ආර්ය මහා සංඝ ගුන හැඳින ගනිමු.
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
උජුපටි පන්නො භගවතෝ සාවක සංඝෝ
ඤාය පටිපන්නො භගවතෝ සාවක සංඝෝ
සාමිචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
යදිදං චත්තාරි පුරිස යුගානි - අට්ට පුරිස පුග්ගලා එස භගවතො සාවක සංඝෝ
ආහුනෙයියො පාහු නෙයියෝ - දක්ඛිනෙයියො අංජලි කර නියෝ - අනුත්තරං පුංඤඤක්කෙත්තං ලොකස්සාති.
සංඝං ජීවිත යාවනිබ්බානං සරණං ගච්ඡාමි.
යෙච සංඝා අතීතාච යෙච සංඝා අනාගතා
පච්චුප්පංනාචයේ සංඝා - අහං වංදාමි සබ්බදා
නත්තිමෙ සරණං අංඤං - සංඝොමෙ සරණං වරං
එතෙන සච්ච වජ්ජේන - හොතුමෙ ජයමංගලං
උත්තමං ගෙන වංදේහං - සංඝංච ත්‍රිවිදෝත්තමං
සංඝොයො කලිතො දොසො - සංඝො කමතුතං මමං.
Saturday, February 26, 2011
සෙවක්කාතෝ දහම් ගුන හැඳින ගනිමු
සදහම් ගුන හැදින ගනිමු.
ස්වක්කාතෝ භගවතා ධම්මෝ
සංදිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ
ඔපනෛකෝ පච්ඡත්තං වෙදි තබ්බෝ විංඤඤූ හේති.
ධම්මං ජිවිත යාවනිබ්බානං සරණං ගච්ඡාමි.
යෙච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා
පච්චුප්පංනාචයේ ධම්මා අහං වන්දාමි සබ්බදා
නත්තිමෙ සරණං අංඤං ධම්මො මෙ සරණං වරං
එතෙන සච්ච වජ්ජේන හොතුමෙ ජයමංගලං
උත්තමං ගෙන වන්දේහං දම්මංච ත්‍රිවිධං වරං
ධම්මොයො කලිතො දොසො ධම්මො කමතුතං මමං
ස්වක්කාතෝ භගවතා ධම්මෝ
සංදිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ
ඔපනෛකෝ පච්ඡත්තං වෙදි තබ්බෝ විංඤඤූ හේති.
ධම්මං ජිවිත යාවනිබ්බානං සරණං ගච්ඡාමි.
යෙච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා
පච්චුප්පංනාචයේ ධම්මා අහං වන්දාමි සබ්බදා
නත්තිමෙ සරණං අංඤං ධම්මො මෙ සරණං වරං
එතෙන සච්ච වජ්ජේන හොතුමෙ ජයමංගලං
උත්තමං ගෙන වන්දේහං දම්මංච ත්‍රිවිධං වරං
ධම්මොයො කලිතො දොසො ධම්මො කමතුතං මමං
නව අරහාදී බුදුගුන හැඳින ගනිමු
බුදුපියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ගුන නවයකින් යුතුවූ සේක.
ඉතිපි සො භගවා - අරහං - සම්මා සම්බුද්ධෝ
ව්ජ්ජාචරන සම්‍පන්නො - සුගතෝ - ලෝකවිදූ
අනුත්තරෝ - පුරිස ධම්ම සාරථී
සත්තා දෙව මනුස්සානං බුද්ධෝ භගවාති.
නව අරහාදී බුදු ගුණ
අරහං - නිකෙලෙස් බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ යන අකුසල් මුල් සිඳ දැමූ හෙයින් ද රහසින්වත් පව් නොකරන හෙයින් ද දෙවි මිනිසුන් සියල්ලන්ගෙ පූජාවට සුදුසුවන හෙයින්ද අරහං නම් වන සේක.
සම්මා සම්බුද්ධෝ - කිසිවකුගේ උපදේශයකින් තොරවම පරම සත්‍යය අවබෝධකොට ගත් හෙයින් ද ඒ අවබෝධකරගත් ධර්මය මනාකොට දේශනා කරන ලද හෙයින් ද සම්මා සම්බුද්ධ වන සේක.
විජ්ජා චරන සම්පන්න - පුබ්බේ නිවාසානුස්සති
චුතූපපාත
ආසවක්ෂය
පරචිත්ත විජානන
දිබ්බ චක්කු
දිබ්බ සොත
ඉනද්‍රිය පරෝපරියත්ත
ඉද්ධිවිද
යන මෙ අෂ්ඨ විද්ධ්‍යා වන්ගෙන් සමන්විත හෙයින් ද චරන හෙවත් ශිලයෙහි පිහිටා සිටි බැවින්ද විජ්ජා වරන සම්පන්න වන සේක.
සුගත -ආර්ය අෂ්ඨාංගික මාර්ග දහම අවබෝධ කොටගත් හෙයින් සුගත නම් වන සේක.
ලෝකවිදූ - බඹ දෙව් මනිස් ප්‍රේත අපා ආදී කොට ඇති සියලු ලෝකයන් මැනවින් දත් හෙයින් ද ඒ සියලු ලෝකයන්ගෙන් ම්දුන හෙයින් ද ලෝකවිදූ නම් වන සේක.
අනුත්තර පුරිසධම්ම සාරථි - අනුශාසනා ආදේශනා සහ ඉර්ධිප්‍රාතිහාර්ය යන ත්‍රිවිධ ආකාරයෙන් සියලු ආකාරයේ පුද්ගලයින් දමනය කිරීමට සමත්වන හෙයින් පුරිසධම්ම සාරථී නම් වනසේක.
සත්තා දේව මනුස්සානං
බුද්ධෝ - චතුරාර්්‍ය සත්‍ය ධර්මය අවබෝධකොට දේශනා කරන ලද හෙයින් බුද්ධෝ වන සේක.
භගවා - සියලු ගුණ දරාසිටින බැවින් භගවා නමි වන සේක.
ඒ තිලොවග බුදු පියාණන් වහන්සේ නිවනින් සැනසෙන තුරා මම සරණ කොට ගනිමි.
බුද්ධං ජීවිත යාව නිබ්බානං සරණං ගච්ඡාමි.
යෙච බුද්ධා අතීතාච - යෙච බුද්ධා අනාගතා
පච්චුප්පංනාචයේ බුද්ධා - අහං වංදාමි සබ්බදා
නත්තිමෙ සරණං අංඤං - බුද්ධෝමෙ සරණං වරං
එතෙන සච්ඡවජ්ජේන - හොතුමෙ ජය මංගලං
උත්තමං ගෙන වංදෙහං - පාදපං සුවරුත්තමං
බුද්දොයො කලිතො දොසො - බුද්ධො කමතුතං මමං.

Thursday, February 24, 2011
ගාථා තේරුම් ගනිමු
දැන අවබෝධයෙන් බුදුන් වඳිමු
වන්දනා ගාථා බොහෝවිට කට පාඩමින් කියනවා මිස ගාථාවේ තේරුම දැනගෙන හෝ අවබෝධයෙන් කියවන බවක් නොපෙනේ. මෙය විශාල අඩුවක් ලෙස දැනුන බැවින් ඒ සඳහා විශේෂ ලිපි පෙලක් සකස් කිරීම මැනවැයි සිතුනි.
බුදුපියානණ් වහන්සේට නමස්කාර කරමු.
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ///
ඒ භාග්‍යවත් වූ අරහත් වූ අංගීරස අමාමෑණී බුදුපියානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා! නමස්කාර කරමි.///
බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුරජාණන් වහන්සේ අනුගමනය කරමි. ඒමග යමි.
ධම්මං සරණං ගච්ඡාමි. මම දහම් මග අනුගමනය කරමි. ඒ උතුම් දහම අනුව දිවිමග සකස්කර ගනිමි.
සංඝං සරණං ගච්ඡාමි. මම ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරමි.
දුතියම්පි/ තතියම්පි දෙවනුවද තෙවනුවද මම ඒ ප්‍රතිඥාව දෙමි.
පාණාති පාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. පණ ඇති සත්වයකු නැසීම මම වින්දනයක් කර නොගනිමි.
අදින්නා දානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. අන්සතු වස්තුවක් හිමිකරගැනීම මම වින්දනයක් කර නොගනිමි.
කාමේසු මිච්ඡාචාරා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. කම්සැප අයුතුලෙස වින්දනය නොකරමි.
මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. බොරුවෙන් අන් අය රැවටීම වින්දනයක් කර නොගනිමි.
සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. මදයට හා පමාවට හේතුවන සුරාවෙන් වලකිමි.
ඒ තිසරණ සහිත පංච ශීලය මම සමාදම්වෙමි.

Tuesday, January 11, 2011
නිවන් මග අහුරන ප්‍රධාන හේතු 5
නීවරන ධර්ම
කාමයට ඇති අධික කැමැත්ත (කාමච්ඡන්දය)
වෛරී චේතනා අධික බව (ව්‍යාපාදය)
කුසලයට අකමැතිබව (ථීනමිද්ධ)
නිතොර කනස්සල්ලෙන් පසුවීම (උද්දච්චකුක්කුච්ඡ)
ධර්මය පිළිබදව ඇති සැකය (විචිකිච්ඡාව)
නිවන බොදුනුවාගේ ඒකායන අරමුන බව ප්‍රත්‍යක්ෂයය. එසේනම් මේ නිවන අහුරන ධර්මතාවයන් පිළිබදව නිවැරදි අවබෝධයක් නිවන් මගට පිවිසීම අරමුණුකරගත් බොදුනුවා වටහාගෙන තිබීම ඉතා වැදගත් වේ. නිවන සිත ප්‍රධාන කොට පවත්නා ධර්මතාවයකි. එසේම නිවන අහුරන නීවරන ධර්මයන් ද සිත මුල්කරගෙනම පවතී. එබැවින් සිතතුල ජනිත වන්නා වූ මෙකී නිවරන ධර්මයන් හොදින් හදුනාගත් කල්හි එයින් දුරුවී නිවනට මග සකසා ගැනුම පහසුවනවා ඇත.
මුලින්ම සිතේ ඇතිවන්නාවූ කාමච්ඡන්දය හදුනාගත යුතුයි. සිතේ නිරන්තරයෙන් ඇතිවන කාමරාගී සිතුවිලි ශුභ වශයෙන්ම ග්‍රහනයකරගැනීම මෙනයින් හැදින්විය හැක. මෙසේ කාමය ශුභවශයෙන් ගැනීමෙදි එවන් සිතුවිලි වර්ධනය වෙමින් තව තවත් කම්සැපයෙහිම ඇලීම සිදුවේ. කාමයට ඇලුනු සිත තමාව සසරටම ඇද බැඳ තබයි.
ඉන් මිදී නිවන අත්කරගැනීමට කැමති හෙතෙම කාමය ශුභ වශයෙන් ගැනීමෙන් වලකී. එහි ඇති නිස්සාරබව හා අනිත්‍යබව මෙනෙහි කර එහි නොඇලේ. එකල්හි නූපන් කාමච්ඡන්දය නූපදින්නේය. උපන් කාමච්ඡන්දය ප්‍රහින වන්නේය.
ව්‍යාපාදය හෙවත් වෛරය ඉතා දරුණු විපාක ගෙනදෙන සසර අතොරක් නැති දුකට හෙලන අතිශය විපත්ති දායක සිතුවිල්ලකි. වෛරයෙන් වෙලුන සිත ඇති තැනැත්තා අන් අයටත් තමන්ටත් සිදුකරගන්නේ නපුරක්මවේ. හෙතෙම ශාරීරිකව හා මානසිකව දුරුවල තත්වයකට පත්වන අතර මෙලොව පරලොව දෙකෙහිම අප්‍රමාණ දුකකට පත්වේ. වෛරී සිතුවිලි වලින් මිදී සිත ගත සුවපත්කරගැනීම සදහා මෙත්සිත පුරුදුකරීම අත්‍යවශ්‍යවේ. එසේ මෙත් සිත වඩනකල්හි ශාරීරිකව හා මානසිකව ලබන සුවය දෙලොව වැඩ පිණිසම හේතුවේ. එකල්හි නූපන් ව්‍යාපාදය නූපදින්නේය. උපන් ව්‍යාපාදය දුරුවන්නේය. සිත නිවන මග පහසු වන්නේය.
ථිනමිද්ධ, යමෙක් කුසල් දහම් හි නොකැමැතිවේ නම් හෝ කුසලට සිත යොමු නොකරත්නම් ඔහුගේ ප්‍රඥාව නොවැඩේ. හෙතෙම පස්කම් සැපයෙහිම ගිජුව සසර ගමන දිගුකර ගනී. එසේම තමන් දුකටම පත්ව දිගුකලක් සසර දුක්විඳී. එබැවින් සසර දුක නැතිකර නිවන ලබනු කැමැත්තේ හැමවිටම කුසලට සිත යොමුකර කුසල් දහම් වඩමින් ප්‍රඥාව වර්ධනය ගනී. එවිට කුසලට ඇති නොකැමැති බව දුරුවී උපන් කුසල් වර්ධනය වන අතර නූපන් කුසල් උපදවාගනී. කුසලට යොමුවීම පුථම ආරම්භක වීර්ය ලෙසද අකුසලයෙන් වෙන්වීම නෙක්ඛම්ම ධාතු ලෙසද ගැනේ.
උද්දච්ච කුක්කුච්ඡ, කුසල් දහම් වැඩීමට සිත සංසුංකර ගැනීමට අපොහොසත්වීම නිවන දුරස්වන තවත් සාධකයකි. එහෙයින් කුසල් වැඩීම සඳහා සිතේ ඇතිකරගන්නා සංසුංබව ඔබව නිවනට වඩාත් ලංකරනු ඇති.
බොහෝ කාර්ය බහුලබව හා අවිවේකීබව ඔබේ සිත වෙහෙසට පත් කරන අතර නොසංසුන් බව ඇතිකරයි. එවිට සිත නිවන මග ඔබෙන් බොහෝ ඈතට දිවයයි. සිත සංසුන් කරන මග භාවනාව හෙවත් සිහිය මනාව පවත්වා ගැනීමයි. ඒ සඳහා ඔබ තුල ඒ පිළිබඳ විස්වාශය අතිශය වැදගත්වන අතර ඒ සඳහා වීර්ය වැඩිය යුතුයි. නිවරැදිව වඩන ලද සිත තමාව නිවනට යොමුකරනු ඇත.
විචිකිච්ඡාව හෙවත් සැකය නිවන අහුරන අනෙක් භයානකම සතුරායි. බුද්ධ,ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි හා බුද්ධාදී අටතැන්හි ඇතිකර ගන්නා සැකය නිසා සිත නිවීම සඳහා යොමුකරන මගට යොමුනොවන හෙතෙම සසර බැඳීම් වලින් ඈත්වීමක් පිළිබඳව නොසිතයි. කම් සැපයෙහිම ඇලී ගැලී දිවි ගෙවයි. බොහෝ පාපයන් සිදුකරගන්නා අතරම අතොරක් නොපෙනෙන සසර මගට පත්‍ව දුකින් දුකටම පත්වෙයි. බුද්ධ,ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ නොමද විස්වාශයෙන් හා ශ්‍රද්ධාවෙන් යුක්තව දහමෙහි යෙදෙන සිහිය මනාව පවත්වාගැනීම තුලින් ප්‍රඥාව වඩන නුවණැති පුද්ගලයා නොමද වීර්යයෙන් කටයුතු කොට උතුම් වූ නිවනට පැමිණේ.
මෙසේ පංච නීවරන හොඳින් හඳුනාගෙන නිවන අහුරන එකී බැමි බිඳදා අද අදම නිවන් මගට පැමණීමට උත්සාහ කරමු.

Subscribe to:
Posts (Atom)