Thursday, October 28, 2010

අරි අටගි මග

නිවනට මග
අක් මුල් නොපෙනෙන මේ සසර මග දුක්ගින්නෙන් දැවෙන සත්වයා දුකින් මුදවා ගනු පිණිසම අපමණ කලක් පාරමීදම් පුරා ලොව්තුරා බුදු පදවියට පත් අප මහා බුදුපියාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ දම් සක් පැවතුම් සුතුර නුවණින් අවබෝධ කොට ගනිමු.
දුක, දුකඇතිවීමට හේතුව හෙවත් ආශාව, දුක නැති කිරීම හෙවත් නිවණ, දුක නැතිකිරීමේ මග හෙවත් අරි අටගි මග නම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය ඒ උතුම් දේශනාවයි.

දුක නිවන ආර්‍ය මාර්ගය
නිවැරදි දැක්ම (ලොව පවතින සියල්ල දෙස නුවණින් දැකීම)
නිවැරදි සංකල්පනා(අධික ලෙස ඇලීම් හා ගැටීම් වලින් තොර ව සිටීම)
නිවැරදි වචනය ( මුසාවෙන්,රලුවදනින්,කේලාම් කීමෙන් හා හිස් වදනින් තොරවීම)
නිවැරදි කාය කර්ම( හිංසාවෙන්,සොරකමින් හා කම්සැපයෙහි ලොල්බවින් වැලකිම)
නිවැරදි දිවිපෙවත ( යහපත් ජීවනෝපාය මාර්ගයක යෙදීම)
නිවැරදි උත්සාහය ( අකුසලයෙන් වැලකී කුසල් කිරීමට යොමුවීම)
නිවැරදි සිහිය (සියලු කාර්යයන් හිදී අතිශය සිහිනුවණින් යුතුව කටයුතු කිරීම)
නිවැරදි සමාධිය( ආශාවන් දුරුකොට නිවනට පැමිණීම)

Wednesday, October 20, 2010

අපි මෙත් සිත පුරුදු කරමු

මෛත්‍රී චින්තාව

ඔබ මෙත්සිත පුරුදුකර තිබේද? මෙත් වැඩීම ප්‍රථමයෙන් කලයුත්තේ තමාටමයි. මම එසේ කියන්නේ ඇයි? තමාටවත් මෙත් නොකරන අයෙක් වෙනත් අයෙකුට මෙත් වැඩීමට තරම් සිත සකසා ගන්නේ කෙසේද? එයයි පැණය. ඉදින් මෙත් සිත පුරුදු කරන ඔබ ප්‍රථමයෙන් මෙත් වැඩිය යුත්තේ ඔබටමයි. එසේනම් ඒ සදහා දැන් යොමුවෙමු.
කෙසේද ඔබ ඔබටම මෙත් වැඩිය යුත්තේ? මුලින්ම සිතන්න ඔබ ඔබට සිදුකරන නපුර කුමක්ද කියා. එවිට ඔබට වැටහේවි මම කියන කරුන කෙතරම් වැදගත්ද කියා. දැඩි ආශාව , දැඩි කෝපය , මුලාව වැනි සිත ට වද දෙන සිතුවිලි නිතර නිතර ඔබ සිත තුල පහල වේ නම් එයින් ඔබ ඔබට සිදුකර ගන්නේ නපුරක්මය. එවන් සිතුවිලි ‍ පාලනය කර ගනිමින් නිතර ඔබේ සිත තුල දැහැමි සිතුවිලි ජනිත කරගන්න.
එයින් ඔබ ලබන සිසිල ඔබතුල මෙත් සිතුවිලි ජනිත කරනු ඇත. එසේ ඔබතුල ජනිතවන සිතුවිලි යහපත් කරගන්නාවිට මෙත් වැඩීම සදහා සුදුසු පුද්ගලයෙකු බවට ඔබ පත්වේ. අන්න්‍යයන්හට මෙත් වැඩීමට ඔබ දැන් සුදුසු තත්වයක සිටී.
මම නිදුක් වෙම් වා, නිරෝගි වෙමිවා, දුකින් මිදෙම් වා යි ප්‍රථමයෙන් තමාටම මෙත් සිත පතුරුවන්න. දෙවනුව මාගේ ගුරුවරයෝ ද, දෙමව්පියෝද, අඹු දරුවෝද නිදුක්වෙත්වා ,නිරොගි වෙත්වා,දුකින් මිදෙත්වායි සිතුවිලි යොමු කරන්න. නැවත මාගේ අසල් වැසියෝද , සියලු ලෝ වැසියෝ ද නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා යි ලෝ වාසී සියලු සත්වයන් වෙතම මෙත් සිත පතුරුවන්න.
ඔබ නීරෝගි වනවා ඇත.

Tuesday, October 19, 2010

Seth kawi

Budu sarana we wa - Sadaham sarana we wa
Sanga sarana we wa - methun saranin jayama we wa.

aya maga wede'wa - weya maga aduwa yewa
jaya sathuta we wa - ape ge siri niwesa we wa

a'llen diya galana lesata - aya ganga nega e'waa.
welleth banbare kerekena - kaalaya honda wewaa
illam dana nidan samaga - perapina mathu wewaa
pallam besa giya diyunuwa - aayeth nega e'waa

perapina nege'waa - kala pau pala nodewaa
dew rekma wewaa - siyal gahados apala y'ewaa

eswaha katawaha howaha ye'waa
dos hadi anawina was dos ye'waa
desda dewol soonim kepe'waa
aswee nawagaha dos jaya we'waa

mawu piya daru pema ekata bende'waa
darusitha mawu piyanata nathu w'ewaa
apage' daruwo keekaru wethwaa
diyune jayamaawatha susadathwaa

SARASAWI WARAM LEBEEMATA
denum sawi sihisawi -
basa sawi sip kala sawi
sathara sawi sarasawi -
mawuni mata duna menawi siw sawi

GANAPATHI DEVINDU PIHITA LEBUMATA

athehi potha athi dewi -

nuwanata isuru gana dewi
gath lowe aga padawi -
denna mata sihi nuwana yuga sawi

proprietary ship of seth kawi: Arisen Ahubudu Soorin
Neth product.

Friday, October 15, 2010

සසර ගමන (සංසාර චක්‍රය)

නිමක් නැති සසර සයුර

පොඩ්ඩක් සිතුවාද ඔබ නිමක් නැති මේ සසර ගමන ගැන. එසේනම් ඔබ තවම සිටින්නේ ‍සසර නම් වූ ඒ අතිශය ඝොර බිරම් වූ ගොහොරු ‍මඩේ එරීගෙනය. චුට්ටක් සිතන්න මෙයින් ගැලැවෙන මග ගැන. සමහරවිට ඔබට ඒ සදහා කාලය නැතිවා වියහැකියි. නමුත් ප්‍රඥා වන්‍තයින් සදහාම දේශනා කලාවූ‍ බුදු දහමින් සිසිල විදින බොදුනුවෙක් වූ ඔබට මෙහිදී කාලය කෙසේවත් ප්‍රශ්නයක්නොවිය යුතුයි.

අතිශය දීර්‍ඝවු මේ සසර ගමන දෙස බලන කල වසර හැට හැත්තෑවකට සිමාවු අපගේ ජීවිත කාලය කෙතරම් අල්ප කාලයක් දැයි අවබෝධ කරගත හැකි වනුයේ ප්‍රඥාවන්තයින්ටම පමනි. පඤඤා ලෝකස්මිං පජ්ජතෝ

එහෙයිනි බුදු පියාණන් වහන්සේ දේශනා කොට ව‍දා‍ළේ

අවිද්‍යා‍‍‍‍ පච්චයා සංකාරා (පඥාව නොමැතිවීම සසරට හේතුවයි)
සංකාර පච්චයා විඤඤාණ (සසර පැවැත්ම සදහා විඤඤාණ හෙවත් සත්වයාගේ හටගැනීම වේ)
විඤඤාණ පචිචයා නාම රෑප (සත්වයා ගේ හටගැන්ම සමග නාම රෑප ඇතිවීම සිදුවේ)
නාම රෑප පච්චයා සලායතන ( නාම රෑප දෙක පවතින්නේ ඉන්ද්‍රිය සය සමග බද්ධ වීගෙනය)
සලායතන පච්චයා ඵස්ස ( ඉන්ද්‍රියන්ගේ ස්‍වභාවය නම් රූපාදියෙහි ගැටීමයි)
ඵස්ස පච්චයා වේදනා ( රූපාදියෙහි ගැටීම නිසා වින්දනය ට යොමුවේ)
වේදනා පච්චයා තණ්හා (වින්දනයට යොමුවූ විට හටගන්නේ ආශාවයි)
තණ්හා පච්චයා උපාදාන (ආශාව නිසා සිදුවන්නේ උපාදානය හෙවත් අල්වා ගැනීමයි)
උපාදාන පච්චයා භව (එසේවූ රාගාදි ආශාව අලලාගත්කල නැවත සසර මගට හේතුවේ)
භව පච්චයා ජාති,ජරා,ව්‍යාධි,මරණ,දුක්ඛ දොමනස්ස ( සසර මගට වැටීම නිසා නැවත ඉපදිම,වයසට යෑම,ලෙඩවීම,මරණයට පත්වීම හා අනන්ත දුක් වේදනාවන්ට පත්වීම සිදුවේ)
මෙයයි අප තිලොවග බුදුපියණන්වහන්සේ ණුවැනැතියන් සදහා දේශනා කොට වදාළ පටිච්ච සමුප්පාද ධර්‍මතාවය.

Monday, October 11, 2010

චතු අරිය සත්‍යය

පරම සත්‍යය හැදින ගන්න.

දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, සහ දුක නැතිකිරීමෙ මග යන මේ පරමාර්ථ සත්‍ය සතර නිවැරදිව අවබෝධ කරගත් නුවණැත්තෝ සැබවින්ම බොදු මගෙන් සිසිල ලබන්නෝමයැ.
මෙවන විටත් ඔබ දුක යම් පමණකින් හෝ හදුනාගෙන ඇති යැයි සිතමි.
දුකට හේතුව වන තණ්හාව හෙවත් ආශාව නොයෙක් මුහුණුවරින් පැමිණ ඔබ වෙහෙසට නැතහොත් දුකට පත්කරන බවත් එහි ඇති භයානක ස්වභාවයත් හොදින් තේරුම් ගෙන ටිකින් ටික චුට්ටෙන් චුට්ට හෝ ආශාවන් අඩුකර ගැනීමට ගන්නා උත්සාහය
ඔබව සිසල වෙත සමීප කරනු ඇති බවත් සිහි නුවණින් වටහා ගෙන කටයුතු කර දිවිමග ජය සතුට අත්කර ගන්නා අතර සසර මග කෙටිකර ගැනීමට ද හැකි බව සිතන්න.
එසේ නම් දුකත් දුකට හේතුව වන ආශාවත් අවබෝධ කරගත් ඔබ දුක නැතිකිරීම හෙවත් ආශාවන් ප්‍රහීන කිරීම තුලින් ලැබියහැකි නිවන (සිසිල) ලගාකර ගැනීම උදෙසා ක්‍රියාත්මක විය යුතු පිළිවෙල හදුනාගැනීමට නොපසුබට වන බව නොඅනුමානය. ණුවනැත්තෝ ඒ වෙනුවෙන් වෙහෙස වන්නෝමයැ.
දුක නැතිකරගැනීම හෙවත් නිවනට මග නම් අප මහ බුදුපියානණ් වහන්සේ දේශනා කොට වදාළ අරි අටගි මගම වන්නේය.

Tuesday, October 5, 2010

ඔබ දුකින් සිටින්නෙහිද?

දුක නැතිකරන බොදු මග

ඔබ සිටින්නේ දුකින්ද? මේ පැනය ඔබෙන් මා විමසුවහොත් බොහෝවිට ඔබ පිළිතුරු දෙන්නේ ඔව් කියා නොවේද? ඇයි ඔබ දුකින් සිටින්නේ කියා විමසුවහොත් ඒ සදහා ඔබ බොහෝ හේතු දක්වනවා ඇත. බලාපොරොත්තුවන අය,දෙය හෝ තත්වය නොලැබී යාම. අකමැති දෙය කරන්නට වීම වැනි නිදසුන් කීපයක් මෙහිදී දැක්විය හැක. නමුත් ඔබ දන්නවාද? මෙහිදී අප තථාගත බුදු පියානණ් වහන්සේ ගේ නිමල බුදු දහමට අනුව ඇත්තේ එකම එක හේතුවක් බව.
ඒ නම් වෙන කිසිවක් නොව තෘෂ්ණාව හෙවත් ආශාවයි.
එසේනම් ඒ කුමක් සදහා වූ තෘෂ්ණාවක් ද, නැතිනම් ආශාවක්ද?
ඒ වෙනකිසිවක් සදහා නොව පස්කම් සැප සදහාම වූ ආශාවයි. ආශාවන් කරා ඔබව ඇදගෙන යන්නාවූ ඉන්ද්‍රිය පසක් හෙවත් ශරීර අංග පහක් ඔබ සතුය.
ඇස කණ නාසය දිව සහ ස්පර්ශක යන මේ ශරීර කොටස් නිරතුරුවම ඔබව ආශාවන් කරා ඇදගෙන යත්.
දැන් නැවතත් සිතන්න. ඔබේ ඇස දකින ඔබ සුන්දරයැයි සිතන කිසිවක් නිසා හෝ කණට ඇසෙන මධුර නද නිසා හෝ නාසයට දැනෙන ආග්ඝ්‍රහණය නිසා හෝ දිවට දැනෙන මිහිරි රස නිසා හෝ ශරීරයට දැනෙන සුව පහස නිසා හෝ ඔබ කිසිදින තෘප්තිමත් වීද? එසේ නම් ඒ කිසිවකින් තෘප්තිමත් නොවන විට අවසන ඔබ පත්වන්නේ දුකට නොවේද කියා මොහොතකට සිතා බලන්න. දැන් ඔබ දුකට හේතුව හැදින ගත්තා නේද?
එසේනම් සිසිල දැන් ඔබට ලංව ඇතිබව දැනෙනවා ඇති. හැබැයි ඒ සිසිල අත් විදීමට නම් ඔබ ඔය ආශාවන් ගෙන් ටිකින් ටික ඈත්වීමට හුරු පුරුදු වියයුතුයි. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. එයමයි නිවනට මග වන්නේ.

Friday, October 1, 2010

ඹබ සැබවින්ම සතුටින්ද?

සතුට කොහි ඇත්ද?

සතුට සොයා, සතුට වෙනුවෙන් ඹබ කොපමණ නම් වෙහෙස වන්නෙම්ද? නමුත් ‍වෙහෙසවී ඹබ ලැබූ සතුටක් ඇත්ද? සතුට සොයා දුවන්න එපා. මොහොතක් නවතින්න. දැන් සිතන්න. සතුට ඇත්තේ ඹබ ලගමයි, ඇයි ඹබ තවම එය නුදුටු‍වේද?
එසේනම් ඔබ එය දැකගැනීමට සතුටු ඇතිනේද? කලබල නොවන්න ඔබ සතුට සොයා දිව යන විට සතුට ඔබ වෙතින් ඈතට දිව යනු ඇති. ඔබ සතුට ලැබීමට කැමති නම් ඉවසීම පුරුදුකරන්න. දුක සැප, ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, හෝ වෙනත් ඕනෑම හේතුවක් නිසා අපමන උද්ධාමයට හෝ කම්පාවට පත් නොවන්න. සියල්ල උපේක්‍ෂාවෙන්ම විදදරාගැනීමට පුරුදු වන්න. පැමිණෙන දුක් පැණිරසයැයි සිතන ඔබ ලගට සතුට ලංවන්නේ නිරායාසයෙනි. ඇයි,ලද දෙයින් සතුටුවීම, එයත් ඔබ සතුටින් සතුට වෙතම ගෙනයන උපකාරකයෙක් බව සිතන්න.
ඉනුත් ඔබ්බට සතුට ඔබ වෙත ලංකරගැනීමට ඔබ යුහුසුලු වන්නේනම් අල්පේක්‍ෂ ජීවිතයකට හුරු වන්න. එනම් ඉතා සුලු දෙයින් යැපීමට පුරුදුවන්න. දැන් සැබවින්ම ඔබ සතුට ජීවිතයට ලංකරගත් බොදු සිසිල හදුනාගත් වාසනාවන්තයෙක්මයැ.