අනියත බව නුවනින් දකිමු
අප ගෙවන මෙි දිවිය වසර සියයකට සීමාවනවා යැයි සිතමු. එම වසර සියයෙන් වසර 20 ක පමණ කාලය අප ගෙවන්නේ ලදරු විය සහ පාසැල් දිවිය ලෙසිනි. ඉන්පසු වසර 70 පමන වන විට විශ්‍රාමික කාලයයි. එසේ වු කල වසර සියයක ආයු කාලයේදි අප ගතකරන සක්‍රිය ජීවිත කාලය වනුයේ වසර 50ක කාලයකි.
අප මෙ වන විට භවයේ කල්ප ගනන් සැරිසරමින් සිටින්නෙමු. තව කොපමන කලක් මෙ ගමන යාමට සිදුවේ දැයි අපි නොදනිමු.
මෙ භව ගමන ගැන හොද නිදසුනක් ලෙස දිනක් බුදුපියානන් වහන්සේ තමන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් සමග චාරිකාවක යෙදෙමින් සිටියදී පසෙකින් දුටු කඩි රැලක් හේතුවෙන් බුදුපියානන් වහන්සේ සිනා පලකල සේක. එවිට ආනන්ද හාමුදුරුවො බුදුපියානන් වහන්ස කුමක් හෙයින් සිනා පලකලේදැයි විමසීය.
එවිට බුදුන් වහන්සෙ පවසා සිටින්නේ "ආනන්ද අර කඩිරැල ඔබ දුටුවේද? ඔය රැලේ සිටින සියලුම කඩි පෙර භවයන්හි සක්විති රජ පදවි දැරූ අය" යැයි ප්‍රකාශ කල සේක.
දැන් ඔබට වැටහෙනවා නේද? භවයෙහි ඇති ගැඹුරු බව හා සංකීර්ණ බව.
ඉතිං තවදුරටත් මේ ඝොර බිරම්වූ සසරටම අවතීර්න වෙනවාද? නොමැති නම් මින් ගැලවෙනවාද යන්න තීරනය කරමු.
සසරෙහි කෙල කෝටි ගනන් වසර ගනනාවක් ගෙවමින් දුකම උරුම කරගෙන යන ගමනක යෙදෙන අපි මෙ භවයේ වසර 50ක් තරම් වූ කෙටි කාලයක් වෙනුවෙන් කොපමන නම් වෙහෙස වන්නෙමුද?
සැම මිනිත්තුවක්මත්, දින සති මාස වසර ගනනුත් දිගින් දිගට අප වෙහෙසෙන්නේ මෙ භවය සශ්‍රික කිරිමම මුල් කරගෙන නොවේද?
එසේ නම් අපගේ මෙ උත්සාහය කොපමන නම් අර්ථවත් දැයි මොහොතක් සිතා බලන්න.
මේ භවය සදහා අධික වෙහෙසක් දරන අපි අති දීර්ඝ වූ සසර ගමන සදහා කිසිදු වෙහෙසක් නොදරන්නේ නම් අප කෙතරම් අනුවන ද?
මෙ අනියත බව නුවනින් දකිමු. සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කොට සසර මගින් එතෙරවීමේ ධෛර්‍යය වඩමු.