Thursday, December 30, 2010

සිහිය, නුවණ, බුද්ධිය, ප්‍රඥාව

ප්‍රඥාවෙන් තොරව නිවන් ලැබිය හැකි නොවේ.

බෞද්ධ දර්ශනය ප්‍රඥාවන්තයින් සදහාම වු දහමක් බව අප අවිවාදයෙන් පිලිගන්නා සත්‍යයකි. ප්‍රඥාවන්තයා යනු ඔබ කෙසේ අර්ථ දක්වන්නේද? උගතා, බුද්ධිමතා හෝ නුවණැත්තා යන මේ වචන වලින් ප්‍රඥාවන්තයා හැදින්විය හැකිද? පොත පත උගත් පමණින් ප්‍රඥාව වැඩෙන්නේ නැත. තැනට සුදුසු පරිදි ක්‍රියා කිරීමේ හැකියාව වූ නුවණ තිබූ පමණින් හෝ ප්‍රඥාවන්තයෙක් වන්නේ නැත. බුද්ධි පරීක්ෂණයකින් ඉහලම ලකුණු ලැබුවකු විමත් ප්‍රඥාවන්තයෙක් යැයි හැදින්වීම උදෙසා ප්‍රමානවත් සාධකයක් යැයි නොසිතන්න. මිනිසත් බව ලැබූ සැවොම (මන්ද මානසිකත්වයෙන් පෙලෙන්නහු හැර) කිසියම් ප්‍රමානයකින් ප්‍රඥාවන්ත අයෙක් වන්නේය.
බුදු දහමේ මූලික හරය වන්නේ ප්‍රඥාව දියුනුකර ගැනීම උදෙසා වීර්ය වැඩීමවේ. එහිදී ප්‍රධාන සාධකය වන්නේ සිහිය නිසිලෙස පවත්වා ගැනීමයි. සම්මා සතිය ලෙස දැක්වෙන්නේද එයයි. භාවනා වැඩීම තුලින් සිදුකරනුයේද සිහිය එකලස් කිරීම තුලින් ප්‍රඥාව දියුනු කිරීම වේ. අපගේ එදිනෙදා සියලු කටයුතු සිහියෙන් යුතුවම කිරීමට යොමුවිය හැකිනම් ප්‍රඥාව දියුණු කරගැනිම එමගින් වර්ධනය කරගතහැකිවේ.
නුවණ ඇති ශ්‍රද්ධාවන්තයෝ වෙහෙස වන්නේ ප්‍රඥාව දියුණුකර ගැනීම තුලින් පැමිණිය හැකි උතුම් නිවණට සපැමිනීමටය.