Monday, September 26, 2016

niwaradi budu bana - භාවනාව

බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ භාවනාව-භාවනා කිරීමේ ඒකායන පරමාර්ථය-

කෙළෙස්වලින් පිරුණු සිතක් සහිත අශ‍්‍රතවත් පෘථග්ජනයෙක් ලෙසින් සංසාරයි කියා ලෝකයෙන් තවත් යමක් අල්ලා උපාදානය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ම ඉන්ද්‍රියයන් පිනවා යම් ආස්වාදයක් විඳවීමේ කැමැත්තෙන් ම මෙතෙක් ලෝකයට බද්ධ වී ක‍්‍රියා කළ පුද්ගලයෙකුට මේ සංසාර පැවැත්මේ යථා ස්වභාවය එනම් අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව යථා පරිදි දැන ගත හැකි වන්නේ බුද්ධ කල්පයක් තුළදීම පමණි. භද්‍ර කල්පය යනු සසරට බැඳී, සංසාර ගමනට තව තවත් බැඳෙන්නටම ක‍්‍රියා කරන කාලයයි. බුද්ධ කල්පය යනු සසර බැමි සිඳ දමා, සසර දුකෙන් මිදී නිදහස් විය හැකි කාල පරාසයයි. මේ අනුව භද්‍ර කල්පය හා බුද්ධ කල්පය ද වෙන් කොට දැන හඳුනා තේරුම් ගත යුතුයි.
මේ අතීත භද්‍ර කල්පය තුළ අනන්ත අප‍්‍රමාණ වාරයක් අනරිය ධ්‍යානයන් ලබා, අභිඥා ලබාගෙන, ඉර්ධි ප‍්‍රතිහාර්යයන් පාමින් දෙව් මිනිස් තලයන්හි මෙන් ම බ‍්‍රහ්්ම ලෝකවල ද, චක‍්‍රවර්ති රජුන් ලෙස ද, ලෝකය තුලම ඔබ අප සැම දෙනා ම අතරමං වන්නට ඇත. සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්‍ෂාව ම සම්පූර්ණ කරගෙන අනිච්ච, දුක්ඛ, අනත්ථ යථා පරිදි අවබෝධ කරගෙන නිච්ච, සුඛ, අත්ථ සංඥා සිතින් ම ඉවත් කර දමා, පංචකාම නීවරණ ධර්මයන්ම සිතින් ප‍්‍රහාණය කර දමා, රාගක්ඛ්‍යය කිරීම, ද්වේෂක්ඛ්‍යය කිරීම, මෝහක්ඛ්‍යය කිරීම බුද්ධ කල්පයක දීම පමණක් කරගත හැකි දෙයකි. මේ අනුව බුද්ධ කල්පයක් වු මේ වර්තමාන කාල පරාසයේදීත් අනරිය ධ්‍යානයන් ලබා ගන්නට ම භාවනාවන්හි යෙදීම, බුද්ධ දේශණාවෙහි නම් කොතැනකවත් පෙන්වා දුන් නිර්දේශකර වදාළ ප‍්‍රතිපදාවක් නොවේ. එසේ ධ්‍යානයන් ලබාගෙනම මඟඵල ලැබිය යුතුයැයි ප‍්‍රකාශ කරන්නට උත්සාහ දැරීම ද වැරදි ක‍්‍රියාවකි.
සිතක මතුවන, සිතක් කිළිටි කරවන, රාග, ද්වේෂ ආදී පංචකාම නීවරණ ධර්මයන් කෙළෙස් ගති තාවකාලිකව සිතින්ම යටපත් කර, සිත සමථයට පත්කර ගැනීම සමථ භාවනාවකින් ද කර ගත හැකිය. කල්ප කාලාන්තරයක පටන් අනන්ත සංසාරයේ දිගින් දිගටම මුල්බැස ගෙන, දිගටම පවත්වා ගෙන ආ ආසව, අනුසය ධර්මයන් කෙළෙස් ගති සහමුළින්ම උදුරා දමා, නැවත නොඋපදින ලෙසින්ම කෙළෙස් අස්කර දැමීමට, කෙළෙස් මුල් සිඳ දැමීමට ක‍්‍රියා කිරීම කළ හැකි වන්නේ බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ විපස්සනා අනුපස්සනා භාවනාවන් ප‍්‍රායෝගිකවම භාවිතා කිරීමෙනි. නිතර නිතර බහුල ලෙසින්ම භාවිතා කිරීමෙනි. ආසේවිතාය, භාවිතාය, බහුලීකථාය, යානි කථාය, වත්ථු කථාය, පරිචිතාය, අනුචිතාය, සුසමා රද්ධායයනුවෙන් පෙන්වා දුන්නේ මේ ධර්මතාවයයි.
විෂ්කම්භන වශයෙන් හා තදංගම වශයෙන් කෙළෙස් තාවකාලිකව යටපත් කර දමා යම් ලෞකික සුවයක් ලබා ගැනීම මගින්ද බොහෝමයක් දෙනා තෘප්තිමත් වන්නට ක‍්‍රියාකරන්නේ එයද සංසාර ගති පුරුද්දක් නිසාය. සමුච්ෙඡ්දප්ප‍්‍රහාණයෙන්ම කෙළෙස් ප‍්‍රහාණය කර දමා පටිපස්සදී ප‍්‍රහාණයෙන් හා නිස්සරණප්ප‍්‍රහාණයෙන් කෙළෙස් යළි නූපදින ලෙසින්ම කෙළෙස් මුල් සිඳ දමා නිදහස් විය හැකි බව ඔවුන් නොදන්නා නිසාම ධ්‍යාන ලබන්නට ක‍්‍රියා කරති. මේ අනුව ධ්‍යානයන් ලැබීමේ චේතනාවක් සිතක ඇති වන්නේ ද විඤ්ඤාණයේම ගතියක් වංචක ධර්මයක් මුල්කර ගෙනය.උරුමයෙන්ම, උපතින්ම මිනිසෙකු ලෙසින් ලබා උපන් මනසේ ශක්තිය, යහපත් සේ යහපත් ආකාරයෙන්ම, සංවරව භාවිතා කරන්නට දක්ෂ වූ පුද්ගලයා ඥාණවන්තයෙකු, ප‍්‍රඥාවන්තයෙකු බවට පත් වෙයි. උරුමයෙන් ලබා උපන් මනසේ ශක්තිය අයහපත් ලෙසින් අයහපත් ආකාරයෙන් අසංවරව වැරදි ලෙසින් භාවිතා කරමින් තමන්ටත් බාහිර ලෝකයාටත්, ස්වභාව ධර්මයාටත් හානියක්, විනාශයක්, පාපයෙන් කිළිටි කිරීමක් සිද්ධ කරන්නට ක‍්‍රියා කරන්නේ අඥාණ, අශ‍්‍රැතවත් පෘථග්ජන ගතිය නිසයි. යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය යන දෙකම වෙන්කොට හඳුනාගන්නට තරම්වත් ශක්තියක් මනසේ නැති වූ විට මිනිස් බව කෙළෙසා ගන්නා එවන් පෘථග්ජනයින් මතු කල්ප කාලාන්තරයක් යළි මිනිස් බවක උපත ලබා ගැනීමේ උතුම් අවස්ථාව ද අහිමි කර ගන්නේය. භාවනා කළයුතු වන්නේ මෙම පංචස්කන්ධ ලෝකය තුළින් තව තවත් යමක් අල්ලා ගන්නට, එකතු කරගන්නට හෝ උපාදානය කරගන්නට හෝ නොවේ.

Wednesday, September 21, 2016

බුද්ධානුස්සතිය ප්‍රගුණ කර ගැනීම

බුද්ධ දේශණාවේ ආධ්‍යාත්මය හා ප්‍රායෝගික ක්‍රමවේදය-බුද්ධානුස්සතිය ප්‍රගුණ කර ගැනීම- 

රාග, ද්වේශ,මෝහ යන කෙළෙස් සහිත අරමුණු, සිතෙහි මතුවනවාත් සමඟම ඒවා මොනතරම් ප‍්‍රිය අරමුණු වුවද, ආස්වාද ජනක දේ වුවද, ඉන්ද්‍රියයන් පිනවන දේ වුවද, ඒවා නිවනට ප‍්‍රතිපක්ෂ බව දැක, ඒවා නිවනට බාධක බව දැක, ඒවා නිසා නිවන ප‍්‍රමාද කරන බව යථා පරිදි තේරුම් ගෙන, එවැනි කෙළෙස් ධර්ම, කළු ධර්ම, සිතෙහි මතු වන මෙහොතේදීම, ඒවා දිගේ සිතින් රෝද ගැසීම නවත්වා, ඒ අරමුණු වෙනස් කර, ඊට ප‍්‍රතිපක්ෂ අරමුණක සිත යොදවා, අවසානයේදී ඒ කිළිටි ගතිය සිතින් අස්කර දමන්නටම ක‍්‍රියාකළ යුතුය. මේ පියවර තුනම අනුගමනය කළ හැකි වන්නේ, මේ ආරක්‍ෂක ආයුධ හතරම භාවිතා කිරීමෙනි. ධම්මානුධම්ම ප‍්‍රතිපදාවෙහි යෙදෙන්නට පුහුණුවක් ලැබූ, ඒ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ආර්යය ශ‍්‍රාවකයකුට, දැන් ආයුධ හතරම භාවිතයට ගෙන, පළමුව තම සිත සමථයකට පත්කර ගෙන කෙළෙස් තුනීකර ගැනීමටත්, දෙවනුව ඊට සමගාමීවම කෙළෙස් සහමුළුන්ම කපා, උගුල්ලා දැමීමටත් දැනුමක් හා ශක්තියක් ද ලැබෙන්නේය. 

මෙවන් ආර්ය ශ‍්‍රාවකයා දැන ගත යුතු දේ යථා පරිදි දැන ගනී. දැන ගෙනම ආශ‍්‍රය කළ යුතු දේ ආශ‍්‍රය කරයි. ප‍්‍රහාණය කළ යුතු දේ, ප‍්‍රහාණය කරන්නේද යථා අවබෝධයකින්මය. මෙය හුස්ම පිට කිරීම හා ඇතුළු කිරීමට වඩා බොහෝ වෙනස්ය. පෙර සඳහන් කර පෙන්වූ යහපත් අරමුණු හයම හය දොරකින්ම ආශ‍්‍රය කර ඇතුළට ගන්නටත්, ආශ‍්‍රනොකර දොරවල් වසා බැහැර කළයුතු දේ බැහැර කර තබන්නටත් හැකි බව මෙවන් ආර්ය ශ‍්‍රාවකයා දැන ගනී. මෙය බුද්ධ භාෂිතයේ පෙන්වූ අනාපානාසතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමයි. ඉන්පසුව ඕනෑම ඉරියවුවකින්ද ආනාපානාසතියෙහි පිහිටා කටයුතු කරන්නටද හැකි ශක්තියක් ලබා ගනී. සක්මන් කිරීමේදීත් ඉඳගෙන සිටිමේදීත්, සිටගෙන සිටීමේදීත්, නිදාගෙන සිටිමේදීත්, චිත්ත සන්ථානය ඇතුලට ගත යුතු දේත්, සිතින් බැහැර කළ යුතු දේත්, තීරණය කරන්නට හැකි ශක්තියෙන් ක‍්‍රියාකරන පුද්ගලයා, නිසි පරිදි ඉරියාපථ පබ්බයෙන්ද ආනා පානා සතිය ක‍්‍රියාත්මක කරන්නට දැන ගනී. දවසේ පැය 24 පුරාමත් (නිදියගත් අවස්ථාවේ හැර)ආශ‍්‍රය කළ යුතු දේ දැන ආශ‍්‍රය කරයි. ආශ‍්‍රයෙන් බැහැර කර ප‍්‍රහාණය කළයුතු දේ තෝරා බේරා ප‍්‍රහාණය කරන්නටද දනී. 

දැන් මේ ආයුධ හතරම භාවිතා කළ යුතු වන්නේ, සිතින්ම ප‍්‍රහාණය කළ යුතු කෙළෙස් මුලින්ම කපා, උගුල්ලා දමන්නටමය. ඒ නිසා මේ ආයුධ හතර එනම්, මරණානුස්සසතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, හා බුද්ධානුස්සතිය ප‍්‍රායෝගිකවම භාවිතා කළ යුතු ආකාරය සොයා බලමු.
 
භාවනාව - ධ්‍යාන හා මාර්ගඵල-

බුදුපියාණන්වහන්සේද බෝධිසත්ව යුගයේ වසර හයක් තිස්සේම විවිධ දුෂ්කර ක‍්‍රියා කරමින් අනුගමනය කළේ මෙවන් අනරිය වූත් ලෞකික වූත් නියත ප‍්‍රතිඵලයක් ලබාගත නොහැකිවූත් ආනාපාන සති භාවනා ක‍්‍රමයකි. එය තමන් වහන්සේම අත්දැක තිබූ නිසාත් එම භාවනා ක‍්‍රමයන් ප‍්‍රාණයාම, හතයෝග ආදී විවිධ නම් වලින්ද කසින භාවනා ක‍්‍රම ලෙසින්ද එවකට ජන්බුද්වීපයේ ප‍්‍රචලිතව පැවති නිසාත් පැහැදිළිවම මේ ලෞකික භාවනා ක‍්‍රම බැහැර කළහ. තමන් වහන්සේ වසර හයක්ම අත්විඳි මහා දුක් කන්දරාව තවත් කෙනෙකුට විඳවන්නට ඉඩ නොතබනු පිණිස මෙම පිරිසිදු බුද්ධ ආනාපාන සති භාවනාව විග‍්‍රහකර තම ශ‍්‍රාවකයින්ට පෙන්වා වදාළහ.
මේ අනුව හැම කෙනෙකුම නිවැරදි ආකාරයට තේරුම් ගත යුත්තේ ආනාපාන සති භාවනාවද දෙයාකාරයකින්ම භාවිතා වන බවයි. එකක් ලෞකික අර්ථයෙන් අර්ථ ගැන්වූ පෙර පටන්ම පැවත එන හුස්ම ඉහළ පහළ යාම පිළිබඳ මෙනෙහි කරමින් පිම්බීම හැකිළීම දෙස බලා සිටින අනරිය ආනාපාන සති භාවනා ක‍්‍රමයයි.
අනික ධර්මයෙන් අර්ථ ගැන්වූ කාමයෙන් වෙන්විය හැකි, අකුසල ධර්මයන්ගෙන් වෙන්විය හැකි, සේවනය කළයුතු හා සේවනයෙන් බැහැර කළයුතු ධර්මයන් තේරුම් ගෙන ඒවා ආනාපානය කිරීමේ අරිය භාවනා ක‍්‍රමයයි. ආන යනු ඇතුළට ගැනීමයි. (ආනයන) පාන යනු පිට කිරීමයි (අපනයන). අස්ස යනු ආශ‍්‍රය කිරීමයි. පස්ස යනු ප‍්‍රහාණය කර බැහැර කිරීමයි. අස්සාස පස්සාස යන පද දෙකද හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීමට මෙන්ම, ඉන්ද්‍රියයන් හයෙන්ම ඇතුළට ගන්නා විවිධ ගති ලක්ෂණ ඇතුළට ගැනීමත් ඉන්ද්‍රියයන් හයෙන්ම පිට කර බැහැර කළයුතු දේ බැහැර කිරීමත් යන අර්ථයෙනුත් බුද්ධ භාෂිතයේ භාවිතා කළ බව ඉතාම පැහැදිළිය.
හුස්ම ඉහළට පහළට ගැනීම කෙරෙහි පමණක් සිත යොමුකර, කය දෙස බලා සිට සිතට එන අරමුණු සියල්ලම බැහැර කර දැමීමෙන්ද සිත සමථයට පත්වීම සිදුවේ. මේ ආකාරයට සිත සමථයට පත්කර ගැනීම මගින්ද රාග, ද්වේෂ සිතුවිලි වලින් බැහැරව, එවන් අරමුණු යටපත් කර, ධ්‍යානයන් ලබාගත හැකි ක‍්‍රමයක් ද තිබේ. එය ලෞකික වූත්, අනරිය වූත් බුදුපියාණන් ප‍්‍රතික්ෂේප කළ ආනාපාන සති භාවනා ක‍්‍රමයයි. මෙහිදී වන්නේ රාග, ද්වේෂ, මෝහ අරමුණු, සිතිවිලි තාවකාලිකව යටපත් කිරීමේ ක‍්‍රියාදාමයක් සිදුවීම මිස රාග, ද්වේෂ, මෝහ අරමුණු සහමුළින්ම ඉවත්කර දමා භවනිරෝධ කරන අරිය ක‍්‍රමයක් නොවේ.
උපාදාන නිරෝධ කර, ”භවනිරෝධ කිරීමේත්, භව නිරෝධ කර ජාති නිරෝධ කිරීමේත් අරිය ආනාපන සති භාවනාව වෙනත් කිසිම ආගමක හෝ දර්ශනයක හෝ භාවිතා කළ එකක්ද නොවේ. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ජීවමානවීමත් සමඟම මතුවී එන භාවිතයට ගත හැකි මෙම ආනාපානසති භාවනා ක‍්‍රමය භාවිතා කිරීමෙන්ම පමණක් උතුම් නිවන් අවබෝධයද පූර්ණ කර ගත හැකිය. ඒ සඳහා බුද්ධ දේශණාවෙන් ගෙනහැර වදාළ ආනාපාන සති සූත‍්‍ර දේශණාවේත්, ඊට සම්බන්ධ තවත් සූත‍්‍ර ධර්ම කිහිපයකත් ධර්ම අර්ථයම විග‍්‍රහකර යථා පරිදි පෙන්වාදී කළයුතු හා නොකළ යුතු යන දෙපැත්තම තේරුම් කර පෙන්වා දිය යුතුමය.

රාග, ද්වේෂ ගති ලක්ෂණයන් තාවකාලිකව දවාහැර, යටපත් කරදමා ලබන ලෞකික වූත්, අනරියවූත් ධ්‍යානයන් ලැබීමෙන් නිවන් අවබෝධය සඳහා මාර්ගඵල පූර්ණ කර ගැනීම හෝ ප‍්‍රඥා විමුක්තියට පත්වීම හෝ සිදුවන්නේ නැත. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසාදැන, තේරුම් ගෙන තම තමන්ගේම සිත් කිළිටි වන්නේත්, තමන්ගේ සිත තුළට රාග, ද්වේෂ, මෝහ අරමුණු ඇතුලු කරගන්නේත්, තම කැමැත්තෙන්ම බවත් ඒ කැමැත්ත අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා තමන්ම ඇති කරගත් තණ්හාව බවත් තේරුම් ගත යුතුය.

-ඥාණය හා ප්‍රඥාව-

බුද්ධ භාෂිතයේ පිරිසිඳ දැකීම-ඥාණය හා ප්‍රඥාව

එදා ගෝතම බුදුපියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය යුගයේදී නම් පැයක් දෙකක් ඇතුළත දී මුල, මැද, අග යන තුන් කාලයම සළකා දාන කථා, සීල කථා, සග්ග කථා, නෙක්කම්ම කථා වැනි අංග සම්පූර්ණ සාමුක්කංසික දේශණාවක් කර කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දී මිනිසුන් මාර්ග ඵලයන්ට පත්කිරීමේ ශක්තියක් ලබා දුන්හ. 
නමුත් අද කාලයේ ජිවත් වන මිනිසුන් හා සමාජය ඊට වඩා පිරිහී ආගම් සංකල්ප වලින් විකෘති වී ඇති නිසා දවසකින් නොව මාස ගණනකින් වුවද මිනිසුන්ට දේශණා කර මේ ධර්මාවබෝධය ලබා දීම අමාරු කාර්යයකි. ඊට මූලික ම හේතුව අද ලෞකිකත්වය කෙරෙහිම යොමු වූ දෙව්, මිනිස් සැප සම්පත් දැඩි සේ බලාපොරොත්තුවෙන්ම බුද්ධාගම පවා ඇදැහිල්ලක් ලෙසින්ම අදහන ලේබල් බෞද්ධ පිරිසම බහුල වීමයි.

කොතරම් ශ‍්‍රද්ධාවෙන් යුක්ත වූ බෞද්ධයකුට වුවද අද එකවරක්, දෙකක් අසා මේ උතුම් ධර්මය තේරුම් ගෙන තම චිත්තසංථානයේ ගබඩා වී ඇති දෙව්, මිනිස් සැප පැතීමේ ගතිය, දෘෂ්ඨිය ඉවත් කර ගත නොහැකියි. එය ඉතාමත් ම අමාරු කාර්යයකි.
 කළු ධර්ම යනු මේ ගතිගුණ හා බැදුණු මතු බලාපොරොත්තු වේ. අද මිනිසුන් සිල් රකින්නේ දෙව් ලොව යෑමේ සැප විඳීමේ බලාපොරොත්තුවෙනි. දන් දෙන්නේ, දෙන දේ මෙන් සිය දහස් ගුණයක් ආපසු ලබා ගැනීම සඳහායි. 
භාවනා කරන්නේ ධ්‍යාන ලබා මානයෙන් ලෝකයාට ඍද්ධි ප‍්‍රාතිහාර්යයන් පෙන්වීම සඳහායි. 
මානයෙන්, මමත්වයෙන් ක‍්‍රියා කරනු මිස කළු ධර්ම මොනවාද යන්න නිසි අවබෝධයක් ඇතිව ධර්මානු ධම්ම ප‍්‍රතිපදාවේ යෙදෙන මිනිසුන් අද බෞද්ධයින් අතරත් විරල වේ.
ධර්මය දේශණා කරන බොහෝ දේශකයින් තමාගේම ආත්ම ලාභය සඳහාම මුදල් එකතු කර ගැනීමටත්, පොත් විකුණා වෙහෙර බෝමළු සෑදීමටත්, තමන්ගේම සුඛ විහරණය සඳහා ප‍්‍රසිද්ධිය, ප‍්‍රචාරය ප‍්‍රසංසාව, ප‍්‍රණාමය හෝ ප‍්‍රතිලාභයක් හෝ සඳහාම ධර්මය දේශණා කරයි නම් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියක් ලැබේ යැයි සිතිය නොහැකියි.
 මේ අනුව කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දීමත්, ලබා ගැනීමත් යන දෙකම අද එක සේ අමාරු කාරණා දෙකකි. කළ්‍යාණ මිත‍්‍රයා යනුු කවුද, කළ්‍යාණ මිත‍්‍රයාට කළ හැකි දේ මොන වාගේ දෙයක් ද යන්න හොඳින් නිවැරදිව ම තේරුම් ගත යුතුයි.
මිනිසුන් ඇතුලු සියලු සත්ත්වයන්, දෙවියන් පවා සංසාර ගමනට කැමැත්තෙන්ම බැඳෙන්නේ, ඇලන්නේ, පටළැවෙන්නේ, මුළා වෙන්නේ තම තමාගේම චිත්තසංථානයෙහි රාග, ද්වේෂ, මෝහ යන කෙළෙස්, කළු ධර්ම ගබඩා වී, මුල් බැස පැවතීම නිසයි. 
මේ කෙළෙස් අත් හැරීමට, ප‍්‍රහාණය කර ඉවත් කර දමා ඒවායින් නිදහස් වීමට තම තමන් තුළම ඇති මේ ශක්තිය පිළිබඳව මනසක් ඇතිව උපන් මිනිසුන් අතුරින් පවා තේරුම් ගන්නේ කිහිප දෙනෙකු පමණි. බොහෝමයක් දෙනෙකුට මේවා තේරුම් ගැනීමටද නොහැකියි. තවත් කොටසක් මෙවැනි ධර්මය ඇසීමට පවා අකමැතියි. මේ කෙළෙස්, කළු ධර්ම බුදුපියාණන් වහන්සේම පෙන්වා දුන්නේ කුණු ලෙසයි.
අද කුසලස්ස යන පදයත් පින්කම් යන පදයත් බොහෝ අය පටලවා ගෙන භාවිතා කරති. අස්කර, ඉවත් කර නිදහස් විය යුතු කුණු ගොඩක් පිළිබඳව කියැවෙන කුසල් යන පදයත්, සිත පහන් කර චිත්ත ප‍්‍රසාදයත් සඳහා කරන පින්කමත් ක‍්‍රියා දෙකක් බව තේරුම් ගත යුතුයි. 
පින්කම් කර සිතේ පැහැදීමක් ඇති වූ විට දෙවනුව සිතේ ගබඩා වී පවතින කුණු, රාග, ද්වේෂ, මෝහ මුළින්ම ගළවා, අස්කර ගැනීමටත් හැකි වේ. ඒ නිසා නිවනට මේ දෙකම එක සේ අවශ්‍ය වේ. කුණු සළා අස්කර දැමීමට නම් ප‍්‍රඥාව යන ශක්තියත් අවශ්‍ය වේ.
ප‍්‍රඥාව අවශ්‍ය වන්නේම කුසල් පූර්ණ කර ගැනීමටයි. ප‍්‍රඥාවෙන් කර ගන්නේ පජාහති, පහානාති, පස්සති යන අස්කිරීම, බැහැර කීරීම, මුළින්ම ගළවා ඉවත් කිරීම වශයෙන් පෙන්වූ ක‍්‍රියාවන්මයි. 
මෙතැනදී කළු ධර්ම බැහැර කිරීම සිදු කරනු ලැබේ. 
ඒ වෙනුවට සුදු ධර්ම භාවිතා කිරීමකුත් අවශ්‍ය කෙරේ. සුදු ධර්ම ලෙසින් ධර්මයේ පෙන්වා වදාළේ චිත්තසංථානය පිරිසිදු කරන කළු ධර්ම වලට විරුද්ධ වූ දේවල්ම වේ. 
සුදු ධර්මයන් ලෙසින් පෙන්වා වදාළ වීතරාගී, වීතද්වේෂී, වීත මෝහී මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අනාසව, නිරාමිස ගති චිත්තසංථානය ඇතුළට ගැනීමෙන් මෙතුවක් කල් චිත්තසංතානය තුළම ගබඩා වී තිබූ කළු ධර්මයන් කැපී විනාශ වී යයි. 
සුදු ධර්මයන් කිසිවිටකත් විඤ්ඤාණයට ආහාර ලෙසින් භාවිතා කළ නොහැකියි. ඒ නිසා විඤ්ඤාණ ශක්තිය දුර්වල වී, ප‍්‍රඥාව උපදවා, පහදා ගත හැකි වේ. 
මේ අනුව සහමුළින්ම ”භව” උදුරා දමන්නට උපකාර වන බුද්ධ ඥාණ මතු වේ. ඒ ප‍්‍රඥා විමුක්තියට පත්වීමේ මාර්ගයයි.

උතුම්  නිවන  අවබෝධ  කිරීමට සැමට  ප්‍රඥාව ලැබේවා 
එදා ගෝතම බුදුපියාණන්වහන්සේ ජීවමානව වැඩ 

සිටිය යුගයේදී නම් පැයක් දෙකක් ඇතුළත දී මුල,

 මැද, අග යන තුන් කාලයම සළකා දාන කථා, ශිල  

 කථා, සග්ග කථා, නෙක්කම්ම කථා වැනි අංග 

සම්පූර්ණ සාමුක්කංසික දේශණාවක් කර කළ්‍යාණ

 මිත‍්‍ර සම්පත්තිය ලබා දී මිනිසුන් මාර්ග ඵලයන්ට

 පත්කිරීමේ ශක්තියක් ලබා දුන්හ. 

නමුත් අද කාලයේ ජිවත් වන මිනිසුන් හා සමාජය ඊට 

වඩා පිරිහී ආගම්

 සංකල්ප වලින් විකෘති වී ඇති නිසා දවසකින් නොව

මාස ගණනකින් වුවද මිනිසුන්ට දේශණා කර මේ 

ධර්මාවබෝධය ලබා දීම අමාරු කාර්යයකි. ඊට මූලික

 ම හේතුව අද ලෞකිකත්වය කෙරෙහිම යොමු වූ 

දෙව්, මිනිස් සැප සම්පත් දැඩි සේ 

බලාපොරොත්තුවෙන්ම බුද්ධාගම පවා ඇදැහිල්ලක් 

ලෙසින්ම අදහන ලේබල් බෞද්ධ පිරිසම බහුල වීමයි.

Tuesday, September 13, 2016

Monday, September 12, 2016

පටිච්ච සමුප්පාදය (Paticca Samuppada) - Waharaka Thero




නිවැරදි බුදු දහම දේශනා කරන මේ උතුම්  හිමියන්ගේ උතුම් දර්මය ශ්‍රවනය කර උතුම් නිවන සාක්ෂාත් කර ගනිමු.

Friday, September 2, 2016

Nakkawaththe Himi .Awiddyawa. 2016 01 23



Awiddyawa gana me uthum daharmaya srawanayakara sathya awaboda kara ganna.