Monday, April 4, 2016

මේ භවයේදීම සෝවාන් මගට පැමිණෙමු.

නිවනට සපැමිනිමේ පළමු පියවර වනුයේ සෝවාන් ඵලය ලැබිමය .
ඒ සඳහා සක්කාය දිට්ටි , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන අවබෝදයෙන් දුරු කල යුතුවේ.
යමෙක් තුල තමා පිළිබඳව හෝ අන් වස්තුන් පිළිබඳව ආසාව බැඳීම තදින් පවතීනම් ඔහුට මේ දුකින් පිරුනාවු සංසාරයෙන් ගැලවීමක් ඇත්තේ නැත.
නැවත නැවත සසර ඉපදෙමින් අනන්ත දුකටම පත්වේ. එසේනම් සසරින් එතර වීමට හෙවත් දුකින් මිදීමට කැමැත්ත ඇති අය විසින් අනිවාර්යයෙන්ම තමා පිළිබඳව හෝ වෙනත් වස්තුන් පිළිබඳව ඇති ආසාව ටිකින් ටික දුරු කරගත යුතුවේ. එවිට සක්කාය දිට්ටිය නම් වූ සංයෝජනය දුරුකර ගත හැක. එය සෝවාන් මගට තබන පළමු පියවර වන්නේය.
යමෙක් තුල බුදුන් දහම් සඟුන් යන තිසරණය පිළිබඳවත්, පෙර භවය මතු බවය පිළිබඳවත් , දෙවියන් බඹුන් පිළිබඳව හෝ මාපිය ගුණ පිළිබඳව හෝ සැකයක් පවතී නම් එය විචිකිච්චාව ලෙස හඳුන්වනු ලැබේ.
සෝවාන් මගට පැමිණෙන්නහු  විසින් මෙකි සැකය නැතිකරගත යුතුය. විස්වාසය දැඩිකරගත යුතුය. එසේම මන්දබුද්ධික නොවන ඕනෑම අයෙකුට සෝවාන් මගට පැමිණිය හැකිය යන්න දැඩිව විස්වාස කලයුතුය. 
එවිට වීචිකිච්චාව නැතිවේ සෝවාන් මගට පැමිණීමට එය ඉමහත් රුකුලක් වන්නේය.
නොයෙක් ආකාරයේ ශිල සමාදානයන් කෙරෙහි හෝ වෘත සමාදානයන් පිළිබඳව විස්වාසය තුලින් දුකින් මිදියහකියයි විස්වාසකිරීම තුන්වන සංයෝජනයයි.
නිවනට මග වන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරදි අවබෝදය පමණක්ම බවත් ඒ සඳහා වෙනත් සීල වෘත සමාදන් වීම නිවැරදි මග නොවන බවත් විස්වාස කල යුතුවේ. 
ගෞතම බුද්ධසාසනය තුල දීම නිවන් මගට පැමිණීමට බලාපොරොත්තුවන බුද්ධශ්‍රාවකයා මෙසේ තම අවබෝදය නිවැරදි කරගතයුතු වන්නේය.
එසේම සෝවාන් මගට පැමිණ මිස මේ බවයෙන් ඉක්ම නොයන බවට දැඩිව තීරණය කරගත යුතුය .
සක්කාය දිට්ටිය , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන දුරුකොට මේ බවයෙදීම සෝවාන් මගට පැමිණිය යුතුමය.
මෙය දැඩිව අධිෂ්ටාන කොටගෙන අවබෝදය වඩා වර්දනය කරගනිමු.

Sunday, April 3, 2016

නිවණ (නිර්වාණය) යනු බෞද්ධයන් විසින් බලාපොරොත්තුවන උසස්ම ධර්මතාවයි. පුද්ගලයෙකු රාගය, ද්වේෂය සහ මෝහය ක්‍ෂය කිරීම නිර්වාණය වේ[තහවුරු කරන්න]. නිවන පිළිබඳව කියැවෙන ඕනෑම ත්‍රිපිටක දෙසනාවකින් මේ බව තහවුරුකර ගත හැක. පස්කම් සැපයට ඇති ඇල්ම ආශාව හා බැඳීම රාගය ලෙස හැඳින්විය හැක. ඇස, කණ, නාසය , දිව , ශරීරය සහ මනස යන මේ ඉන්ද්‍රියයන් තුල නිරන්තරයෙන්ම ඇතිවන්නාවූ හා පවතින්නාවූ රුප, ශබ්ද, ගඳ, රස, ස්පර්ශ, සහ අරමුණු පිලිබඳ දැඩිව අල්වාගැනීමේ කැමැත්ත ඒවා නැවත නැවත ලබා ගැනීමට දක්වන බලවත් උනන්දුව කාම රාගය හෙවත් කාමච්චන්දය ලෙස හැඳින්විය හැක. තමා නොකැමැති දෙයට නොඑසේනම් විරුද්ද දෙයට හෝ කෙනාට දක්වන නොකැමැත්ත හෙවත් තරහව ද්වේශය ලෙස දැක්විය හැක.ඇතැම් විටෙක මෙය තමා තමා කෙරෙහිම වුවද ඇතිකරගන්නා අවස්ථා ඇත. මෝහය හෙවත් මුලාව නම් දහමට පටහැනි මාර්ග තුලින් මෝක්ෂය හෝ සැනසීම අපේක්ෂා කිරීම වේ. සුනක, ගව , වැනි වෘත සමාදානය තුලින් හෝ දේව විශ්වාස තුලින් සදාකාලිකවූ සැනසීම ප්‍රාර්ථනා කිරීම මෝහය හෙවත මුලාව වේ. මේ ක්ලේශ දර්ම සිත්හි තදින් පවතින තාක් කල් සත්වයා සසර ඉපදෙමින් මැරෙමින් භව ගමන දිගු කර ගනී. ඉදින් යමෙක් මේ ක්ලේශ ධර්ම ප්‍රහාණය කරයිද හෙතෙම උතුම්වූ නිවන' 'අවබෝධකර ගනී.

නිවන් අවබෝධකර ගැනීමට කැමති තැනැත්තේ තමා ප්‍රථමයෙන් මේ සංසාරය දුකක් ය යන නිවැරදි අවබෝදයට පැමිණිය යුතුය. නොඑසේනම් නිවනක අවශ්‍ය තාවය හෙතෙම අව්බෝදකරගැනීමට සමත් වන්නේ නැත . අප තිලොවග බුදුපියාණන් වහන්සේ සුමේධ තාපසව සිටියදී නිවන් අවබෝධ කරලීමට සමත් ප්‍රඥාව ඇතිව සිටි නමුත් සියලු ලෝක සත්වයා කෙරෙහි පතලාවූ අප්රමාණ දයා කරුණාව හේතුවෙන් බුද්දත්වය ලැබීමට අදිටන් කොට නියත විවරණ ඉල්විය. එතැන් පටන් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය දක්වා එතුමෝ ඇස් ඉස් මස් ලේ පමණක් නොව සරීරය පවා දන්දෙමින් අප්රමාණ දුක් විඳිමින් බුදුබව පතා පැමිණියාහුය. එතුමෝ සිද්ධාර්ථ කුමාරව සිටි අවදියේ අසීමිත සැප සම්පත් වින්දාහ. නමුත් කම් සැප විඳීමේ අස්ථිර බව නොහොත් අනියත බව එතුමෝ නුවනින් (ප්‍රඥාව) දුටහ. එබැවින් සැප සම්පත් අලුයම ලු කෙලපිඩක් සේ සලකා එතුමෝ භව නිරෝධය පතා වන වැදුනාහ. එතුමෝ නිවන පතා කෙනෙකුට විඳීමට තබා සිතීමටවත් නොහැකි තරම් අප්රමාන දුක් වින්දාහ. අපමනවූ සැප විඳීමහෝ දුක් විඳීම අනර්ථවත් බව නුවණින් අවබෝධ කල එතුමෝ මැදුම් පිළිවෙත අනුගමනය කොට සියලු දුකින් මිදුනාවූ නිවන් අවබෝධ කළහ. එසේ අසීමිත සැප සම්පත් හා අසීමිත දුක් විඳීමේ අතදැකීම තමාම අත්විඳි එතුමෝ නිර්වාණයේ සුවය තමා අවබෝධ කොටගෙන අන් අයටද එහි අගය දෙසනා කළහ. ඒ මග කියා දුන්හ. උන්වහන්සේ දෙසනා කල ඒ සදහම් මග අදද සන්දිට්ඨිකව හා අකාලිකව පවතින බැවින් ඕනෑම අයෙකුට නුවනින් විමසා බලා අවබෝධ කර ගැනීමේ අවස්තාව ඇත. ඒ සඳහා තමා තුල විස්වාසය හා අවශ්‍ය තාවය තිබිය යුතුය.

Wednesday, February 10, 2016

නිවන් මගට පැමිණීම

නිවන අත්විදිමු.
නිවනට සපැමිනිමේ පළමු පියවර වනුයේ සෝවාන් ඵලය ලැබිමය .
ඒ සඳහා  සක්කාය දිට්ටි , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන අවබෝදයෙන් දුරු කල යුතුවේ.
යමෙක් තුල තමා පිළිබඳව හෝ අන් වස්තුන් පිළිබඳව ආසාව බැඳීම තදින් පවතීනම් ඔහුට මේ දුකින් පිරුනාවු  සංසාරයෙන් ගැලවීමක් ඇත්තේ නැත.
නැවත නැවත සසර ඉපදෙමින් අනන්ත දුකටම පත්වේ. එසේනම් සසරින් එතර වීමට හෙවත් දුකින් මිදීමට කැමැත්ත ඇති අය විසින් අනිවාර්යයෙන්ම තමා පිළිබඳව හෝ වෙනත් වස්තුන් පිළිබඳව ඇති ආසාව ටිකින් ටික දුරු කරගත යුතුවේ. 
එවිට සක්කාය දිට්ටිය නම් වූ සංයෝජනය දුරුකර ගත හැක. එය සෝවාන් මගට තබන පළමු පියවර වන්නේය. 

යමෙක් තුල බුදුන් දහම් සඟුන් යන තිසරණය පිළිබඳවත්, පෙර භවය මතු බවය පිළිබඳවත් , දෙවියන් බඹුන් පිළිබඳව හෝ මාපිය ගුණ පිළිබඳව හෝ සැකයක් පවතී නම් එය විචිකිච්චාව ලෙස හඳුන්වනු ලැබේ.
 සෝවාන් මගට පැමිණෙන්නහු  විසින් මෙකි සැකය නැතිකරගත යුතුය. විස්වාසය දැඩිකරගත යුතුය. එසේම මන්දබුද්ධික නොවන ඕනෑම අයෙකුට සෝවාන් මගට පැමිණිය හැකිය යන්න දැඩිව විස්වාස කලයුතුය. 
එවිට වීචිකිච්චාව නැතිවේ සෝවාන් මගට පැමිණීමට එය ඉමහත් රුකුලක් වන්නේය.

නොයෙක් ආකාරයේ ශිල සමාදානයන් කෙරෙහි හෝ වෘත සමාදානයන් පිළිබඳව  විස්වාසය තුලින් දුකින් මිදියහකියයි විස්වාසකිරීම තුන්වන සංයෝජනයයි.
 නිවනට මග වන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරදි අවබෝදය පමණක්ම බවත් ඒ සඳහා වෙනත් සීල වෘත සමාදන් වීම නිවැරදි මග නොවන බවත් විස්වාස කල යුතුවේ. 
ගෞතම බුද්ධසාසනය තුල දීම නිවන් මගට පැමිණීමට බලාපොරොත්තුවන බුද්ධශ්‍රාවකයා මෙසේ තම අවබෝදය නිවැරදි කරගතයුතු වන්නේය.
 එසේම සෝවාන් මගට පැමිණ මිස මේ බවයෙන් ඉක්ම නොයන බවට දැඩිව තීරණය කරගත යුතුය .
සක්කාය දිට්ටිය , 
විචිකිච්චා , 
සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන දුරුකොට මේ බවයෙදීම සෝවාන් මගට පැමිණිය යුතුමය. 
මෙය දැඩිව අධිෂ්ටාන කොටගෙන අවබෝදය වඩා වර්දනය කරගනිමු. 

Thursday, August 20, 2015

නිවන

සිතතුළ පවතින සියලු ආසාවන් දුරුකලහැකි 
මගට පැමිණීමට නම්.

To come to Nibbana

1. To see it clearly the birth is full of sad.
ඉපදීම දුකක් බව නිවැරදිව දැකීය යුතුය 

2.To free from desire and revenge.  
බලාපොරොත්තු ආසාවන්ගෙන් හා වෛරී සිතුවිලි වලින් සිත නිදහස් කලයුතුය

3.To stop saying bad word and lie 
රැවටිලි කපටි හා රළු බසින් තොරවිය යුතුය

4. To stop killing and stealing 
හිංසන,ඝාතන, චෞර ක්‍රියාවන්ගෙන් හා අදම ක්‍රියාවන්ගෙන් දුරුවිය යුතුය

5.To stop bad way for living
  දිවිපැවැත්ම උදෙසා සමාජ අසාදාරන කිසිවක් නොකලයුතුය

6. To stop sin and practice charity
 හැමවිටම අකුසල් දුරුකරමින් කුසල් වඩාවර්දනය කිරීම       සඳහා වෙහෙසිය යුතුය

7.Do things with clear mind
 කරන සැම ක්‍රියාවක්ම හොඳ සිහියෙන් හා නුවනින්  සිදුකලයුතුය

8. To keep mind at your command at every time 
සිත තමාට අවැසි පරිදි පවත්වාගැනීමට දක්ෂවියයුතුය