Saturday, February 26, 2011

නව අරහාදී බුදුගුන හැඳින ගනිමු

බුදුපියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ගුන නවයකින් යුතුවූ සේක.

ඉතිපි සො භගවා - අරහං - සම්මා සම්බුද්ධෝ
ව්ජ්ජාචරන සම්‍පන්නො - සුගතෝ - ලෝකවිදූ
අනුත්තරෝ - පුරිස ධම්ම සාරථී
සත්තා දෙව මනුස්සානං බුද්ධෝ භගවාති.

නව අරහාදී බුදු ගුණ

අරහං - නිකෙලෙස් බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ යන අකුසල් මුල් සිඳ දැමූ හෙයින් ද රහසින්වත් පව් නොකරන හෙයින් ද දෙවි මිනිසුන් සියල්ලන්ගෙ පූජාවට සුදුසුවන හෙයින්ද අරහං නම් වන සේක.

සම්මා සම්බුද්ධෝ - කිසිවකුගේ උපදේශයකින් තොරවම පරම සත්‍යය අවබෝධකොට ගත් හෙයින් ද ඒ අවබෝධකරගත් ධර්මය මනාකොට දේශනා කරන ලද හෙයින් ද සම්මා සම්බුද්ධ වන සේක.


විජ්ජා චරන සම්පන්න - පුබ්බේ නිවාසානුස්සති
චුතූපපාත
ආසවක්ෂය
පරචිත්ත විජානන
දිබ්බ චක්කු
දිබ්බ සොත
ඉනද්‍රිය පරෝපරියත්ත
ඉද්ධිවිද
යන මෙ අෂ්ඨ විද්ධ්‍යා ‍වන්ගෙන් සමන්විත හෙයින් ද චරන හෙවත් ශිලයෙහි පිහිටා සිටි බැවින්ද විජ්ජා වරන සම්පන්න ව‍න සේක.

සුගත -ආර්ය අෂ්ඨාංගික මාර්ග දහම අවබෝධ කොටගත් හෙයින් සුගත නම් වන සේක.

ලෝකවිදූ - බඹ දෙව් මනිස් ප්‍රේත අපා ආදී කොට ඇති සියලු ලෝකයන් මැනවින් දත් හෙයින් ද ඒ සියලු ලෝකයන්ගෙන් ම්දුන හෙයින් ද ලෝකවිදූ නම් වන සේක.

අනුත්තර පුරිසධම්ම සාරථි - අනුශාසනා ආදේශනා සහ ඉර්ධිප්‍රාතිහාර්ය යන ත්‍රිවිධ ආකාරයෙන් සියලු ආකාරයේ පුද්ගලයින් දමනය කිරීමට සමත්වන හෙයින් පුරිසධම්ම සාරථී නම් වනසේක.

සත්තා දේව මනුස්සානං

බුද්ධෝ
- චතුරාර්්‍ය සත්‍ය ධර්මය අවබෝධකොට දේශනා කරන ලද හෙයින් බුද්ධෝ වන සේක.

භගවා - සියලු ගුණ දරාසිටින බැවින් භගවා නමි වන සේක.

ඒ තිලොවග බුදු පියාණන් වහන්සේ නිවනින් සැනසෙන තුරා මම සරණ කොට ගනිමි.
බුද්ධං ජීවිත යාව නිබ්බානං සරණං ගච්ඡාමි.
යෙච බුද්ධා අතීතාච - යෙච බුද්ධා අනාගතා
පච්චුප්පංනාචයේ බුද්ධා - අහං වංදාමි සබ්බදා
නත්තිමෙ සරණං අංඤං - බුද්ධෝමෙ සරණං වරං
එතෙන සච්ඡවජ්ජේන - හොතුමෙ ජය මංගලං
උත්තමං ගෙන වංදෙහං - පාදපං සුවරුත්තමං
බුද්දොයො කලිතො දොසො - බුද්ධො කමතුතං මමං.