Monday, September 6, 2010

බොදු සිරිත

බොදු සිතුවිලි
සිදුහත් උපත සිදුවූ වෙසග පුන් පෝ දා ලොව්තුරා බුදු පදවි ලැබීමත් පිරිනිවීමත් යන තෙමගුල් කරුණු සිදුවින. එබැවින් වෙසග පෝ දින ‍සකල ලෝ වාසී සැම බොදු දනහට ඉමහත් වැදගත් දිනයකි. එහෙයිනි එදින අති මහත් බහුතර ජනතාවක් පෙහෙවස් සමාදන් වීම අනේකවිධ ආමිස පූජාවන් සිදුකිරීම වැනි උතුම් කටයුතු සිදුකරනුයේ. ඔබ බොදුනුවෙක්, කිතුනුවෙක්, හෝ වෙනත් ඕනෑම ලබ්දිකයෙක් වුවත් මෙ අසිරිමත් වෙසග දිනය සතුටු දිනයක් ලෙස සලකන බව නොඅනුමානය. අනාදිමත් කාලයක් පෙරුම්පුරා ලෝ සත වෙත පතලාවූ මහා කරුණාවෙන් උතුම් සදහම් මග ලොවට හෙලිකලාවූ අප මහා බුදු පියාණන් වහන්සේ ගේ ඒ උතුම් සදහම් මග අප අපගේ ජිවිත වලට කෙතරම් ප්‍රා‍යෝගික කරගෙන ඇත්ද?අපගේ ප්‍රායෝගික ජිවිතයත් බුදු දහමත් අතර කිසියම් පරතරයක් ඔබ දකින්නේද? එසේනම් එහි
අරුත වනුයේ ඔබ තවමත් බුදුදහමින්ජිවිතයට ලැබෙන සිසිල අත් නොවිදින බවයි.
උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මිනිසත් බව ලැබූ ඔබ ඒ උත්තම බුදුදහමින් පෝෂනය වූ දිවයිනක වෙසෙමිනුත් බුදු සිසිලෙන් ජිවිතයට ලැබෙන සිසිල අත් නොවිද සිටී නම් තවත් කල් නොහැර අදම ජිවිතයට අලුත් අරුතක් එක්කරගැනීම‍ට යොමු වෙමු.

බුදු සරණ වෙවා.
සදහම් සරණ වෙවා.

සග සරණ වෙවා.
මෙතුන්සරණින් ජයම වෙවා!