Thursday, July 3, 2014
Divimaga Sarukaramu
මෙලොව උපන් හැම සත්වයෙක්ම තමා වෙනුවෙන් වෙහෙස වීම ම උරුම කොට ගෙන දිවි ගෙවති. නමුත් ශ්‍රේෂ්ඨ උත්තමයින් ගැන සිතන්න, ඔව්හු හැමවිටම අනුන් වෙනුවෙන්ම තම දිවි දෙවෙනි කොට සලකා ක්‍රියා කලාහු වෙති. ලොවුතුරා බුදු පියානණ් වහන්සේ සාවුරුද්දක් අතිශය අමිහිරි වූ දුෂ්කරක්‍රියාවකට යොමු වුවෙත්,ජේසුතුමන් කුරුසියේ ඇණ ගැහුම් වැද දිවි පිදුවේත් ලෝසත වෙත පතලාවු මහා කරුණා දයාවෙන්ම වේ.
ඔබත් මොහොතකට තම ජීවිතයෙන් අන් අයට කෙලෙස උපකාර කල හැකිදැයි සිතන්න.
සිතා මතා අන් අයට උපකාර කිරීමක් කිසිවිටෙකත් තිරිසන් සතුන්වෙතින් දැකිය හැකි නොවේ. එය කලහැකි වන්නේ මිනිසත්බව ලත් අපටම පමණි. එහෙයින් මිනිස් අපටම පමණක් උරුමවූ පරෝපකාරය කලහැකි හැමවිටෙකම හැම අවස්ථාවකම අප විසින් කලයුතුම උසස් මිණිස් දහමක් වන්නේය.
මම මාවම පෝෂනය කිරීම පමණක් කරන අයෙක් වෙමිද? නොඑසේනම් වඩාත් උතුම් අයෙක් වෙමිද?