Monday, October 27, 2014

රාග ද්වේශ මෝහ දුරු කරමු






අනාගතය ගැන බලාපොරොත්තු  නොතබන්න
අතිතය ගැන පසුතැවිලි නොවන්න
වර්ථමානය සකස් කරගන්න
රාග ද්වේශ මෝහ දුරුකර සසර මගින් එතර වන්න.

බොදු වදන්


ආරෝග්‍ය පරමා ලාබා
සන්තුෂ්ටී පරමං ධනං
විශ්වාසා පරමා ඥාති
නිබ්බානං  පරමං සුඛං

නිරෝගිබව පරම ලාබයය්  - සතුට පරම ධනයය්
විශ්වාසය පරම ඥාතියාය් -  නිර්වානය පරම සැපයය්.

කවුද ඔබේ නියම මිතුරා?





ඔබගෙ සදාතන මිතුරා ඔබම නොවෙද?
ඔබ ඔබට ආදරේ  නම්, ඔබව දුකට පත්කරන රාග, ද්ව්ශ, මෝහ යන්ගේ  දරුණු බව වටහා ගන්න.

සොයා යා යුතු නිවැරදි මග



මෙගමන මම යා යුත්තෙ තනිවමය
ගමනේ කෙලවර සොයාගත යුත්තේ ද මා විසින්මය
අට. විසිවරක් මග කෙලවර සොයා ගැනීමට අපොහොසත්වු මා
මේවර එය තරනය කල යුතුමය 
නිවනට යන මග නිවැරදි කරගත යුත්තේද
 එමගට සපැමිණිය යුත්තේදතමන්මය 
ඒසඳහා තමන්ට ඇති එකම පිහිට සදහම් මග පමණි.
 එමග හෙළි පෙහෙළි කරන කවරෙක් හෝ වෙත්ද
 ඒ තමන් විසින් අසුරුකලයුතුම කල්‍යාන  මිත්‍රයාය.

ඔබ සිල්වත් නම් අන් අයට ඔබ නිසා අකුසල් රැස් වීමට ඉඩ නොතබන්න...Maha Rahath...

තමා කරන හොඳ ක්‍රියාව උවත් අන්අයට රුස්සන්නේ නැතිනම් එම ක්‍රියාව ඒ අවස්ථාවේදී නොකර සිටීම වඩාත් සුදුසු වේ.

Maha Rahathun Wadi Maga Osse - විශේෂ ධර්ම සාකච්ඡාව 7

Monday, September 8, 2014

විශ්ණු ශාන්තිය

විශ්ණු දේව කන්නලව්ව.

සියලු ග්‍රහ දොස් අපල උපද්‍රව දුරුවී දීරඝායු සුව විදිම උදෙසා මෙම විශ්ණු දේව ශාන්තිය දිනකට 16 වරක් බැගින් දින 21 මාස 3ක් හො අඛන්ඩව දිනපතා බුද්ධ වන්දනාවෙන් පසු ගායනා කරන්න.

විශ්ණු දෙවියන්ගේ රුවක් ඉදිරි යේ සිදු කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලැබෙනු ඇත.

පාරමි දම් පුරා  මතු බුදු බව පතන
නාරන දෙවි තුමනි යුතුවන ගුණ ණුවන
භු ගහ දොස සමග බාධක පිස තොසින
අප හට දිවි රැකුම ලැබ දෙනු මැන මෙතින.

පස් පවින් වැලකී දෙවියන්ගෙන් පිහිට පතන අයට දෙවි පිහිට නොවරදවාම ලැබෙනු ඇත.

Tuesday, August 5, 2014

අන්තරාය නිවාරන පිරිත

අන්තරාය නිවාරන පිරිත

මෙම මහ බල ඇති ගාතා රත්නය ශ්‍රි ලංකාව ප්‍රධාන කොට බුදු දහම පවතින සියලුම දෙශයන්හි භාවිතයට ගැනෙන්නේකි. ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍රවු මෙම ගාතා රත්නය භාවිත කිරිමෙන් සතුරෝ දමනය වෙති ඇස්වහ කටවහ දුරුවෙයි. නිරෝගි බාවය හා මානසික ප්‍රිතිය උදා වෙයි.


අන්තරාය නිවාරන පිරිතේ සිංහල අනුවාදය

බුදුරජානන් වහන්සේගේ ජිවිතයට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂනයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පස යන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙම සතර අද්බුත ධර්මයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙ සත්‍යක් ක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුවේවා.
සියලු ලොවැසියන්ට ශාන්තිය උදාවෙවා



බුද්ධානං ජිවිතස්‍ස - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං චබ්බන්න රං සී නං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං ද්වත් තිංස මාහා පුරිසලක්කනානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං - නසක්කා කේනචි අන්තරායෝ කාතුං
ඉමෙසං චතුන්නං අජච්ඡරියානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
එතෙන සච්ච වච්ජෙන අන්තරායෝ අසේසතෝ - මාරාඝයෝ විනස්සංතු ජය සිද්දි බවංතු මේ

Wednesday, July 16, 2014

Gihigeyin Niwan Magata Part 32 (Part 1) (Maha Rahathun Wadi Maga Osse)

maha rahathun wadi maga osse 21 01 2014 BMICH

දම්පද සිසිල(ඔවදන්)be always with peace full mind

දිවි මග සිසිලට ධම්පද ඔවදන්

යහපත් සිතුවිලි තමාට සැප ලබා දෙයි.

 
අප පවසන හැම වදනක් මත් කරන හැම ක්‍රියාවක් මත් යහපත් සිතින් කියයි නම් හෝ කරයි නම් ඒ හොද විපාකසෙවනැල්ල මෙන් තමා සමගම සිටිමින් තමාට පිහිටක් සලසයි.

 එවන් සිතින් තමන් කරන කියන කිසිවකින් කිසිවකුහට සිත් රිදීමක් වන්නේ හෝ අවැඩක් සිදුවන්නේ නැත. එසේම තමන්ටද හැමවිටම ජීවිතයේ සතුට අත් විදිය හැක. එපමණක්ද නොව එමතුද තමාට සැප විපාක ලබා දෙන්නේමයැ.

එසේනම් තමාව සැපතට යොමුකරන හා නිරන්තරයෙන් තමාට සැපවිපාකම ලගාකරදෙනසිතුවිලියහපත්කරගැණුම උදෙසා නිරන්තරයෙන් විමසිලිමත් වීම (යෝනිසෝ මනසිකාරය) ජීවිතයට බද්ධකර ගැනුම දෙලොවම ජයගැනුමට හේතුවනු ඇත.
අද අද එයි මරු පිංකර ගන්නේ


Peace full mind takes you to Peace full life.  
Each and every word we say and every action we do if we do in a fair mind the reaction will come back to you for your betterment and it will helpful to you for the rest of your life.

සොවාන් මගට පිවිෙසමු - Come to Nibbana

නිවනට අැරඹුම

ඔබ තවම සොවාන් මගට නොපිවිසිද?

 එසේනම් ඔබ තවමත් බෞද්ධයෙක් වී නොමැත.
පිරිසිදු බෞද්ධයෙක් වීමට නම් ඔබ නිවන් මග අපේක්ෂා කරන බොධි සත්ව චරිතයක් විය යුතුමය.
බොධිසත්ව චරිතයකට හිමිකමි කීමට ඔබට අැත්තේ ත්‍රිවිධාකාර වූ ක්‍රම වේදයකි.
 1.ලොව්තුරා බුදුපදවි පතන මහා බොධිසත්වයකු වීම.
 2.පසෙබුදුබව පතන පච්ඡේක බොධිසත්වයකු විම.
3. මහ රහත්බව පතන ශ්‍රාවක බොධි සත්වයකු වීම.
 දැනටමත් ඔබ මෙ අතරින් ඒක්තරා බොධිසත්ව තත්වයකට පත්ව අැත්නම් ඔබ සැබැ අරුතින්ම බෞද්ධයකු වන අතර ඒෙස් වු ඔබ මෙ භවය තුලම සොවාන් මගට පැමිණිම අනිවාර්ය වන්නේය.
සොවාන් මග හදුනා ගනිමු.
සක්ඛාය දිට්ඨිය හෙවත් මමය මාගේය යන දැඩි ඇල්ම නැතිකිරිමට ගන්නා වීර්ය.
විචිකිච්ඡාව හෙවත් තෙරුවන් කෙරහි අවිශ්වාය නැතිකිරිම.
ශිලබ්බත පරාමාශ හෙවත් ශිල වෘත කෙරහි අැති දැඩි බැදීමෙන් මිදීම
ඔබ තුල මෙවන් ගුනාංග අැතිකර ගෙන ඒය වර්ධනය කර ගෙන යා හැකිනම් ඔබ සොවාන් මගට පිවිසියේ වෙයි
ඔබ පිරිසිදු බෞද්ධයකු වන්නේ ඒවිටයි. 
කනවයට
Would you like to end your rebirth and rest for ever last? 
If you like to come to an end of your rebirth and get rid of sadness,sorrow and worries you have to come to the path of Nibbana.
There the first step is SOWAN 
It's a title you could achieve by following3 entitlements.
1. Get away from selfishness,
2. Get rid of not believing Buddha,Damma, Sanga.
3.Get rid of devoting to many other devotions.
There you would have come to the first step of the Nibbana.
You may have no more than 7 rebirth times after words. 
You will definitely come to enlightenment (Nbbana) on your 8th rebirth.   

යනනකක
යයවනවවයයයjhgfdjhgddfgf
ගගගගගගගග

Happier life

ඔබ කැමතිද නිතර සතුටින් සිටින්න?

නිතර සතුටින් සිටීමට ඔබ කැමැත්තේ නම් ඔබ විසින් කල යුත්තේ ඔබව නොසතුටට පත් කරන සියලු ආකාරයේ බාහිර සිදුවීම් උපේක්ෂාවෙන් බැහැර කිරීමයි. එවිට ඔබ නිරතුරුවම සතුටින් සිටිනු ඇත.

  විශේෂයෙන් මේ සදහා ඔබ ඔබවම කැමැති කරවා ගත යුතු වන්නේය.

Would you like to be happier for ever.
 So keep away all the out side objects(seen,hearing and thinking) which could make you unhappy.   
Try to be idle with all out side objects  which could make you unhappy.
There you will be happy for ever.
You have to practice a lot for make this work. 
Your comments are highly appreciated 

Tuesday, July 15, 2014

Path to Enlightenment (Nibbana)

Would you like to be free of stress, sadness and worries? 
Here is the right path to achieve your target.

What ever you see: Leave it as it is. Don't let them to interfere your mind. Good feeling(loving) or bad feeling(anger)
 
What ever you hear: leave it  also as before.  Don't let them to interfere your mind. Good feeling(loving) or bad feeling(anger)

What ever thoughts come to your mind keep them all away from you, don't take anything as serious. 

 Don't let any ideas to put you down or get you stress,sadness or worries, in which:  What ever you see. What ever you hear. What ever thoughts come to your mind.
Now you are free from stress, sadness, Worries or addictiveness. 

This way is the shortest way to come to Enlightenment (Nibbana)
Your comments are warmly well come 

අස්තිර වු ලොවෙහි එකම ස්ථිර වු දෙය අනියත බවයි

අනියත බව නුවනින් දකිමු

අප ගෙවන මෙි දිවිය වසර සියයකට සීමාවනවා යැයි සිතමු. එම වසර සියයෙන් වසර 20 ක පමණ කාලය අප ගෙවන්නේ ලදරු විය සහ පාසැල් දිවිය ලෙසිනි. ඉන්පසු වසර 70 පමන වන විට විශ්‍රාමික කාලයයි. එසේ වු කල වසර සියයක ආයු කාලයේදි අප ගතකරන සක්‍රිය ජීවිත කාලය වනුයේ වසර 50ක කාලයකි.

අප මෙ වන විට භවයේ කල්ප ගනන් සැරිසරමින් සිටින්නෙමු. තව කොපමන කලක් මෙ ගමන යාමට සිදුවේ දැයි අපි නොදනිමු.
 මෙ භව ගමන ගැන හොද නිදසුනක් ලෙස දිනක් බුදුපියානන් වහන්සේ තමන් වහන්සේගේ  අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් සමග චාරිකාවක යෙදෙමින් සිටියදී පසෙකින් දුටු කඩි රැලක් හේතුවෙන් බුදුපියානන් වහන්සේ සිනා පලකල සේක. එවිට ආනන්ද හාමුදුරුවො   බුදුපියානන් වහන්ස කුමක් හෙයින් සිනා පලකලේදැයි විමසීය.
 එවිට බුදුන් වහන්සෙ පවසා සිටින්නේ "ආනන්ද අර කඩිරැල ඔබ දුටුවේද? ඔය රැලේ සිටින සියලුම කඩි පෙර භවයන්හි සක්විති රජ පදවි දැරූ අය" යැයි ප්‍රකාශ කල සේක.
දැන් ඔබට වැටහෙනවා නේද? භවයෙහි ඇති ගැඹුරු බව හා සංකීර්ණ බව. 
ඉතිං තවදුරටත් මේ ඝොර බිරම්වූ සසරටම අවතීර්න වෙනවාද? නොමැති නම් මින් ගැලවෙනවාද යන්න තීරනය කරමු.
සසරෙහි කෙල කෝටි ගනන් වසර ගනනාවක් ගෙවමින් දුකම උරුම කරගෙන යන ගමනක යෙදෙන අපි මෙ භවයේ වසර 50ක් තරම් වූ කෙටි කාලයක් වෙනුවෙන් කොපමන නම් වෙහෙස වන්නෙමුද?
 සැම මිනිත්තුවක්මත්, දින සති මාස වසර ගනනුත් දිගින් දිගට අප වෙහෙසෙන්නේ මෙ භවය සශ්‍රික කිරිමම මුල් කරගෙන නොවේද? 
එසේ නම් අපගේ මෙ උත්සාහය කොපමන නම් අර්ථවත් දැයි මොහොතක් සිතා බලන්න.
 මේ භවය සදහා අධික වෙහෙසක් දරන අපි අති දීර්ඝ වූ සසර ගමන සදහා කිසිදු වෙහෙසක් නොදරන්නේ නම් අප කෙතරම් අනුවන ද?
මෙ අනියත බව නුවනින් දකිමු. සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කොට සසර මගින් එතෙරවීමේ ධෛර්‍යය වඩමු.

Thursday, July 3, 2014

Divimaga Sarukaramu


  මෙලොව උපන් හැම සත්වයෙක්ම තමා වෙනුවෙන් වෙහෙස වීම ම උරුම කොට ගෙන දිවි ගෙවති. නමුත් ශ්‍රේෂ්ඨ උත්තමයින් ගැන සිතන්න, ඔව්හු හැමවිටම අනුන් වෙනුවෙන්ම තම දිවි දෙවෙනි කොට සලකා ක්‍රියා කලාහු වෙති. ලොවුතුරා බුදු පියානණ් වහන්සේ සාවුරුද්දක් අතිශය අමිහිරි වූ දුෂ්කරක්‍රියාවකට යොමු වුවෙත්,ජේසුතුමන් කුරුසියේ ඇණ ගැහුම් වැද දිවි පිදුවේත් ලෝසත වෙත පතලාවු මහා කරුණා දයාවෙන්ම වේ.
ඔබත් මොහොතකට තම ජීවිතයෙන් අන් අයට කෙලෙස උපකාර කල හැකිදැයි සිතන්න.
සිතා මතා අන් අයට උපකාර කිරීමක් කිසිවිටෙකත් තිරිසන් සතුන්වෙතින් දැකිය හැකි නොවේ. එය කලහැකි වන්නේ මිනිසත්බව ලත් අපටම පමණි. එහෙයින් මිනිස් අපටම පමණක් උරුමවූ පරෝපකාරය කලහැකි හැමවිටෙකම හැම අවස්ථාවකම අප විසින් කලයුතුම උසස් මිණිස් දහමක් වන්නේය.
මම මාවම පෝෂනය කිරීම පමණක් කරන අයෙක් වෙමිද? නොඑසේනම් වඩාත් උතුම් අයෙක් වෙමිද?

Thursday, May 8, 2014

ඔබ සැබැවින්ම බෞද්ධ යෙක්ද?

ඔබ බෞද්ධයෙක් නම්?
ඔබ බෝධිසත්වයෙක් වියයුතුමය.
බොධිසත්ව වරු නම් තිදෙනෙකි.
මහා බෝධි සත්ව (ලොව්තුරා බුදු පදවි පතන උත්තමයින්)
පච්ඡෙක බොධි සත්ව (පසේ බුදු පදවි පතන අය)
ශ්‍රාවක බොධි සත්ව (මහ රහත් පදවි පතන අය)
එසේනම් ඔබත් බෞද්ධ නම් මින් එක් පදවියක් පතන අයකු විය යුතුමය.
නොඑසේනම් ඔබේ බොදුනු කමින් ඇති ඵලය කිම?
බොදුනුවකුලෙස ඔබේ මුක්ඛ්‍ය පරමාර්ථය වියයුත්තෙ නිවනටපැමිණිමයි
නිවනට පැමිණිය හැකි නොවරදින මග සොවාන් මගට පැමිණීමයි.
බොදුනුවකු ලෙස ඔබ එමගට පැමිණිය යතුමයි.
එසේනම් ඔබ නිවරැදි කරගතයුතු කරුණු 3 ඔබ සතුව ඇත.
1 සක්ඛාය දිට්ඨිය හෙවත් මමය මාගේය යන දැඩිබැඳීමෙන් ඔබ මිදිය          යතුය.
2 විචිකිච්ඡාව හෙවත් තෙරුවන් කෙරෙහි ඇති අවිශ්වාසය සහමුලින්ම        දුරු විය යුතුය.
3 ශිල වෘත පිළිබඳ තද විශ්වාසයෙන් මිදිය යුතුය.
මෙය වෙයි බොදුනුවකුගේ ඒකායන මග.
ඔබ දැන් එමගෙහි සිටිත්ද?
එමගට දැන්ම පිවිසෙන්න.
අති ඝොරම්බිර මෙ සසර මගින් මිදෙන්න.