුනාගෙන එය ආරක්‍ෂා කලයුතුය.

බුදු දහමින් පංසිල් හැදින ගනිමු.
පානාති පාතා විරමනී ශික්ඛාපදං සමාදියාමි.
මෙහි නිවරැදි අර්ථ දැක්වීම නම් පනඇති සත්වයෙකු හිංසනයට හෝ ඝාතනයට ඇති අභිරුචි‍යෙන් (රමනයෙන්) වැලකීම නම්වූ ශික්ෂාපදය සමාදන් වෙමි යනුයි. මෙහිදී වඩාත් අවධානය යොමුකල යුත්තේ -රමනය- යන වචනය කෙරෙහිය. රමනය නම් කිසියම් තෘප්තියක් අපේක්ෂාවෙන් කරන ක්‍රියා දාමයකි. වෙරමනී යනු එවන් අපේක්ෂාවෙන් තොර වීමයි.

පරපන නැසීමෙන්
සොරකමින්
කාමයෙහි වරදවා හැසිරීමෙන්
මුසාබස් කීමෙන් හා
සුරාවෙන් මත්වීමෙන් යන මෙකී පංචවිධ ‍ක්‍රියාවන් පෙරකී පරිදි රමනයෙන් තොර වීම පංචශීල ප්‍රතිපත්තියවේ.

Thursday, October 28, 2010

අරි අටගි මග

නිවනට මග
අක් මුල් නොපෙනෙන මේ සසර මග දුක්ගින්නෙන් දැවෙන සත්වයා දුකින් මුදවා ගනු පිණිසම අපමණ කලක් පාරමීදම් පුරා ලොව්තුරා බුදු පදවියට පත් අප මහා බුදුපියාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ දම් සක් පැවතුම් සුතුර නුවණින් අවබෝධ කොට ගනිමු.
දුක, දුකඇතිවීමට හේතුව හෙවත් ආශාව, දුක නැති කිරීම හෙවත් නිවණ, දුක නැතිකිරීමේ මග හෙවත් අරි අටගි මග නම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය ඒ උතුම් දේශනාවයි.

දුක නිවන ආර්‍ය මාර්ගය
නිවැරදි දැක්ම (ලොව පවතින සියල්ල දෙස නුවණින් දැකීම)
නිවැරදි සංකල්පනා(අධික ලෙස ඇලීම් හා ගැටීම් වලින් තොර ව සිටීම)
නිවැරදි වචනය ( මුසාවෙන්,රලුවදනින්,කේලාම් කීමෙන් හා හිස් වදනින් තොරවීම)
නිවැරදි කාය කර්ම( හිංසාවෙන්,සොරකමින් හා කම්සැපයෙහි ලොල්බවින් වැලකිම)
නිවැරදි දිවිපෙවත ( යහපත් ජීවනෝපාය මාර්ගයක යෙදීම)
නිවැරදි උත්සාහය ( අකුසලයෙන් වැලකී කුසල් කිරීමට යොමුවීම)
නිවැරදි සිහිය (සියලු කාර්යයන් හිදී අතිශය සිහිනුවණින් යුතුව කටයුතු කිරීම)
නිවැරදි සමාධිය( ආශාවන් දුරුකොට නිවනට පැමිණීම)

Wednesday, October 20, 2010

අපි මෙත් සිත පුරුදු කරමු

මෛත්‍රී චින්තාව

ඔබ මෙත්සිත පුරුදුකර තිබේද? මෙත් වැඩීම ප්‍රථමයෙන් කලයුත්තේ තමාටමයි. මම එසේ කියන්නේ ඇයි? තමාටවත් මෙත් නොකරන අයෙක් වෙනත් අයෙකුට මෙත් වැඩීමට තරම් සිත සකසා ගන්නේ කෙසේද? එයයි පැණය. ඉදින් මෙත් සිත පුරුදු කරන ඔබ ප්‍රථමයෙන් මෙත් වැඩිය යුත්තේ ඔබටමයි. එසේනම් ඒ සදහා දැන් යොමුවෙමු.
කෙසේද ඔබ ඔබටම මෙත් වැඩිය යුත්තේ? මුලින්ම සිතන්න ඔබ ඔබට සිදුකරන නපුර කුමක්ද කියා. එවිට ඔබට වැටහේවි මම කියන කරුන කෙතරම් වැදගත්ද කියා. දැඩි ආශාව , දැඩි කෝපය , මුලාව වැනි සිත ට වද දෙන සිතුවිලි නිතර නිතර ඔබ සිත තුල පහල වේ නම් එයින් ඔබ ඔබට සිදුකර ගන්නේ නපුරක්මය. එවන් සිතුවිලි ‍ පාලනය කර ගනිමින් නිතර ඔබේ සිත තුල දැහැමි සිතුවිලි ජනිත කරගන්න.
එයින් ඔබ ලබන සිසිල ඔබතුල මෙත් සිතුවිලි ජනිත කරනු ඇත. එසේ ඔබතුල ජනිතවන සිතුවිලි යහපත් කරගන්නාවිට මෙත් වැඩීම සදහා සුදුසු පුද්ගලයෙකු බවට ඔබ පත්වේ. අන්න්‍යයන්හට මෙත් වැඩීමට ඔබ දැන් සුදුසු තත්වයක සිටී.
මම නිදුක් වෙම් වා, නිරෝගි වෙමිවා, දුකින් මිදෙම් වා යි ප්‍රථමයෙන් තමාටම මෙත් සිත පතුරුවන්න. දෙවනුව මාගේ ගුරුවරයෝ ද, දෙමව්පියෝද, අඹු දරුවෝද නිදුක්වෙත්වා ,නිරොගි වෙත්වා,දුකින් මිදෙත්වායි සිතුවිලි යොමු කරන්න. නැවත මාගේ අසල් වැසියෝද , සියලු ලෝ වැසියෝ ද නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා යි ලෝ වාසී සියලු සත්වයන් වෙතම මෙත් සිත පතුරුවන්න.
ඔබ නීරෝගි වනවා ඇත.

Tuesday, October 19, 2010

Seth kawi

Budu sarana we wa - Sadaham sarana we wa
Sanga sarana we wa - methun saranin jayama we wa.

aya maga wede'wa - weya maga aduwa yewa
jaya sathuta we wa - ape ge siri niwesa we wa

a'llen diya galana lesata - aya ganga nega e'waa.
welleth banbare kerekena - kaalaya honda wewaa
illam dana nidan samaga - perapina mathu wewaa
pallam besa giya diyunuwa - aayeth nega e'waa

perapina nege'waa - kala pau pala nodewaa
dew rekma wewaa - siyal gahados apala y'ewaa

eswaha katawaha howaha ye'waa
dos hadi anawina was dos ye'waa
desda dewol soonim kepe'waa
aswee nawagaha dos jaya we'waa

mawu piya daru pema ekata bende'waa
darusitha mawu piyanata nathu w'ewaa
apage' daruwo keekaru wethwaa
diyune jayamaawatha susadathwaa

SARASAWI WARAM LEBEEMATA
denum sawi sihisawi -
basa sawi sip kala sawi
sathara sawi sarasawi -
mawuni mata duna menawi siw sawi

GANAPATHI DEVINDU PIHITA LEBUMATA

athehi potha athi dewi -

nuwanata isuru gana dewi
gath lowe aga padawi -
denna mata sihi nuwana yuga sawi

proprietary ship of seth kawi: Arisen Ahubudu Soorin
Neth product.

Friday, October 15, 2010

සසර ගමන (සංසාර චක්‍රය)

නිමක් නැති සසර සයුර

පොඩ්ඩක් සිතුවාද ඔබ නිමක් නැති මේ සසර ගමන ගැන. එසේනම් ඔබ තවම සිටින්නේ ‍සසර නම් වූ ඒ අතිශය ඝොර බිරම් වූ ගොහොරු ‍මඩේ එරීගෙනය. චුට්ටක් සිතන්න මෙයින් ගැලැවෙන මග ගැන. සමහරවිට ඔබට ඒ සදහා කාලය නැතිවා වියහැකියි. නමුත් ප්‍රඥා වන්‍තයින් සදහාම දේශනා කලාවූ‍ බුදු දහමින් සිසිල විදින බොදුනුවෙක් වූ ඔබට මෙහිදී කාලය කෙසේවත් ප්‍රශ්නයක්නොවිය යුතුයි.

අතිශය දීර්‍ඝවු මේ සසර ගමන දෙස බලන කල වසර හැට හැත්තෑවකට සිමාවු අපගේ ජීවිත කාලය කෙතරම් අල්ප කාලයක් දැයි අවබෝධ කරගත හැකි වනුයේ ප්‍රඥාවන්තයින්ටම පමනි. පඤඤා ලෝකස්මිං පජ්ජතෝ

එහෙයිනි බුදු පියාණන් වහන්සේ දේශනා කොට ව‍දා‍ළේ

අවිද්‍යා‍‍‍‍ පච්චයා සංකාරා (පඥාව නොමැතිවීම සසරට හේතුවයි)
සංකාර පච්චයා විඤඤාණ (සසර පැවැත්ම සදහා විඤඤාණ හෙවත් සත්වයාගේ හටගැනීම වේ)
විඤඤාණ පචිචයා නාම රෑප (සත්වයා ගේ හටගැන්ම සමග නාම රෑප ඇතිවීම සිදුවේ)
නාම රෑප පච්චයා සලායතන ( නාම රෑප දෙක පවතින්නේ ඉන්ද්‍රිය සය සමග බද්ධ වීගෙනය)
සලායතන පච්චයා ඵස්ස ( ඉන්ද්‍රියන්ගේ ස්‍වභාවය නම් රූපාදියෙහි ගැටීමයි)
ඵස්ස පච්චයා වේදනා ( රූපාදියෙහි ගැටීම නිසා වින්දනය ට යොමුවේ)
වේදනා පච්චයා තණ්හා (වින්දනයට යොමුවූ විට හටගන්නේ ආශාවයි)
තණ්හා පච්චයා උපාදාන (ආශාව නිසා සිදුවන්නේ උපාදානය හෙවත් අල්වා ගැනීමයි)
උපාදාන පච්චයා භව (එසේවූ රාගාදි ආශාව අලලාගත්කල නැවත සසර මගට හේතුවේ)
භව පච්චයා ජාති,ජරා,ව්‍යාධි,මරණ,දුක්ඛ දොමනස්ස ( සසර මගට වැටීම නිසා නැවත ඉපදිම,වයසට යෑම,ලෙඩවීම,මරණයට පත්වීම හා අනන්ත දුක් වේදනාවන්ට පත්වීම සිදුවේ)
මෙයයි අප තිලොවග බුදුපියණන්වහන්සේ ණුවැනැතියන් සදහා දේශනා කොට වදාළ පටිච්ච සමුප්පාද ධර්‍මතාවය.

Monday, October 11, 2010

චතු අරිය සත්‍යය

පරම සත්‍යය හැදින ගන්න.

දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, සහ දුක නැතිකිරීමෙ මග යන මේ පරමාර්ථ සත්‍ය සතර නිවැරදිව අවබෝධ කරගත් නුවණැත්තෝ සැබවින්ම බොදු මගෙන් සිසිල ලබන්නෝමයැ.
මෙවන විටත් ඔබ දුක යම් පමණකින් හෝ හදුනාගෙන ඇති යැයි සිතමි.
දුකට හේතුව වන තණ්හාව හෙවත් ආශාව නොයෙක් මුහුණුවරින් පැමිණ ඔබ වෙහෙසට නැතහොත් දුකට පත්කරන බවත් එහි ඇති භයානක ස්වභාවයත් හොදින් තේරුම් ගෙන ටිකින් ටික චුට්ටෙන් චුට්ට හෝ ආශාවන් අඩුකර ගැනීමට ගන්නා උත්සාහය
ඔබව සිසල වෙත සමීප කරනු ඇති බවත් සිහි නුවණින් වටහා ගෙන කටයුතු කර දිවිමග ජය සතුට අත්කර ගන්නා අතර සසර මග කෙටිකර ගැනීමට ද හැකි බව සිතන්න.
එසේ නම් දුකත් දුකට හේතුව වන ආශාවත් අවබෝධ කරගත් ඔබ දුක නැතිකිරීම හෙවත් ආශාවන් ප්‍රහීන කිරීම තුලින් ලැබියහැකි නිවන (සිසිල) ලගාකර ගැනීම උදෙසා ක්‍රියාත්මක විය යුතු පිළිවෙල හදුනාගැනීමට නොපසුබට වන බව නොඅනුමානය. ණුවනැත්තෝ ඒ වෙනුවෙන් වෙහෙස වන්නෝමයැ.
දුක නැතිකරගැනීම හෙවත් නිවනට මග නම් අප මහ බුදුපියානණ් වහන්සේ දේශනා කොට වදාළ අරි අටගි මගම වන්නේය.

Tuesday, October 5, 2010

ඔබ දුකින් සිටින්නෙහිද?

දුක නැතිකරන බොදු මග

ඔබ සිටින්නේ දුකින්ද? මේ පැනය ඔබෙන් මා විමසුවහොත් බොහෝවිට ඔබ පිළිතුරු දෙන්නේ ඔව් කියා නොවේද? ඇයි ඔබ දුකින් සිටින්නේ කියා විමසුවහොත් ඒ සදහා ඔබ බොහෝ හේතු දක්වනවා ඇත. බලාපොරොත්තුවන අය,දෙය හෝ තත්වය නොලැබී යාම. අකමැති දෙය කරන්නට වීම වැනි නිදසුන් කීපයක් මෙහිදී දැක්විය හැක. නමුත් ඔබ දන්නවාද? මෙහිදී අප තථාගත බුදු පියානණ් වහන්සේ ගේ නිමල බුදු දහමට අනුව ඇත්තේ එකම එක හේතුවක් බව.
ඒ නම් වෙන කිසිවක් නොව තෘෂ්ණාව හෙවත් ආශාවයි.
එසේනම් ඒ කුමක් සදහා වූ තෘෂ්ණාවක් ද, නැතිනම් ආශාවක්ද?
ඒ වෙනකිසිවක් සදහා නොව පස්කම් සැප සදහාම වූ ආශාවයි. ආශාවන් කරා ඔබව ඇදගෙන යන්නාවූ ඉන්ද්‍රිය පසක් හෙවත් ශරීර අංග පහක් ඔබ සතුය.
ඇස කණ නාසය දිව සහ ස්පර්ශක යන මේ ශරීර කොටස් නිරතුරුවම ඔබව ආශාවන් කරා ඇදගෙන යත්.
දැන් නැවතත් සිතන්න. ඔබේ ඇස දකින ඔබ සුන්දරයැයි සිතන කිසිවක් නිසා හෝ කණට ඇසෙන මධුර නද නිසා හෝ නාසයට දැනෙන ආග්ඝ්‍රහණය නිසා හෝ දිවට දැනෙන මිහිරි රස නිසා හෝ ශරීරයට දැනෙන සුව පහස නිසා හෝ ඔබ කිසිදින තෘප්තිමත් වීද? එසේ නම් ඒ කිසිවකින් තෘප්තිමත් නොවන විට අවසන ඔබ පත්වන්නේ දුකට නොවේද කියා මොහොතකට සිතා බලන්න. දැන් ඔබ දුකට හේතුව හැදින ගත්තා නේද?
එසේනම් සිසිල දැන් ඔබට ලංව ඇතිබව දැනෙනවා ඇති. හැබැයි ඒ සිසිල අත් විදීමට නම් ඔබ ඔය ආශාවන් ගෙන් ටිකින් ටික ඈත්වීමට හුරු පුරුදු වියයුතුයි. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. එයමයි නිවනට මග වන්නේ.

Friday, October 1, 2010

ඹබ සැබවින්ම සතුටින්ද?

සතුට කොහි ඇත්ද?

සතුට සොයා, සතුට වෙනුවෙන් ඹබ කොපමණ නම් වෙහෙස වන්නෙම්ද? නමුත් ‍වෙහෙසවී ඹබ ලැබූ සතුටක් ඇත්ද? සතුට සොයා දුවන්න එපා. මොහොතක් නවතින්න. දැන් සිතන්න. සතුට ඇත්තේ ඹබ ලගමයි, ඇයි ඹබ තවම එය නුදුටු‍වේද?
එසේනම් ඔබ එය දැකගැනීමට සතුටු ඇතිනේද? කලබල නොවන්න ඔබ සතුට සොයා දිව යන විට සතුට ඔබ වෙතින් ඈතට දිව යනු ඇති. ඔබ සතුට ලැබීමට කැමති නම් ඉවසීම පුරුදුකරන්න. දුක සැප, ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, හෝ වෙනත් ඕනෑම හේතුවක් නිසා අපමන උද්ධාමයට හෝ කම්පාවට පත් නොවන්න. සියල්ල උපේක්‍ෂාවෙන්ම විදදරාගැනීමට පුරුදු වන්න. පැමිණෙන දුක් පැණිරසයැයි සිතන ඔබ ලගට සතුට ලංවන්නේ නිරායාසයෙනි. ඇයි,ලද දෙයින් සතුටුවීම, එයත් ඔබ සතුටින් සතුට වෙතම ගෙනයන උපකාරකයෙක් බව සිතන්න.
ඉනුත් ඔබ්බට සතුට ඔබ වෙත ලංකරගැනීමට ඔබ යුහුසුලු වන්නේනම් අල්පේක්‍ෂ ජීවිතයකට හුරු වන්න. එනම් ඉතා සුලු දෙයින් යැපීමට පුරුදුවන්න. දැන් සැබවින්ම ඔබ සතුට ජීවිතයට ලංකරගත් බොදු සිසිල හදුනාගත් වාසනාවන්තයෙක්මයැ.

Wednesday, September 29, 2010

කල්යාණි චේතිය නමාමි





නමදිමු කැළණි වෙහෙර වහන්සේ






ආයාචනාය මණි අක්ඛි - මහෝර ගස්ස
යස්මිං නිසීදි භගවා - මණි මණ්‍ඩ්‍ පස්මිං
තස්සෝ පරිට්ටිතමුපට්ටිත වීත රාගං
කල්යාණි චේතිය මහං
- සිරසා නමාමි.

උපන්දාසිට කරපු පව් නැත - වරක් වැන්දොත් කැළණිය.

Monday, September 27, 2010

ජය ශ්‍රී මහා බෝ සමිදු නමදිමු.

බෝධි වන්දනාව

යස්ස මූලේ න්සිංනෝව
සබ්බාරි විජයංනකා
පත්තෝ සබ්බං ඤුතං සත්තා
වංදේතං බෝධි පාදපං

ඉමේ ඒතේ මහා බෝධී
ලෝකනාථෙන පූජිතා
අහංපිතේ නමස්සාමි
බෝධිරාජා නමස්තුතේ.

සුප ටිට්ටිත රට්ටනුරාධ පුරේ - සම දිට්ටිත දක්කින සාග බවන්
සුභ මේග වනම්බර මේග නිබං - ජය බෝධ් මහප්ඵල මාමි වරං

මැද්ද දේසේ ඉද්ධිබල ඇති - සිද්ධසිරි මහ බෝධි සාමිණි
අනුරාධපුර නුවර වැඩලා - ගුවන් සක්මන් කලයි සාමිණි
පොලොව මිහිකත දිවැස් දැකලා - රනින් පලසක් මවා පෑමිණි
නොදැන කල පව් ගෙවා වදිනෙමි - සිද්ධසිරි මහ බෝධි සාමිණි

රන්වන් පාටින් දළුලන බෝධිය - නිල්වන් පාටින් කොලලන බෝධිය
ගෞතම මුණිදුන් පිටදුන් බෝධිය - -අපිත් වදිමු ජය සිරි මහ බෝධිය

දඹදිව් තලයේ හටගත් බෝධිය - සගමිත් තෙරණින් ගෙන වැඩි බෝධිය
මහමෙව්නාවේ රෝපිත බෝධිය - අපිත් වදිමු ජයසිරි මහ බෝධිය.

මම මේ මලුවට යනවා එන‍වා - බෝමුල් බෝපත් මට පෑගෙන‍වා
සමාව දී මගෙ පව් හරලනවා - බෝරදුනේ මට සමාව දෙනවා.

උඩමළුවේ බෝ රජු වැජඹෙනවා - දෙවැනි මළුවෙ මල් පහන් දිලෙන වා
වැලිමළුවේ මහ සෙනග වදින‍වා - මතු මත්තේ අපි නිවන් දකිනවා

සුදු බුදු රැස් දහරින් ලොව නහවා - බුදුහාමුදුරුවො සොද බණ කීවා
පුදමි පහන් මම සිරිපද ගාවා - බිද බවදුක සැනසුම හිමි වේවා.
සාදු... සාදු... සාදු...

නමස්කාර වේවා ශ්‍රී දළදා

ශ්‍රී දළදා නමදිමු.








ලෝකේක නාථ වදනං - බුධරාජ හං සං
මේනෙයිය කො මුදවනං - වලිසීතලම්හේ
අදුංජුකාර වර රූප - විරාජ මානං
වංදාමි සාදු මමලං - ජින දන්ත ධාතුං

Sunday, September 26, 2010

ශ්‍රී පාද වන්දනා ගාථා

මුනි සිරිපා නමදිමු.
යං නං ම දාය නදියා
පුලිනේච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ
සුමනාච ලග්ගේ
යං තද්ද යොනක පුරේ
මුනිනොච පාදං
තං පාද ලාංචන මහං
සිරසා නමාමි.

Saturday, September 25, 2010

සීවලී මහ රහත් වන්දනා ගාථ

සීවලී මහ රහතුන් වන්දනාවට පිරිසිදු පැන් භාජනයක් පූජා කරන්න.

යං දේව මනුස්සානං - බ්‍රහ්මා නංච පියං තතා
යංනාග සුපංනානං - කතකිංචං අනාසවං

ලාබිං ලබංත සබ්බත්ත - වනේගාමේ ජලේ තලේ
ලාබීන මග‍්ගතං පත්තං - කත්වාන කුසලං බව්න්
චලබිංනං මහා තේජං - පහින්න පටි සම්බි දං
සුසීලං සීවලී තේරං - නමාමි සිර‍සා දරං

Tuesday, September 21, 2010

ජල නංදන පිරිත

සියලු උපද්ද්‍රවයන්ගෙන් මිදීම සදහා ‍මේ පිරිත සඣජායනය කරන්න.
චතු වීසති බුද්ධොති යෝ බවිස්සති උත්තමං - පාරමී බල යුත්තේහි ජල නන්දන උත්තමං
අනෝමානී ජලංතිරේ උත්තමං පත්ත චී‍වරේ - පාරමීතේ ජලං හෝති සර්‍ව බන්ධන ඡේදනං
ආනන්දෝති මහා තේරං උත්තමං ධම්ම භාණ‍්‍ඩ‍‍කං - යේන භික්ඛු මහා තේරං සයනේ බංධන විද්වංසනා
ඉතිශ්‍රී ලෝක බුද්ධේ හි යේන ධම්මානු භාවතෝ - යංත්‍ර මංත්‍ර හරං කත්‍වා විනාසං බුද්ධානු භාවතෝ
මුනිංදෝ හෝති නමෝ බුද්ධං මාරසේනා පවජ්ජති - දස කෝටි සහස්සානි සර්‍ව බංධන ඡේදනං
පාරමිතා ගුණාහෝති යෝ බවිස්සති උත්තමං -අනේක ජාති සංසාරං සහස්සං ධම්‍මානු භාවතෝ
සයානෝවා සහස්සානි උත්තමං ගුණ පුග්ගලං - අසිතිං යේන සබ්බේපි සබ්බසිද්ධි බවංතුමේ / බ‍වංතුතේ

ධම්ම පදය

බට විනකරන සතුරන් හැදින ගන්න.
මොහොතක් විමසිලිමත් වන්න. ඔබේ සිත තුල ඇති නපුරන් ඔබට විනකරන බව මොහොතකට හෝ ඔබ සිතුවාද? එසේනම් සිතන්න. වෛරය, අධික ආශාව හෝ මුලාව ඔබේ සිත වෙලාගෙන ඇත්නම් ඔබ කරන සියලු ක්‍රියාවනුත් ඔබගේ වචනයත් අනුනට මෙන්ම තමන්ටද අ‍වැඩක් සිදුකරනවා මිස හොදක්නම් කරන්නේම නැත.
වෛරී සිත තමා ශාරීරිකවත් මානසිකවත් දුර්‍වල කරයි. ලෙඩ කරවයි. තමාට සතුරන් ඇතිකරවයි. සතුටතමා වෙතින් ඈත් කරයි.
අධික ආශාව හෙවත් දැඩි ලෝබය ‍හෝ රාගය ඔබට විපත් සිදුකරන බව ඔබ මොහොතකට සිතුවාද? සිත නිරතුරුවම අසහනයට පත්කරන සැනසුම අපෙන් ඈත්කරන විෂම ස්වභාවයක් වන මේ ගතිලක්‍ෂණ ටික ටික හෝ සිතින් දුරුකර ගැනුමට ගන්නා උත්සාහය ඔබ ට සිසිල ලංකර දෙයි. සියලු දුක් දුරුකරලයි. (තංහක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාතී)
මෝහය හෙවත් මුලාව තමා විපතට හෙලන තත්වයකි. යමක් පිලිබද නිවැරදි අවබෝධයක් නොමැතිව වැරදි අවබෝධය හෙවත් අනවබෝධය නිසා මිනිසා නිතර පව් රැස්කර ගනී. යාග හෝම වැනි අතිශය පිළිකුල් සහගත ක්‍රියා සිදුකරන්නේ මිනිසා තුල ඇති මේ මෝහය නිසාවෙනි. අතිශය දුක් විපාක ඇතිකරන මෙලොව පරලොව දෙකෙහිම තමා විපතට හෙලන මේ අපකීර්තිමත් තත්වයෙන් අත්මිදීමට අදිටන් කරගනිමු.

Tuesday, September 14, 2010

ඔබ ඔබට කෙසේ සලකන්නෙම්ද?

ඔබ ඔබ ගැනම මොහොතකට සිතන්න.

දිනකට කොපමන වේලාවක් ඔබ ඔබ ගැන සිතීමට යොමුව ඇද්ද? මොහොතක් සිතන්න. ඔබව අපායට යවන්නේ කව්ද? එසේම දෙව්ලොව යවන්නේ කව්ද? මේ ගැන ඔබ මොහොතක් සිතුවාද? මේ වන විටත් ඔබට මේ පිලිබද සිතුවිල්ලක් පහල‍ව ඇත්නම් ඔබ නිවැරදි මගට වයොමුව සිටින සිසිල දිවියට ලංකරගත් අයෙක් බව සතුටින් කිවහැකිවේ.
එසේනම් ඔබ පොඩ්ඩක් සිතන්න. කෙනෙක් අපායගාමී ‍වන්නට බලපාන කරුණු ක‍වරේද කියා. කෙනෙක් තුල නිතර ජනිත වන සිතුවිලි දැඩි ලොභය, වෛරය, මෝහය වැනි කෙලෙස් සහගත ඒවා නම් එවන් සිතුවිලි සහිතව කරනුලබන කිසියම් ක්‍රියාවක් හෝ ‍වචනයක් හැමවිටම ඔබව යොමුකරවන්නේ නපුරටම වේ. එබැවි න් සිතේ ජනිතවන සිතුවිලි යහපත් බවට පත්කරගැනීම තුලින් තමාව අපායගාමී වීමෙන් වලක්වා ගත හැකි බව නිතර සිහිපත් කලයුතුවේ. එසේ ඔබ යහපත් දිවිපෙවෙතකට යොමුව ඇත්නම් ඔබ තුල නිතර ජනිතවන සිතුවිලි යහපත් ඒවානම් තමාව නිසිමග ගෙනයන දෙව්ලොවට යන මාවතට යොමුවූ අයෙකි ඔබ. නිරන්තරයෙන් සිසිල අත්විදිය හැකිය ඔබ‍ට. එසේනම් මොහොතකට සිතන්න ඔබ ඒ සිසිල අත්විදීමට ඔබව යොමු කරන්නේද කියා. බොදු සිසිලෙන් දිවිමග සිසිල අත් විදීමට ඔබට සිත් වේවා.

සිසිලට වදනක්

ඔබ බොදුනුවෙක්ද?

මේ පැනයට ඔබ දෙන පිලිතුර ඔව් යන බ‍ව මම දනිමි. නමුත් මෙහිදී ඔබ අවංකවම තිසරණ සරණ කරගත්අයෙක්ද? කියා මෙහොතකට සිතා බලන්න. ඔබ තෙරුවණ් සරණ කොටගෙන ඇත්තේ වචනයට පමණක් නම් එය ප්‍රමාණවත් නොවේ. අවංකවම එය ඔබේ ජිවිතය කරගත යුතුය. දිවි යතත් තිසරණ සරණ අත් නොහැරිය යුතුමය.

තිසරණ සරණ දිවියට සිසිලක් වන්නේ කෙසේද?

යහපත් බොදුනුවා අනි‍වාර්‍යයෙන්ම ශීලයක පිහිටා සිටිය යුතුමය. පංච ශීලය හෝ ආජිව අට්ඨමක ශීලය බොදුනුවා ගේ නිත්‍ය ශීලය බව අප හොදින්ම දනිමු. එවන් උතුම් ශීලයක පිහිටා එය දිවි දෙවෙනි කොට ආරක්‍ෂාකරන කිසිවෙක් වෙත්නම් ඔහු හෝ ඇය නිරතුරුවම දහමින් රැකවරනය ලබන්නේමැයි. ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී එසේනම් ඔබත් ඔබේ දිවියට සිසිලක් ලබාගැනීමට පසුබට නොවන්න. දහම් සිසිල අත්විදීමට අද අදම සිතට ගන්න.

Monday, September 13, 2010

අංගුලිමාල ආරක්‍ෂක ගාථා

සතුරු කරදරයන්ගෙන් අත්මිදීම පිණිස මෙම ගථාව කියවන්න.
දිසාහිමේ ධම්ම කතං සුනංතු - දිසාහිමේ යුංජංතු බුද්ධශාසනේ
දිසාහිමේ තේ මනුජා බජංතු - යේධම්මා මේවා දපයංති සංතෝ
දිසාහිමෙ ඛංති වාදානං අවිරොධ පසංසිනං - සුනංතු ධම්මං කාලේන අනුවීදියංතු
නහිජාති සො මමං හිංසේ - අංඤඤංවා පන කිංචිතං
පප්ඵුයිය පරමං සංතිං - රක්ඛෙයිය තස තාවරේ

දිවියට සෙත ගෙනෙන සෙත් කවි

ගැබිණි මවට සෙත්පතා.
සම්බුදු ගුණතෙද මවට ලැබේවා - පතිනි මව්න්ගේ පිහිටත් වේවා.
මවටත් ගැබටත් සෙතම සැදේවා - සුවපත් දරුඋපතක්ම ලැබේවා.

යහපත් යුගදිවි ඇරඹුමකට
යුගදිවි ඇරඹීමේ - සිත් කැමැත්තක් ඇතත් බෝ
වලකන නෙක බාධා - වන් නිසා සිත් පෙලුම් ගත්
මහදට සැනසිල්ලක් - දී වහා දෙවු බෙලෙන් තුම්
පතිනි මවුනි දෙත්වා - දෙවු වරම් අත් ගැනීමේ.

කල් වැසි වසීවා - කෙත් වත් සාර වේවා - සත් සිත නිවේවා - රජය දැහැමිව ලොවැඩ වේ‍වා.

Wednesday, September 8, 2010

රත්නමාලී ගාථා රත්නය

උදේ සවස ඉතා ශ්‍රද්ධාවෙන් මෙම ගාථා කියවන්න.
සියලු අසහනකාරී සිතුවිලි වලින් මිදී සැනසුම ලඟාවේ.

රත්නමාලී ගාථා
කියවනවිට -සං- දෙවරක් කියවන්න

සංසාර සාරෝග විනීත නී - සං -නීත සාතං සුචිසාර ධී - සං -‍ ධීර කං සොංන තනූප ලා - සං - ලාප දේසිං පනමේ භි සා - සං - සාභිගං කේවල මෝහ නා - සං - නාහකං මාර රනේ වි‍සේ - සං - සේවිතං දාසි මුදාර හා - සං - හාර ධම්‍මං පනමේ සදා - සං - දාස ගංනා සිත පාප නා - සං - නාප දංසිං හත ඝෝර පා - සං - පාර ගාමිං සුචි සාර වා - සං - වාර සංඝං ප
නමෙ රසා - සං -

Tuesday, September 7, 2010

අන්තරාය නිවාරන පිරිත

සිය‍ළු අනතුරු වලින් වැලකී ආරක්ෂාව සලසා ගැනීම උදෙසා දිනපතා කිහවන්න.

අන්තරාය නිවාරන පිරිත.
බුද්ධානං ජීවිතස්ස - නසක්කා කේනචි - අංතරායෝ කාතුං
බුද්ධානං ඡබ්බංන රංසීනං - නසක්කා කෙනචි අංතරායෝ කාතුං
බුද්ධානං ද්වත්තිංස මහා පුරුෂ ලක්කනානං නසක්කා කේනචි අංතරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුංනං පච්චයානං - නසක්කා කේනචි අංතරායෝ කාතුං
ඉමේසං චතුංනං අච්චරියානං - නසක්කා කේනචි අංතරායෝ කාතුං
එතෙන සච්ච‍වජ්ජේන - අංතරාවයෝ අසේසතො - මාරාගයෝ චිනස්සංතු
ජය සිද්‍ධී බවංතුතේ - ජයසිද්ධි බවංතු මේ

නිවසේ වාසනාව හා ඔබට දියුණුව ගෙනෙන සෙත්කවි


නි‍වසේ වාසනාව සහ දියුණුව වෙනුවෙන් මේ සෙත්කවි දිනපතා උදේ සවස කියවන්න.

ය මග ‍වැඩේ‍වා.
වැය මග අඩු‍ව යේවා.
ජය සතුට වේවා.
අපේ ගේ සිරි නිවෙස වේවා.


ඇල්ලෙන් දිය ගලන ලෙසට - අයමග නැග ඒවා.

වැල්ලෙත් බඹරේ කැරකෙන - කාලය හොද වේවා.

ඉල්ලම් ධන නිදන් සමග - පෙරපින මතු වේ‍වා.
පල්ලම් බැසගිය දියුණුව - ආයෙත් නැග එවා.

පෙර පිණ නැගේවා. - කල පව් ‍ඵල නොදේවා.
දෙව් රැක්ම වේවා. - සියල් ගහ දොස් අඵල යේවා.

ඇස්වහ කටවහ හෝවහ යේවා.
දොස් හදි අණවිණ වස් දොස් යේවා.

‍දෙස්ද දෙවොල් සූනියන් කැපේවා.
අස්වී නවගහ දොස් ජය වේවා.


නිරෝගී දිවියනට දිය පිරිත


දිනපතා උදෑසනින් අවදි වන්න. දියබදුනක් ගෙන මෙ පිරිතෙන් පිරිත්කල දිය බොන්න. ඔබ නීරෝග වනු ඇත. නිරොගී‍ බ‍ව උතුම්ම ලාභය වේ. (ආරෝග්‍යා පරමා ලාභා)

දිය පිරිත.

සිදු නොකොට සියල් පව්. පිං කිරීමෙ යෙදෙන්නේ. සිතෙහි සුද වවන්නේ. මේ ඔවා සව් බුදුන්නේ. එබුදු බස සැබෑමැයි. ඒ සැබෑ බස් බෙලෙන් දැන්. මෙදි‍ය දිඔසු වීමෙන්. මා කයේ රෝ සිදේවා.
හැම අපල ඉවත් වී දියුණුවේ මං සැදේ‍වා. ගත සිත සුවපත්වී මං ලබම්වා දිගාසී.
සසර පෙර පිනින් මා බෝදනුල්පත් නැගේවා. සියලු හෙළ දෙවන්ගේ රැක්ම ආසී ලැබේ‍වා. දිවිමග තිරවීමෙන් සොම්නසේ මල් පිපේවා. දවස සඵල වේවා. සව් දෙවන් රැක්ම වේවා.
හැමදෙන අප පව්ලේ සෙත් සුවෙතොස් ලබත්‍වා. රටට දැයට සව් දෙව් රැක්ම ආසී ලැබෙවා.

බුදු සරණ වෙවා. සදහම් සරණ වෙවා. සග සරණ වෙවා. මෙතුන් සරණින් ජයම වෙවා.



Monday, September 6, 2010

බොදු සිරිත

බොදු සිතුවිලි
සිදුහත් උපත සිදුවූ වෙසග පුන් පෝ දා ලොව්තුරා බුදු පදවි ලැබීමත් පිරිනිවීමත් යන තෙමගුල් කරුණු සිදුවින. එබැවින් වෙසග පෝ දින ‍සකල ලෝ වාසී සැම බොදු දනහට ඉමහත් වැදගත් දිනයකි. එහෙයිනි එදින අති මහත් බහුතර ජනතාවක් පෙහෙවස් සමාදන් වීම අනේකවිධ ආමිස පූජාවන් සිදුකිරීම වැනි උතුම් කටයුතු සිදුකරනුයේ. ඔබ බොදුනුවෙක්, කිතුනුවෙක්, හෝ වෙනත් ඕනෑම ලබ්දිකයෙක් වුවත් මෙ අසිරිමත් වෙසග දිනය සතුටු දිනයක් ලෙස සලකන බව නොඅනුමානය. අනාදිමත් කාලයක් පෙරුම්පුරා ලෝ සත වෙත පතලාවූ මහා කරුණාවෙන් උතුම් සදහම් මග ලොවට හෙලිකලාවූ අප මහා බුදු පියාණන් වහන්සේ ගේ ඒ උතුම් සදහම් මග අප අපගේ ජිවිත වලට කෙතරම් ප්‍රා‍යෝගික කරගෙන ඇත්ද?අපගේ ප්‍රායෝගික ජිවිතයත් බුදු දහමත් අතර කිසියම් පරතරයක් ඔබ දකින්නේද? එසේනම් එහි
අරුත වනුයේ ඔබ තවමත් බුදුදහමින්ජිවිතයට ලැබෙන සිසිල අත් නොවිදින බවයි.
උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මිනිසත් බව ලැබූ ඔබ ඒ උත්තම බුදුදහමින් පෝෂනය වූ දිවයිනක වෙසෙමිනුත් බුදු සිසිලෙන් ජිවිතයට ලැබෙන සිසිල අත් නොවිද සිටී නම් තවත් කල් නොහැර අදම ජිවිතයට අලුත් අරුතක් එක්කරගැනීම‍ට යොමු වෙමු.